Amar Akbar Anthony (2015) | අපූරු යහලුවන් තුන්දෙනා

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිකරනය. ඒ නිසා අඩුපාඩු වැරදි තියේ නම් කියා දෙන්න. ඇත්ත වශයෙන්ම මං ලොකූ මලයාලම් පිස්සෙක්. මේකත් ඉතාමත් ලස්සන මලයාලම් කොමඩි ෆිලුමක්.මෙහි රඟපාන්නේ අපි කවුරුත් දන්න හඳුනන සෙට් එකක්. Prithviraj Sukumaran, ප්‍රිත්විරාජ්ගේ මල්ලි Indrajith Sukumaran, ඒ වගේම මලයාලම් සිනමාවේ වෙනස් වෙනස් චරිත කරන Jayasurya ප්‍රධාන චරිත 3 කරනවා. 2006 දී උන්මාදක් වූ Classmates චිත්‍රපටයට පසුව මේ තුන්දෙනා එකට එකතු වුණේ මේ චිත්‍රපටයෙන්. මීට අමතරව, Asif Ali, Namitha Pramod, Srinda Ashab යන අයද අපට මෙයින් දැකබලා ගන්න පුලුවන්.මෙය Musical, Comedy යන කාණ්ඩ යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. කතාව පැත්තට ගියොත් අමර්, අක්බර්, ඇන්තනී කියන්නේ මධ්‍යම පාන්තික ගජ යාලුවෝ තුන්දෙනෙක්. ගෙවල්වලත් තියෙන දහසකුත් ප්‍රශ්නත් එක්ක මෙයාලා පඩියෙන් සල්ලි ඉතුරු කර ගනිමින් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා. ඒ තායිලන්තයේ පට්ටායා බීච් එකට. ඒත් හිතන් ඉන්න තරම් ලේසියෙන් මෙයාලට මේ වැඩ කරගන්න වෙන්නේ නෑ. සිද්ද වෙන එක සිදුවීමක් නිසා මෙයාලගේ ජීවිත උඩු-යටිකුරු වෙනවා. ඒ සිද්ධිය මොකක්ද? මේ තුන් දෙනාට මොකද වෙන්නේ කියලා හොයාගන්න නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්න වෙනවා.

කොමඩි වුණත් සමාජයට හොඳ පණිවිඩයක් දෙන ලස්සන චිත්‍රපටයක්. එතෙක් මෙතෙක් වැඩිම ආදයම් ලබපු මලයාලම් චිත්‍රපටි අතරින් Amar Akbhar Anthony ෆිල්ම් එක ඉන්නේ #13 වැනි තැන. විකිපීඩියාවලට අනුව මෙය නිර්මාණය කරන්න ඉන්දියානු රුපියල් කෝටි 6.7 ගිහින් තියෙනවා. මෙය උපයා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 28.5 කි.

මෙහි සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ, 5 Sundarikal, 100 Days of Love, Pathemari, Maheshinte Prathikaram, Aby, Thondimuthalum Driksakshiyum, Carbon ආදි ෆිල්ම් වල සංගීත නිර්මාණය කල Bijibal ය. ඇත්තටම මෙහි සංගීතය ඉතාමත් ලස්සනයි. මේකේ සිංදු 3යි තියෙන්නේ. ඒ 3 උපරිමේටම තියෙනවා. එයින් එක ගීතයක්, මෙහි එන ප්‍රධාන නලුවන් තුන්දෙනා වන Prithviraj, Indrajith හා Jayasurya තමයි ගයන්නේ.

විස්තර ඇති නේද? මං හිතනවා මේ ලිපිය කියෙව්ව ඔයාව, මේ ෆිලුම බලන්න පොළඹවන්න මට පුලුවන් වුණා කියලා. බොහොම ස්තුතියි සියලු දෙනාටම !!

 ” I’m trying to learn the lessons of the past
but not to make speeches about the past “
‘මම අතීතයෙන් පාඩම් ඉගෙනගන්න උත්සාහ කරනව මිසක්
අතීතය ගැන කතා පවත්වන්නේ නැහැ’

~ Yitzhak Rabin ~
(ඊශ්‍රායලයෙ ඉපදුන පළමු  ඊශ්‍රායල් අගමැති)

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP  | x264 | 1CD | 700MB |

c076ecacdb146f149e4a215da05da1e50d94c3b1

Direct Download 

| DVDRIP | x264 | 1CD | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Amar Akbar Anthony (2015) | අපූරු යහලුවන් තුන්දෙනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!