7 Days in Entebbe (2018) | ලොව සාර්ථකම මුදවා ගැනීමේ මෙහෙයුම…

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න  මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න මේ වගේ සටහනක් දානවා. ඉතිං ඒ සටහන මං එතුමාගෙත් අවසර ඇතුව උපුටාගෙන මෙතන පළකරනවා.“1976 ජූලි 03 දින ප.ව. 11.00 ට C – 130 ගුවන්යානා 4 ක නැගුනු ඊශ්‍රායෙල් ‘සයරෙට් මට්කල්’ කොමාන්ඩෝ බලකායේ සෙබළුන් 100 ක් ටෙල් අවිව්හි බෙන්ගූරියන් ගුවන් තොටුපලෙන් ගුවන්ගතවූයේ කි.මී 3500 ක් දුරින් පිහිටි උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල වෙත කොමාන්ඩෝ මෙහෙයුමක් සඳහා පිටත්වීමට.ඔවුන්ට පැවරී තිබුනු වගකීම වූයේ 1976 ජූනි 26 දින පලස්තීන විමුක්ති සටන්කාමීන් විසින් පැහැරගෙන තිබුණු ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙහි සිටි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමයි. මේ වික්‍රමාන්විත මෙහෙයුමට අණදුන්නෙ වත්මන් ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අයියා යෝනි නෙතන්යාහු මේ මෙහෙයුමේදී දිවිපිදුවා. කෙසේවුවත් මේ මෙහෙයුම ලෝක යුද ඉතිහාසයේ මෙවැනි පන්නයේ සාර්ථකම මෙහෙයුමයි. ප්‍රාණ ඇපකරුවන් 106 දෙනෙකු අතරින් 103 දෙනෙකු බේරාගැනුනු අතර එයින් 10 දෙනෙක් තුවාල ලැබුවාමෙන්ම උගන්ඩා ගුවන් හමුදාවේ බාගයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. අප්‍රියෙල් 24 – 25 දිනවල ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඇමරිකානුවන් මුදාගැනීමට සිදුකල මේ මාදිලීයේ ‘ඊගල් ක්ලෝව්’ මෙහෙයුම මුළුමනින්ම අසාර්ථක වූවා. එම මෙහෙයුම ක්‍රියාත්මක කලේ ඇමරිකන් හමුදාවේ Delta Force සුපිරි බලකායයි. එහි ප්‍රථිඵළයක් ලෙස ඊළඟ ජනාධිපතිවරණයෙන් ජිමී කාටර් පරාජය වන්නට පවා හේතුවුනා. යුදෙව්වන් ආශීර්වාදලත් ජාතිය යයි කියන්නේ මේ නිසාම වියයුතුය. ඔවුන් නම් වානේවන් ශක්තිමත් මිනිසුන්ය. කොහොම වුණත් “ඔපරේශන් තන්ඩර්බෝල්ට්”, වික්‍රමාන්විත ක්‍රියා සම්බන්ද උනන්දුවන අය විසින් දැනගතයුතුම එයිතිහාසික සිදුවීමක්. මේ සම්බන්දව නිශ්පාදනය කර ඇති චිත්‍රපට ගනනාවක්ම මා නරඹා තිබෙනවා. අළුත්ම චිත්‍රපටය 7 DAYS IN ENTEBBE නමින් දැන් නිකුත්වී තිබෙනවා. ඉදිරියේ ඇතිවිය හැකි තත්වයන් කෙසේදැයි වඩාත් ආසන්න ලෙස නිශ්චය කරමින් පොදු අරමුණක් ඉටුකරගැනීම සඳහා ඇතිකල සැළසුමකට අනුව ආදර්ශයෙන් පෙරමුණ ගත් නායකයෙක් සමග කණ්ඩායම් හැඟීමෙන්, අකලංක ආත්ම විශ්වාසයෙන් කැපවන පිරිසකට ‘කල නොහැක්කක් නොමැත’ යන්න පසක් කරවන සිදුවීමක් මෙය.”

එම සිදුවීම සිහිවීම වෙනුවෙනුත්, යෝනි නෙතන්යාහු වෙනුවෙනුත් මගී පර්යන්තයේ තබා ඇති සිහිවටනය

ඉතිං බුකියේ උඩට පහලට යන අතරේ මම ඔය සටහන දැකල මේ ෆිල්ම් එක ගැන තව ටිකක් හොයල බලනකොට ඒ මෙහෙයුම ගැන සෑහෙන ආසාවක් ඇතිවෙනවා. ඒ ආසාව තමා ඉතිං අද මේ විදියට සිංහල උපසිරසි එක්ක ඔයාලට අරගෙන එන්නේ මේ විදියට. ඉතිං මේ ෆිල්ම් එක රුගත කරලා තියෙන්නේ ලුකා සහ මෝල්ටා කියන රටවල් දෙකේ. ඉතිං 2016 දි මේකේ ර්ශනය රුගත කරන තැනට ලඟින් තමයි හයිජැක් කරපු ලිබියානු යානය ගොඩ බාල තියෙන්නේ. ඉතිං මේකේ අධ්‍යක්ෂණය José Padilha, ඉතිං මේකට ලැබෙන imdb අගය 5.8ක්. මේක ඇවිල්ලා ඊශ්‍රායලය උත්කර්ෂයට නංවන ෆිල්ම් එකක් නිසා මං හිතන්නේ ලොවපුරා ඉන්න ඊශ්‍රායල් විරෝධීන් මේකේ අගය අඩුවෙන විදියට වැඩ කරලා තියනවා කියලයි. ඉතිං කොහොම උනත් එහෙනම් ඔන්න සත්‍ය කතාවක් රැගත් තවත් පට්ට මුවියක්ඔබට බාරයි. ද්විත්ව ශතකයෙන් මුණගැහෙමු ?

 ” I’m trying to learn the lessons of the past
but not to make speeches about the past “
‘මම අතීතයෙන් පාඩම් ඉගෙනගන්න උත්සාහ කරනව මිසක්
අතීතය ගැන කතා පවත්වන්නේ නැහැ’

~ Yitzhak Rabin ~
(ඊශ්‍රායලයෙ ඉපදුන පළමු  ඊශ්‍රායල් අගමැති)

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB  | x264 | 720p | 915MB |

7253AE4C643E9EF02D15E25673F4361D1B4DD505

Direct Download 

| WEB | x264 | 480p | 300MB |

        

| WEB | x264 | 720p | 730MB |

        

| WEB | MkvCage | 720p | 850MB |

        

| WEB | x264 | 720p | 915MB |

        

| WEB | x264 | 1080p | 1GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!