Terminal (2018) | පළිගැනීමේ මාරදූතියෝ!

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා බවයි අන්තරජාලයේ සඳහන් වෙන්නේ. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) හිමි වුණු අගය 5.2/10 ක් වුණත් මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබට හිතේවි මෙය ඊට වඩා ඉහළ අගයක් ගැනීමට සුදුසු චිත්‍රපටයක් බව. චිත්‍රපටයේ කතාව ඉදිරිපත් වන ආකාරය අනුව කතාව මුලදී තරමක් අපැහැදිලි ගතියක් තිබුණත් අවසානය දක්වා නැරඹීමෙන් ඔබට එය වටහා ගත හැකි යි. මිනිත්තු 90ක ධාවන කාලය පුරා කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන්නේ එකට ජීවත්වන කුලී ඝාතකයන් දෙදෙනෙක්, අසාධ්‍ය රෝගයකින් පෙළෙන ගුරුවරයෙක්, මුරකාරයෙක් සහ එක්තරා අවන්හල් සේවිකාවක්, කෘරතර පළිගැනීමක් වෙනුවෙන් සිදුකෙරෙනඑක්තරා දුෂ්ඨ මිනීමැරුම් සැළසුමක ඉත්තන් සහ කොටස්කරුවන් වන ආකාරය යි. මෙහි කතාව ගැන ඊට වඩා යමක් කීමෙන් මම වැලකි සිටිනවා. චිත්‍රපටය නැරඹීමෙන් ම ඔබට මෙහි සිදු වන දේ ගැන දැනගැනීමට ඉඩහරිනවා!

නළු නිළියන්:

  • Margot Robbie – ඇනී/බොනී ලෙසින්
  • Simon Pegg – බිල් ලෙසින්
  • Dexter Fletcher – වින්ස් ලෙසින්
  • Mike Myers – ක්ලින්ටන්/ෆ්‍රැන්ක්ලින් මහත්මයා ලෙසින්
  • Max Irons – ඇල්ෆ්‍රඩ් ලෙසින්
  • Katarina Cas – ක්ලෝයි මෙරිවෙදර් ලෙසින්
  • Nick Moran – ඊලින් ලෙසින්
  • Jourdan Dunn – කොනේහෝ ලෙසින්
  • Matthew Lewis – ලෙනී ලෙසින්
  • Thomas Turgoose – රේමන්ඩ් ලෙසින්
  • Jay Simpson – ඩැනී ලෙසින්
  • Ben Griffin – ටෝබි ලෙසින්
  • Robert Reynolds – වෛද්‍යවරයා ලෙසින්

මේ උපසිරැසි ලබාදී ඇත්තේ Terminal.2018.HDRip.XviD.AC3-EVO සහ Terminal.2018.720p.WEB-DL.x265.PSA පිටපත් වලට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.

ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x265 | 720p | 568MB |

580bfaff6bccbe78ba8221f40f07a3dd21eae5bb

Direct Download 

|  WEB-DL  | x264 | 480p | 258MB |

        

|  WEB-DL  | x265 | 720p | 568MB |

        

|  WEB-DL  | x264 | 720p | 816MB | YIFY |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!