Bharat Ane Nenu (2018) | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම්!…

ඔයාට පේනවද අර ඉර බැහැගෙන යනවා?
ඒත්…
ඒ ඉර අපිට පොරොන්දුවක් වෙනවා…
වරද්දන්නෙ නැතුව හෙටත් පායනවා කියලා!
ඒ වගේම…
ඒ පොරොන්දුව කඩන්නේ නැතුව,
එයා හැමදාමත් ඉර පායානවා!
මොකද වෙන්නේ,
එයා එයාගේ පොරොන්දුව කඩලා…
ඉර පෑව්වෙ නැත්නම් එහෙම?
අපි හැමෝටම කළුවරට වෙලා තමයි ඉන්න වෙන්නේ.
ඒ වගේම…
අපි ගාවත් ආලෝකයක් තියෙනවා.
අපිට ඕනේ ඒ ආලෝකය හැමදාමත් ඒ විදියටම අපි ගාව තියාගන්න නම්,
කවදාවත් පොරොන්දුවක් නම් කඩන්න එපා!
මොකද…
පොරොන්දුවක් කියන්නේ විශ්වාසයක්!
ඒ විශ්වාසය නිසයි අපි හැමෝම ජීවත් වෙන්නේ!

පොඩි කාලේ පොඩි පොරොන්දුවක් කැඩුවාම මෙන්න මෙහෙම තමයි මගේ අම්මා මට කියලා දුන්නේ. අපි පොරොන්දු වුනේ පොඩි පොරොන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි, ලොකු හෝ පොඩි වේවා, ඒ වෙච්ච පොරොන්දුව රකින්න බැරි නම් ඔයා කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැ කියලයි මගේ අම්මා මට කියලා දීලා තියෙන්නේ.

කාලය ගෙවිලා ගියා. ජීවිතේ ගොඩක් වෙනස්කම සිද්ධවුණා. අම්මත් මගේ ජීවිතෙන් සමුඅරන් සෑහෙන කාලයක් වුණා. ඒත්, එදා ඒ අම්මා කියලා දීපු දේ තාමත් මගේ හදවතේ දුවනවා. කවදාවත් හිතපු නැති විදියට මටත් පොරොන්දුවක් වෙන්න සිද්ධවුණා. මගේ ජීවිත කාලෙට මං වෙච්ච අමාරුම වගේම ලොකුම පොරොන්දුව.

භාරත් වන මා…
පූර්ණ විශ්වාසය හා පක්ෂපාතීත්වය දරමින්,
ආඥාපනත විසින් ස්ථාපිත….
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට…
ඉන්දියාවේ පරමාධිපත්‍යය හා අඛණ්ඩතාව සුරකින බවට,
මේ අවස්ථාවේ දිවුරා පොරොන්දු වෙමින්,
ආන්ද්‍ර ප්‍රදේශයේ මහ ඇමති ලෙසින්,
මාගේ රාජකාරී කටයුතු කැපවීමෙන් ඉටු කරමින්,
බියෙන් සහ පක්ෂපාතීත්වයයෙන් තොරව,
සෙනෙහසින් හෝ වෛරයෙන් තොරව,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුගමනය කරමින්,
මහජනතාව ආරක්ෂා කරමින් ඔවුනට යුක්තිය ඉෂ්ටකරන බවට,
දෙවියන්ගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙමි!

දේශපාලන මඩ ගොහොරුවෙන් වල් වැදී ගිය සමාජයක්… නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක නොවන… බහුතරයක් මිනිසුන් සතුන් මෙන් හැසිරෙන… දේශපාලඥයින් තම මඩිය තර කර ගැනීමට ඕනෑම ආකාරයක ජඩ, පහත් ක්‍රියාවක් එළිපිට කිරීමට තරම් බියක් සැකක් නැති වාතාවරණයක… වැරදි නිවැරදි කිරීමට දඬුවම් නියම කල විට එයට කෝපය පළකරන රට වැසියන්, දේශපාලන නායකයන් සිටින රටක,… කෝටි සියය ඉක්මවන ජනගහණයකින් යුතු රටක වගකීම් සහගත හෝ වගඋත්තර බැඳිය යුතු කෙනෙකු නැති කල… රටක් ජාතියක් අයාලේ යෑම අරුමයක්ද?

