The Breakfast Club (1985) | අප කවුරැන්ද…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතිං නැවතත් ඉක්මනින් චිත්‍රපටයක් සඳහා උපසිරසියක් රැගෙන ආවා. වෙනදා වගේම පැරණි චිත්‍රපටයක් තමා මෙවරත් රැගෙන ආවේ. චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න කලින් මුලින්ම මෙහි අන්තර්ගත වෙන කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්.මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙන්නෙ ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ පිහිටි උසස් පාසලක් වටායි. මෙම පාසලේ වැරදි කරන සිසුන්ට හම්බවෙන දඬුවම තමා, සෙනසුරාදා දවසේ පාසල් පැමිණ, මුළු සෙනසුරාදා දවසම ගුරැවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉන්නට සිදුවීම. ඉතිං පාසල් වේලාව තුළ විවිධ වැරදි වලට හසුවුන සිසු සිසුවියන් 5 දෙනෙක් මෙසේ සෙනසුරාදා දින මෙම දඬුවමට මුහුණ දීම සඳහා පාසලට පැමිණෙනවා. මෙම 5 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් තිදෙනෙක් සහ සිසුවියන් දෙදෙනෙක් අන්තර්ගතයි. ඇත්තටම මොවුන් පස්දෙනා එකිනෙකට හාත්පසින්ම වෙනස් ගතිගුණ තිබෙන, විවිධාකාර පවුල් පසුබිම් තුළ ජීවත් වෙන, එකිනෙකට කිසිසේත්ම නොගැලපෙන පුද්ගලයින් පස් දෙනෙක්. ඉතිං මොවුන් පස්දෙනා පාසලේ ශාලාවකට වී විවිධ දේ සාකච්ඡා කරමින්, තම තමන්ගේ අදහස් හුවමාරැ කරගනිමින් එම සෙනසුරාදා දවසේ පැය කිහිපය ගත කරන අයුරැ තමා මෙම චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ.1985 වර්ෂයේ තිරගත උන මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ 80 දශකය තුළ ඉතා ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයකු වූ John Hughes විසින්. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද Ferris Beuller’s Day Off (1986) සහ Planes, Trains & Automobiles (1987) නැමැති චිත්‍රපට 2ටත් මං මීට පෙර උපසිරසි ලබාදුන්නා. මෙය හොලිවුඩ් සිනමාවේ බිහිවුන ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය නිකුත් වෙලා අද වෙනකොට වසර 30කටත් වැඩි කාලයක් ගතවෙලා තිබ්බත් මෙම චිත්‍රපටය අදටත් හොලිවුඩයේ ඉතාමත් ප්‍රසිද්ධයි. මෙයට රංගනයෙන් දායක වෙලා තිබෙන්නෙ Emilo Estevez,Judd Nelson,Molly Ringwald,Paul Gleason යන නළු නිළියන්. මෙම චිත්‍රපටය ලක්ෂ තුනකට ආසන්න ඉහල ප්‍රේක්ෂක ඡන්ද ප්‍රමාණයකින් 7.9 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම Hollywood Reporter නැමැති වෙබ් අඩවිය නිකුත් කෙරෑ Hollywood’s 100 Favourite Films කියන ලැයිස්තුවේ මෙම චිත්‍රපටයට හිමි උනේ 27 වෙනි ස්ථානය. එමෙන්ම හොලිවුඩ් සිනමාවේ High School ආශ්‍රිතව නිපදවුනු චිත්‍රපට අතරින් මෙම චිත්‍රපටය තමා හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන්නෙ. විවිධ සඟරා, වෙබ් අඩවි මගින් High School ආශ්‍රිතව නිපදවුනු හොඳම චිත්‍රපට ලැයිස්තුවක් නම් කරොත් අනිවාර්යෙන්ම මෙම චිත්‍රපටයට තමා ප්‍රථම ස්ථානය හිමිවන්නෙ. එමෙන්ම 80 දශකයේ ප්‍රකට ගීතයක් වන Don’t You (Forget About Me) නැමැති ගීතය තමා මෙහි තේමා ගීතය වී තිබෙන්නෙ.

ඇත්තටම මෙම චිත්‍රපටය අපි එදිනෙදා දකින චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස්. චිත්‍රපටයකටත් වඩා, මෙය චිත්‍රපටයේ සිටින චරිත අතර සිදුවන සාකච්ඡාවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. මෙම චිත්‍රපටය පුරාවටම තිබෙන්නෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන, එම පාසල් සිසුන් පස්දෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්නා අයුරැයි. එහිදි මොවුන් තම තමන්ගේ චරිත ස්වභාවය, පවුල් පසුබිම, තම තමන්ගේ හැඟීම් ආදී නෙයෙක් දේ එකිනෙකා අතර බෙදා හදාගන්නවා. හුඟක් වෙලාවට මෙම චිත්‍රපටය ගෙවී යන්නෙ එකම පසුතලයක් ආශ්‍රිතව. ඉතිං ඔබට හිතේවි මේක කම්මැලි චිත්‍රපටයක් කියා. ඉතිං එවැනි පසුබිමක් තුළ මෙම චිත්‍රපටය ගෙවී යන විනාඩි 97ක කාලය තුළ කිසිම කම්මැලි කමක් නොදැනෙන අන්දමට මෙම චිත්‍රපටය නිපදවීමට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය තුළින් ඔබගේ ජීවිතයට එක්කාසු කර ගැනීමට හැකි කරැණුත් බොහෝමයක් තිබේවි. ඉතිං වෙනස් විදියේ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මෙය නරඹන්නට ආරාධනා කරනවා. ඒ වගේම මෙය පාසල් ළමුන් ආශ්‍රිතව නිර්මාණය වුන කතාවක් වුනත් මෙහි තිබෙන අසංවර භාෂාව නිසා මෙය R කාණ්ඩයට ඇතුළත් උන චිත්‍රපටයක්. මේක මගේ 32 වෙනි උපසිරසි නිර්මාණය. තවත් වටිනා සිනමා සිතුවමකට උපසිරසක් රැගෙන ඉක්මනින්ම පැමිණීමේ බලාපොරොත්තුව පෙරදැරිව මං දැනට සමුගන්නවා. ඔබ සැමට ජය ජයෙන්ම පතමි !

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න.. www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 600MB |

9B133C554D3C329D48515EA7540FE555DBD8AD1A

Direct Download 

| Bluray | x264 | 720p | 600MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!