Viking Legacy (2016)| වයිකිං වරුන්ගේ උරුමය…

ඉදලා ඉදලා මටත් හිතුනා වයිකින් පිලුමකට අත ගහන්න ඕනි කියලා.එකක් හොයා හොයා ඉන්නකොට තමයි මේක ලැබුනේ.අවුරුදු තුනක් විතර පරණ පිලුමක්. හැබැයි මේකේ කතාව නම් ටිකක් වෙනස් පැත්තකට යන්නේ.

Film එක ගැන හැදින්වීමක් කලොත්, මේක නිකුත් උනේ 2016 සැප්තැම්බර් 19. Action, Adventure ගණයට අයත් වන මේක විනාඩි 83 ක් පුරා දිව යයි. ඔලාත් කියන රජ කුමාරිකාව වටා තමයි මේකේ කතාව දිව යන්නේ.ඔලාත්ගේ චරිතයට පන පොවන්නේ Hollie Burrows . ස්වෙන් ගේ චරිතයට පන පොවන්නේ James William Cooke. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Matt Poitras. Liam Dascombe , Daren Elliott Holmes, Abbie Hirst, Les Kenny-Green යන අය සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මේකේ වෙන කතාව ගැන කිව්වොත්, ඔලාත් කියන්නේ අනාගතයේදී රට එක්සේසත් කරලා රජ වෙන්න නියම වෙලා ඉන්න කුමරියක්. මෙයාගේ පොඩි කාලෙදිම මෙයාගේ දෙමුපියෝ මරලා දානවා. මේ රටේ බලය ලබා ගන්න නම් ශුද්ද වූ ලියවිලි හතක් එකතු කරගන්න ඕන. ඔලාත්ගේ තාත්ත ඔලාත්ට රජකම පවරන්න හිතාගෙන ඒ ලියවිලි ටික කතෝලෝක සබාවට දෙනවා. දීලා කියනවා එයා නියම වයසට ආවහම පස්සේ මේ ලියවිලි  ටික එයාට දීලා රජ කරවන්න කියලා. මේ රජාට කලින් හිටපු රජා නෝස්මන් ගෝත්‍රිකයෙක්.ඒ රජාගෙන් ඔලාත්ගේ තාත්තා මේ ලියවිලි හොරකම් කරනවා. පස්සේ ඒ නෝස්මන් රජා ඒ ලියවිලි ටික හොයාගෙන එනවා. එන්නේ එයාලගේ පුතාලත් එක්ක. එක පුතෙක් තමයි ස්වෙන් කියන්නේ. නොස්මන් රජා ස්වෙන් වයි තව එයාගේ කට්ටියකුයි වෙරළේ නවත්තලා යනවා. ඒ සෙට් එකට වෙන ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිල්ල ගහනවා. අන්තිමට ස්වෙන් විතරි ඒකෙන් බේරෙන්නේ. ඔය අතරේ නොස්මන් රජා යනවා අර ලියවිලි ටික හොයාගෙන. එයා හිතන්නේ ඔලාත් ලග මේ ලියවිලි ටික තියෙනවා කියලා. කොහොමහරි එයා ඔලාත් ඉන්න ගමට පහර දෙනවා. හැබැයි කොහොමහරි ඔලාත් එතනින් පැන ගන්නවා. අරහේ ස්වෙන් හරි අමාරුවෙන් පන ඇද ඇද ඉන්නවා. ඔලාත්ට මගදී වෙන ජාතියක ගෝත්‍රිකයෝ දෙන්නෙක් හම්බවෙනවා. ඔලාත් ඒ දෙන්න එක්ක යනකොට උන් දෙන්නා ඔලාත්ට කරදර කරන්න හදනවා.ඉතින් ඔලාත් එතනින් දුවල යනවා. යන්නේ ස්වෙන් ඉන්න පැත්තට. ස්වෙන් ට පේනවා කට්ටියක් කෙල්ලෙකුට කරදර කරන්න යනවා කියලා. මෙයා ගිහින් එතන වීරයා වගේඅර කට්ටියව මරනවා. ඔලාත් දුවගෙන එනවා කවුද එයාව ගෝත්‍රිකයන්ගෙන් බේරාගත්තේ කියල බලන්න. හැබැයි ස්වෙන් ගේ තත්වේ ටිකක් බරපතල නිසා ස්වෙන්ට සිහිය නැති වෙනවා. ඔලාත් ස්වෙන් ව අරගෙන වෙන තැනකට යනවා ස්වෙන් ට බෙහෙත් කරන්න. දෙන්නගෙන් කවුරුවත් දන්නේ නෑ දෙන්න එකිනෙකාට විරුද්දව යුද්ද කරන හතුරෝ දෙන්නෙක් කියලා. ඊලගට මොකක්ද වෙන්නේ කියලා මම කියන්න යන්නේ නෑ. බලලම දැනගමු මොකද වෙන්නේ කියලා.

නැවත උපසිරසියකින් හමු වන තුරු ජය….??✌?

 

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 623MB |

5D9A556813462E152654C34DE2B071E580B46057

Direct Download 

|  Bluray  | x264 | 720p | 623MB |

        

|  Bluray  | x264 | 1080p | 1.3GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Viking Legacy (2016)| වයිකිං වරුන්ගේ උරුමය…

  • June 18, 2018 at 00:41
    Permalink

    dropapk.com එක download කරද්දි පට්ට Slow නිසා, ඒකට upload​ කරන්නෙ නැතුව , usersdrive.com එකට හරි openload.com එකට හරි upload කරන මෙන් ඉල්ලා සිටිමි.
    –usersdrive.com එක නම් පට්ට speed–

    Reply
    • June 19, 2018 at 08:18
      Permalink

      dropapk ekn dena hama ekma wage openload walinuth denwane.ekn download kargnna.

      Reply
    • June 19, 2018 at 08:16
      Permalink

      ai bri

      Reply
  • April 18, 2019 at 23:01
    Permalink

    Sub eka 623MB movie eke copy eka ekka match wenne na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!