තව කෙනෙක්ගේ මඩ හෝදන්න යනවා නම්, අනිවාර්‍යයෙන්ම අපේ ඇඟේ මඩ ගාගන්න බලාගෙන තමයි අපි යන්න ඕනේ. ඒ වගේ තමයි, යුග ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් බැට කෑ මිනිසුන් සිටින රටක, තවත් මිනිසුන් දේශපාලනයෙන් මෝහයට පත්වී සිටින රටක, තම තමන්ගේ වාසිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේද නොසලකමින්, එකාවන්ව ජනතාව තලා පෙලා දමන්නා වූ දේශපාලන නායකයන් සිටින රටක, මේ වල් වැදී ගිය රට යලි ගොඩනගන්න, යළිත් ඉපැරණි ශ්‍රී විභූතියෙන් විරාජමානව බබලන්නට නම්, අනිවාර්‍යයෙන්ම මේ දේශපාලන මඩ ගොහොරුවට බැහැලා මඩ ඇඟේ ගාගන්න වෙනවා. ඒත්, ජනතාව සිතන්නේ වෙනත් ආකාරයකට නම්, ඒ ජරාජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ ජනතාවට ගිලීමට ඉඩ දී පසෙකට වී බලාසිටිනවා හැර අන් කුමක් කරන්නද?

මේ ප්‍රාන්තයේ මහ ඇමති විදියට,
මාස අටයි, දවස් දහතුනක් මං හිටියා.
පොඩි කාලයක් නම් නෙමෙයි.
ඔයාලගේ අතට මාස අටකට බලය ලැබුණොත් එහෙම,
කරන්න පුළුවන් මොනවද කියලා දන්නවද?
ට්‍රැෆික් නීති හරි, වෙනින් මොකක්හරි නීතියක් හරි,
පිළිපදින්නේ නැතුව අක්‍රමවත්ව ජීවත් වෙන අපේ මිනිස්සුන්ව…
මෙහෙම කරනකොට හික්මීමක් සහිත අය කරන්න පුළුවන්.
වහලා දාන්න ඔන්න මෙන්න තියෙන,
රජයේ පාසල් වල අතීත ශ්‍රී විභූතිය,
මෙහෙම කරනකොට ආපහු ගේන්න පුළුවන්.
කිසිම ගුණාත්මක භාවයක් හරි වගකීම් සහගත භාවයක් හරි නැති,
කොන්ත්‍රාත්කාරයෝ, නිලධාරීන් සහ දොස්තරලා,
මෙහෙම කරනකොට පාලනය කරන්න පුළුවන්.
මේ නීති-රීති තියෙන්නේ අපිට නෙමෙයි, ජනතාවට විතරයි කියලා,
නීතිවිරෝධී ක්‍රියා වල නිරතවෙන දේශපාලන නායකයෝ…
වැරදුණා! සක්කිලි මෝඩයෝ!
උන්ව අපිට බයකරලා තියාගන්න පුළුවන් කොහොමද කියලා දන්නවද?
මෙහෙම කරනකොට!
බලයට ආපු ගමන්ම,
තමන් බලයට ආවේ ජනතාවට සේවය කරන්න කියල අමතක කරලා,
ඒ මිනිස්සුන්ටම තර්ජනය කරගෙන ඉන්න මැර නායකයන්ට…
උන්ගේ තැනදීම පාඩමක් උගන්වන්න පුළුවන්…
මෙහෙම කරනකොට!
නගර වල ඉන්න අය කාලාන්තරයකින් අහපු නැති විදියේ…
ගම් වල මිනිස්සුන්ගේ දුක් ගැනවිලි,
ගමේ සීමාව පහුකරන්නේ නැතුවව
ඒ මිනිස්සුන්ට එතනදීම විසඳුමක් ලබාදෙන්න…
මේ වගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලයකින් කරන්න පුළුවන්කම තියෙනවා…
මෙහෙම කරනකොට!
බලයට පත්වෙලා මාස අටයි, දවස් දහතුනකින් මෙච්චර දෙයක් කළා නම්,
අවුරුදු පහක හරි දහයක හරි කාල සීමාවකට මං බලයේ හිටියා නම්,
කොච්චර පුදුම සහගත දේවල් කරන්න තිබ්බද?
මේ හැමදෙයකින්ම ඔයාලට වැඩක් වුනේ නැහැ කියලා මං දන්නවා.
මගේ පෞද්ගලික ජීවිතේ වෙන දේවල් තමයි
ඔයාලට වැඩියෙන්ම වැදගත් වෙන්නේ කියලා මං දන්නවා!
මං ගැනයි, මගේ පෙම්වතිය ගැනයි…
ඔයාලා මේ සතිය තිස්සේ දක්වපු උනන්දුව, උද්යෝගය,
ඔයාලගේ ප්‍රශ්න වලදීත් ඒ විදියටම පෙන්නුවා නම්,
ඔයාලගේ ජීවිත…
මෙහෙම කරනකොට වෙනස් කරන්න තිබ්බා!

