Tomb Raider (2018) | අහිමි පිය සෙනෙහස සොයා මාරක රණශූරියකගේ ආගමනය!{ Bluray Updated }

පුරාවෘත වල සඳහන් වෙන ආකාරයට හිමිකො කියන පළවෙනි ජපන් රැජිණිය, අඳුරු මායාවන්ගේ ආනුභාවයෙන් තමන්ගේ අධිරාජ්‍යය පාලනය කරපු බලවත් මන්ත්‍රකාරියක්. මිනිසුන් වශී කරගෙන හිත පාලනය කිරීම සඳහා පවා ඇයට හැකියාව තිබිලා තියෙනවා. ඇයගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්‍යසනය පතුරුවා හරින්න හැකියාව ඇයට තිබිලා තියෙනවා. මේ හිමිකො රැජිණට මිනිස්සු කියන්නේ මරණයේ මාතාව කියලා. ඇයගේ හැම කතාවක්ම අවසන් වෙලා තියෙන්නේ රුධිර ගංගා ගලා යෑමෙන්. අවසානයේ, ඇයගේ මේ රුධිර වැගිරීම් ඉවරයක් වුනේ ඇයගේම ජෙනරාල්වරු විසින් ඇයව අරගෙන ගිහිල්ලා වළ දාලා තියෙනවා, අනතුරුදායක, යක්ෂයගේ මුහුදේ මැද්දට වෙන්න තියෙන, මනුෂ්‍ය වාසයක් නැති යැමටායි කියන දූපතේ. මේ දූපතේ එක්තරා ස්ථානයක පිහිටි කඳුකරයක පතුළට වෙන්න තමයි ඇයගේ නෂ්ටාවශේෂ වළලලා දාලා තියෙන්නෙ.නමුත්, අතිශය ඉපැරණි, රහසිගත සිතියමකට අනුව මෙම හිමිකො රැජිණ, සිය ශාපය ඉවත්කර ඇයව නිදහස් කරන තෙක් බලාසිටින බවට තිබූ සටහනක් නිසා, එක්තරා පුද්ගලයෙක් මෙම අබිරහස් දූපත සොයා වසර ගණනාවකට පෙර පිටත්ව යනවා. මෙයට මූලික හේතුව වන්නේ, අද්භූත බලයන්ගේ පාලනය ලබාගෙන, එමගින් මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කිරීමට සූදානමින් සිටිනා “ත්‍රිත්වය” නම් පැරණි හමුදා සංවිධානයක් විසින් මෙම හිමිකො රැජිණගේ සොහොන් ගැබ විවර කර එහි අඩංගු බලයන්ගෙන් ලොව පාලනය කිරීමට සූදානම් වීමයි. කෙසේ නමුත්, මෙම බිහිසුණු සොහොන් ගැබ විවර කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් වෙන්නේ නම් නැහැ. මුලින්ම සිද්ධවෙනවා, ප්‍රචණ්ඩ සැඩ පහරවල් වලින් සහ මාරාන්තික ගල් පර වලින් ආරක්ෂා වෙලා තියෙන යැමටායි දූපතට පැමිණෙන්න. කුමන ආකාරයකින් හෝ එම යැමටායි දූපතට පැමිණියත්, ඔවුන්ට සිදුවෙනවා සොහොන් කොත තිබෙන්න කුමන ස්ථානයකද කියා නිශ්චිතවම දැනගැනීමට. එම අසීරු කර්තව්‍යයත් කුමන ආකාරයකින් හෝ ජයගතහොත්, ඔවුනට සිදුවෙනවා හිමිකොගේ බරපතල පරීක්ෂණ වලට මූණ දෙන්න.

  • පළමු අභියෝගය – ආත්මයන්ගේ විවරය පහුකර යෑම
  • දෙවන අභියෝගය – දිවිගලවා ගැනීම සඳහා හිමිකොගේ මුහුණත් වලට යාඥා කිරීම
  • තෙවන අභියෝගය – හිමිකොගේ මෙහෙකාරියන් දහසකගේ හමුදාව පසුකර යෑම
  • සිව්වන අභියෝගය – සොහොන් ගැඹ වෙත ගොස් හිමිකොගේ ශාපය මුදාහැරීම

මෙම අභියෝගයන් හට මුහුණදී, ඒවා ජයගෙන, ත්‍රිත්වය නම් සංවිධානයට ලොව විනාශ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදීම සඳහා මෙම දූපත බලා ගමන් කල ඉහත කී පුද්ගයලා වසර හතක කාලයක් ගත වූ පසුවත් නැවත සිය ගම රට බලා පැමිණියේ නැහැ. නමුත්, නොසිතූ පරිදි ලද හෝඩුවාවන් කීපයක් ඔස්සේ, වසර හතකට පසුව ඉහත කී පුද්ගලයාගේ දියණිය සිය පියාගේ අඩි සටහන් ඔස්සේ ඔහුව සොයා යනවා. තරුණ ගැහැණු ළමයෙකු හට මෙතරම් මාරාන්තික, බිහිසුණු අභියෝගයන් හට මුහුණදී දිවි ගලවා ගැනීමට හැකියාව ලැබේවිද? මාරාන්තික ත්‍රිත්වයේ ග්‍රහණයෙන් ඇය ලෝකය මුදවා ගන්නේ කෙසේද? වසර හතකට පෙර අතුරුදහන් වූ සිය ආදරණීය පියා සොයාගැනීමට ඇයට හැකියාව ලැබේවිද?

