U Turn (2016) | මාරාන්තික U ටර්න් එක

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කියන 3ම කරල තියෙන්නෙ Pawan Kumar විසින්. සංගීත අධ්‍යක්ෂණය Poornachandra Tejaswi විසින් කරල තියෙන්නේ. චිත්‍රපටිය හදන්න රුපියල් මිලියන 25ක වියඳමක් දරල තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Shraddha Srinath, Radhika Chetan, Dileep Raj, Roger Narayan කියන නළු නිළියො ටික .

කතාව මෙහෙමයි, රචනා කියන්නෙ පත්තර වාර්තාකාරිණියක් විදිහට ස්ථිර පත්වීමක් බලාපොරොත්තුවෙන් The Indian Express කියන පුවත්පතට තාවකාලිකව ලිපි ලියන අවිවාහක තරුණියක්. රචනාගේ අම්මා මෙයාට කසාදයක් කරල දෙන්න කොච්චර උත්සාහ කලත් ගමෙන් නගරෙට ඇවිත් රචනා මේ රස්සාව කරගෙන ඉන්නවා. නගරයේ ද්විත්ව ගුවන් පාලමේ වෙන අනතුරු ගැන, පත්තරේට කතාවක් ලියන්න රචනා විස්තර එකතු කරමින් ඉන්නවා. ගුවන් පාලමේ නීතිවිරෝධී විදිහට යූ ටර්න් ගන්න අයගේ විස්තර ගන්න, ගුවන් පාලමේම තැනක නැවතිලා ඉන්න වයසක කෙනෙක්ගෙන් රචනා උදව් ගන්නවා. ඒ විදිහට යූ ටර්න් ගන්න අයගෙ වාහන අංකෙ මේ වයසක කෙනා පහුවදාට රචනාට දෙනවා. දවසක් ඔය විදිහට බයික් එක හරවගෙන යන සුන්දර් කියල කෙනෙක්ගෙ වාහනේ විස්තර රචනාට හම්බවුනාට පස්සෙ සුන්දර්ව හම්බවෙලා එයාගෙන් ඉන්ටවිව් එකක් ගන්න බලාපොරොත්තුවෙන් රචනා සුන්දර්ව හොයාගෙන යනවා. ඒ ගියාට සුන්දර්ව මුණ නොගැහිම ආපහු හැරිල එන්න රචනාට සිද්ධ වෙනවා.

ඊට පස්සෙ එදා රෑම පොලිසියෙන් ඇවිත් රචනාව පොලිසියට එක්කන් යනවා පරික්ෂණේකට කියල. හේතුව මොකක්ද අහනකොට රචනා දවල් හම්බවෙන්න ගිය සුන්දර් ගෙදර ෆෑන් එකේ එල්ලිලා මැරිල තියෙනව කියල පොලිසියෙන් දැනගන්න ලැබෙනවා. මරණයට සැක පිට රචනාව රිමාන්ඩ් භාරයේ තියාගන්න හදනකොට උප පොලිස් පරික්ෂක නායක්ට ඇත්ත විස්තරේ ඔක්කොම රචනා කියනවා. සුන්දර් ඇරුණහම තවත් 10 දෙනෙක්ගෙ මේ විදිහෙ විස්තර රචනා ලඟ තියෙනවා කියල නායක්ට කියනවා. ඒ අය ගැන හොයල බලනකොට ඒ හැමෝමත් සියදිවි නසාගෙන තියනව කියල දැනගන්න ලැබෙනවා. මේ හැමෝගෙම මරණයට හැඩයේ U හැඩයේ සම්බන්ධයක් තියෙන බවත් මේ මරණ වලට රචනාගේ සම්බන්ධයක් නැති බවත් දැනගන්න නායක්, රචනත් එක්ක එකතුවෙලා මේ විදිහට ගුවන් පාලමේ යූ ටර්න් ගන්න අය මැරෙන්නෙ කොහොමද කියන ප්‍රෙහ්ලිකාවට පිළිතුරු හොයන එක තමයි චිත්‍රපටියේ ප්‍රධාන සිද්ධිය. කොහොමහරි අවසානෙට ඇස් බැඳල කරකෝල අත ඇරිය වගේ සිද්ධියක් තමයි වෙන්නේ, ඒක කොහොමද කියන එක ඉතිං ඔයාලම බලාගන්න. එහෙනං ජයවේවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP  | x264 | ESub | 700MB |

439A4C4E1AD796AB8660FD5F6D72310EA4C4ECD3

Direct Download 

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “U Turn (2016) | මාරාන්තික U ටර්න් එක

  • June 4, 2018 at 19:32
    Permalink

    maru…Rajinikanthge Baasha 1995 film ekatath sub dennako…puluwan nm SRK ge Duplicate1998 film ekatath plzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!