එහෙමත් නැත්නම්,

ඔබතුමන්ලට උවමනාව තියෙන්නේ වෙනසක් නැතුව ජීවත්වෙලා ඉන්න නම්,
ඔබතුමන්ලා එක්ක හැමතිස්සෙම ඉන්න කියලා,
ඔබතුමන්ලා ජන්දෙන් පත්කරගත්ත දේශපාලන නායකයෝ,
මේ විදියට දිගටම ඔබතුමන්ලාගේ ජීවිත කාලකන්ණි කරාවි!
කල යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද කියලා…
ඔබතුමන්ලට බාරයි…!

2018 වර්ෂය තෙලිඟු සිනමාව පැත්තෙන් කොහොමද කියලා කවුරුහරි ඇහුවොත් එහෙම, මං උදාහරණ දෙකක් දෙන්නම්. පළවෙනි එක තමයි, Rangasthalam (2018). දෙවැනි එක තමයි, මේ Bharat Ane Nenu චිත්‍රපටය. ඇතැම් බොලිවුඩ් නිර්මාණ තමන්ගේ නිෂ්පාදන මුදල පවා සොයාගැනීමට අපහසු තත්වයක පසුවෙව්වී, බොක්ස් ඔෆිස් ජයකෙහෙලි නැංවීමෙන් පමණක් සෑහීමකට පත් නොවුණු මේ සිනමා නිර්මාණ ද්විත්වය සිය විජයග්‍රාහී ගමන නිමාකරනු ලැබුවේ, එදා මෙදා තුර ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූ හොඳම චිත්‍රපට නාමාවලියට සිය නාමයන් ඇතුලත් කරගනිමිනි.

විශේෂයෙන්ම, මේ Bharat Ane Nenu චිත්‍රපටය ගැන කියනවා නම්, මේ වර්ෂයේ අප්‍රේල් මස 19 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, නිෂ්පාදනය වුනේ ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ සාමාන්‍ය මුදලකින්. නමුත්, මේ සටහන ලියවෙන මොහොත වනවිට, 2018 වර්ෂයේ ඉන්දියාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතුරින් දෙවැනි වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව වාර්තා කරනුයේ, ඉන්දියානු රුපියල් කෝටි 240 ඉක්මවන දැවැන්ත මුදල් කන්දරාවක් තමන් සන්තක කරගනිමිනි. (දෙමල භාෂාවෙන් තිරගතවීම ආරම්භ වීමෙන් පසු සහ, සැටලයිට් රූපවාහිණි විකාශන අයිතිය ලබාදීමෙන් අනතුරව) දැනට මේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව දෙවැනි වන්නේ, Padmaavat (2018) චිත්‍රපටය සඳහා පමණි. (ඉදිරියේදී මෙම වාර්තා බිඳී යා හැකිය) ඒ වගේම, කලින් කිව්වා වගේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා වලින් පමණක් තම ගමන නිමාකරපු චිත්‍රපටයක් නෙමෙයි මේක. මේ සටහන ලියවෙන මොහොත වනවිට 9000 කට ආසන්න IMDB මනාප සංඛාවකින් 8.8 ක් වැනි අති දැවැන්ත අගයක් කරා ලඟා වෙන්න මේ සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එදා මෙදා තුර ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි ස්ථානය සිය නමට වෙන්කර ගැනීමට පවා මෙම අති විශිෂ්ඨ සිනමා නිර්මාණයට භාග්‍ය උදා වුණා.

Srimanthudu (2015) සහ Janatha Garage (2016) වගේ තෙලිඟු සිනමා නිර්මාණ ඔබට මතක ඇති කියලා තියෙනවා. ඔව්, ඒ සිනමා නිර්මාණ දෙක අධ්‍යක්ෂණය කරපු Koratala Siva තමයි මේ විශිෂ්ඨ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මහේෂ් බාබු වගේ තෙලිඟු සිනමාවේ දැවැන්ත චරිතයක් මෙවැනි විශිෂ්ඨ සිනමා නිර්මාණයක් කරා මෙහෙයවලා, මුරුගදෝස් වැනි දැවැන්තයින් හට පවා කල නොහැකි වූ දැවැන්ත අභියෝගයක් මේ Koratala Siva ජයගන්නේ, මුළු මහත් ලෝකයක්ම විශ්මයට පත්කරමින්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, ලංකාවේ සමහරුන්ගේ මතයට අනුව නම් මහේෂ් බාබු කියන්නේ ඕවරැක්ටින් නළුවෙක්. ඒ අයට කියන්න තියෙන්නේ චිත්‍රපටය නරඹන්න. එදා මෙදා තුර සිය චිත්‍රපට ජීවිතය තුල අති විශිෂ්ඨම රංගනයක නියැලෙමින්, මහේෂ් බාබු නම් රංගධරයා මේ සියල්ලටම ඒ අයට මනාව පිළිතුරු සපයාවි. ඒ වගේම, ඉන්දීය සිනමාවේ තවත් දැවැන්ත රංගන ශිල්පියෙකු වන Prakash Raj මෙම චිත්‍රපටය සඳහාද සිය රංගන කෞශල්‍යය මැනවින් ලබාදෙනු ලබනවා. M. S. Dhoni: The Untold Story (2016) තුල රංගනයෙන් දායක වූ Kiara Advani ප්‍රධාන නිළියගේ භූමිකාව සඳහා පණ පොවනු ලබනවා.

