Supergirl [S03 : E22]| ලෝක අවසානය ඇරඹෙයි..

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 22වන කොටස හැකි ඉක්මනටම වගේ. මේ කොටසත් සමගින් තවත් එක කොටසක් පමණයි එන්න නියමිත. එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියෙ අපි දැක්කනේ කාලයක් බොහොම තර්ජනයක් වෙලා හිටිය රෙයින්ව විනාශ කරලා දාලා සෑම්ව බේරගන්න සුපර්ගර්ල් ඇතුළු පිරිසට හැකියාව ලැබුනා කියලා. ඉතින් ඊට පස්සේ අපේ කාරා තීරණය කරනවා තමන්ගේ නිවහනට ඒ කියන්නෙ තමන්ගේ හැබෑ ලෝකය උන ක්‍රිප්ටෝන්වලින් ඉතුරු වෙලා තියෙන ආර්ගෝ නගරය වෙත යන්න. ඒ ගමනට මොන් එල් එහෙමත් කාරා එක්ක එකතු වෙනවා. කාරා උනත් හිතුවේ ආර්ගෝවලට ගිහින් තමන්ගේ අම්මත් එක්ක, තමන්ගේ පැරණි යාළු මිත්‍රයෝ එක්කලා සතුටෙන් ජීවත්වෙන්න කියලා. ඒත් කවුද මන්දා කට්ටියක් කාරව මරන්න හදනවනේ.

කොහොමහරි කාරව මරන්න හදන කෙනාව අල්ලාගෙන බලද්දී තමයි කාරට දැනගන්න ලැබෙන්නෙ සෙලිනා හොද කෙනෙක් වාගේ මූණ පෙන්නගෙන හිටියට ලෝකමරුවන්ව නිර්මාණය කරන අදුරු පූජකවරියන්ගේ ප්‍රධාන පූජකවරිය බව.. හැබැයි ඒ ඇත්ත දැනගන්න කාරා පමා වෙනවා වැඩියි. මොකද ඒ වෙනකොටත් සෙලිනා කාරා ආර්ගෝවලට ගිය යානයත් හොරකම් කරගෙන පෘථිවියට එන්න ඇවිත්. සෙලිනා රෙයින්ගේ විනාශයට පස්සෙත් පෘථිවියට එන්න ඇත්තේ හොදකටනම් වෙන්න බෑනේ ඉතින්. ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් සෙලිනා හදිස්සියේම පෘථිවියට ආවේ මොකටද කියන කාරනාව. රෙයින් මැරුණා කියලා හැමෝම හිතාගෙන හිටියට සෙලිනා කියන හැටියටනම් වෙලා තියෙන්නෙ සෑම් සහ රෙයින් දෙන්නගේ වෙන්වීමක් විතරයි. ඒ වගේම අද රෙයින්ව යළි ගෙන්නගන්න තමයි සෙලිනා උත්සහ දරන්නේ. පියුරිටි සහ පෙස්ටිලන්ස් දෙන්නගේ රුධිරය වෙනුවෙන් DEO එකට පවා පහරදීමක් සිද්ද කරනවා.

හරි එහෙමනම් මේ ටික ඇති. කතාවේ හොදම හරිය යන වෙලාවේ මම ඔක්කොම ටික කියලා හරියන්නේ නෑ නොවෑ. එහෙමනම් ලබන සතියෙ හමුවෙමු!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 275MB |  

52425BED204894E5EB8C621003EEBC302C71C410

 Direct Download 

| HDTV | x265 | 720p | 236MB |

   

| HDTV | x264 | SVA | 275MB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!