මං හිතන්නේ, තවත් අමුතුවෙන් මේ ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තෙලිඟු සිනමා රසිකයෝ මේ අවුරුද්දේ බොහොම උනන්දුවෙන් බලාගෙන ඉඳපු චිත්‍රපටයක් කියලා හොඳටම දන්නවා. එහෙනම්, දැන් ඉතිං අරගෙන බලන්නයි තියෙන්නේ. සමහරවිට තෙලිඟු චිත්‍රපට නරඹන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම්, ඉන්දියානු චිත්‍රපට නරඹන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත්, වගකීමෙන් කියනවා, Amazon Prime වැනි සිනමා ක්ෂේත්‍රයේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක් මගින් විකාශන අයිතිය ලබාගත් මෙම සිනමා නිර්මාණය, ඔබගේ ජීවිත කාලය තුල ඔබට නැරඹීමට ලැබුණු අති විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වනු නිසැකයි. මෙය මගහැර ගන්නවා කියන්නේ සැබවින්ම ඔබ කරගන්නෙ ඉමහත්වූ පාඩුවක්. අරගන්න… මනසින් නරඹන්න… නිසැකවම ඔබටත් යමක් හිතන්න ඉතුරු වේවි. මොකද කියනවා නම්, දේශපාලනය කියලා ලංකාව තුල තියෙන්නෙත් ඉන්දියාවට නොදෙවෙනි ජඩ ව්‍යාපාරයක්. පැහැදිළිවම මේ තමයි වෙනසක් කල යුතු කාලය. ඔබ පණ දීගෙන ඉන්න දේශපාලන නායකයින් කියාගන්නා බහුතරයක් තැනැත්තන්ගේ සැබෑ ස්වරූපය ඔබට මැනවින් අවබෝධ වේවි. අවසානයේදී, “අනේ අපිටත් මෙහෙම නායකයෙක් හිටියා නම්…” කියලා නිසැකවම ඔබටත් හිතේවි. ගිහිං එන්නම්. ජය!

—– සැබෑ නායකයෙකුගේ ගුණාංගය විය යුත්තේ,
නායකයෙකු අවශ්‍ය නොවන සමාජයක් බිහිකිරීමයි! —–

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip  | x264 | ESub | 700MB |

2D75AFB88CF02B4F2B512E9151770286434D1840

|  HDRip  | x264 | 720p | 1.4GB |

6C3F9A48F7358DA4C9E0BA234997487C71C295C3

Direct Download 

| HDRip | x264 | SD | 200MB |

        

| HDRip | x264 | ESub | 400MB |

        

| HDRip | x264 | ESub | 700MB |

        

| HDRip | x265 | 720p | 897MB |

        

| HDRip | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Bharat Ane Nenu (2018) | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම්!…

  • June 14, 2018 at 7:58 pm
    Permalink

    මේකනම් ෆට්ට. බලපු ෆිල්ම් වලින් සුපිරිම එකක් තමා

    Reply
  • June 18, 2018 at 7:33 pm
    Permalink

    Blpu hodma akak…aniwa download krla blnna

    Reply
  • June 27, 2018 at 12:57 pm
    Permalink

    2018 බලපු හොදම ෆිල්ම් එක.

    Reply
  • June 27, 2018 at 3:46 pm
    Permalink

    897 MB direct download link eke audio eka witharai weda karanne.

    Reply
    • June 27, 2018 at 5:56 pm
      Permalink

      Eka x265.oya 4n ekenda balanne.rip eke awulak na oya balana device eke x265 support nathuwa ati.player update karala balanna.aye gaddi galapena rip balala ganna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!