ලාරා ක්‍රොෆ්ට්! මෙහෙම කිව්වට ගොඩක් දෙනෙක්ට එක සැරේම මතක් වෙන එකක් නැහැ. ඒ නිසා මං මෙහෙම කියන්නම්කො.Tomb Raider. ඔන්න එතකොට නම් නොදන්න කෙනෙක් ඉන්න බැහැ. ලොකු කුඩා කා අතරත් බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච සුප්‍රකට Tomb Raider පරිඝනක ක්‍රීඩා මාලාවේ සුරූපී වීර කාන්තා කොමික් චරිතය තමයි ලාරා ක්‍රොෆ්ට් කියන්නේ. ඇත්තටම කවුද මේ ලාරා ක්‍රොෆ්ට් කියන්නේ? මුලින්ම පොඩ්ඩක් ඒ ගැන විස්තර දැනගමුකො.

නම – ලාරා ක්‍රොෆ්ට්
පුරවැසිභාවය – බ්‍රිතාන්‍ය
උපන් දිනය – 1968 පෙබරවාරි 14 (මෙම චිත්‍රපටය තුල කතාව වර්තමානයට ගෙන ඇත)
උපන් ස්ථානය – විම්බ්ල්ඩන්, ලන්ඩනය
රුධිර කාණ්ඩය – AB-
උස – මීටර් 1.8
බර – කිලෝ 59.7
හිසකෙස් වර්ණය – තඹ පැහැති
ඇස් වර්ණය – දුඹුරු පැහැති
ජෛවීය තොරතුරු – 34D-24-35 / 86-60-89
ඇඳුමේ ප්‍රමාණය – 8
පවුලේ සාමාජිකයන් – ඇබින්ග්ඩන් හි 10 වෙනි අර්ල්වරයා (රිචඩ් ජේම්ස් ක්‍රොෆ්ට් – පියා), ඇබින්ග්ඩන් හි ආදිපාදතුමිය (ඇමෙලියා ක්‍රොෆ්ට් – මව)
විවාහක/ අවිවාහක බව – අවිවාහකයි (ෆරින්ග්ඩන් හි අර්ල්වරයා සමගින් විවාහ ගිවිසගෙන සිටි මුත් ඔහු මියගොස් ඇත)
ප්‍රියතම ආයුධය – 9-mm Twin Colt 45s
ප්‍රියතම චිත්‍රපට – Deliverance, Aguirre, Wrath of God
ප්‍රියතම ආහාරය – Beans on toast
ප්‍රියතම වාහනය – Norton Streetfighter මෝටර් බයිසිකලය
ක්‍රීඩා – නිදහස් කඳු නැගීම, ඔරු පැදීම, ඉලක්කයට වෙඩි තැබීම, දුනු ශිල්පය, බොක්සින්, අශ්වයින් පැදීම, බයිසිකල් පැදීම

මෙන්න මේ විදියට තමයි ලාරා ක්‍රොෆ්ට් කියන චරිතයේ මූලික කරුණු ටික කෙටියෙන් දක්වන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථා වලදී ඉහත දක්වලා තියෙන සමහර කරුණු වල සුළු සුළු වෙනස්කම් සිදුකරලා තිබුණා අවස්තාව අනුව. තරුණියක් කිව්වම බොහොම සියුමැලි, සුකොමාල කෙනෙක් විදියට තමයි සළකන්නේ. හැබැයි, මේ ලාරා ක්‍රොෆ්ට් කියන කොමික් කාන්තා චරිතය නම් කිසිසේත්ම සියුමැලි, සුකොමාල චරිතයක් නම් නෙමෙයි. සටන් කළාවේ ප්‍රවීණයෙක්,මාරාන්තික ආයුධ හැසිරවීමේ නිපුණයෙක්අතිශය භයානක වික්‍රමාන්විත ක්‍රියා සඳහා අතිශයින් යෝග්‍ය චරිතයක් සහ අනුකම්පා විරහිත ඝාතකයෙක් ලෙසට තමයි කොමික් පොත පතෙහි ලාරා ක්‍රොෆ්ට් ගැන හඳුන්වා දෙන්නේ.

කොහොමද මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ?

Core Design නම් ආයතනයේ Toby Gardනිර්මාණය ශිල්පියාගේ මූලිකත්වය මත1996 වර්ෂයේ ඔක්තෝම්බර් මස 25 වන දින තමයි මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ. ඒ, Tomb Raider නම් පරිඝනක ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන්. මේ තමයි පරිඝනක ක්‍රීඩා ලොවෙහි විප්ලවයක් ඇති කරපු, ලොව පළමු Tomb Raider පරිඝනක ක්‍රීඩා වැඩසටහන. මෙම වීඩියෝ ක්‍රීඩා වැඩසහටන සඳහා ප්‍රථමයෙන් පිරිමි චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබුණත්, පසුව කාන්තා චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබෙන අතර, මෙම කාන්තා චරිතයේ නම ලෙස ප්‍රථමයෙන් යෝජනා වී තිබුනේ “ලෝරා කෘස්” යන නමයි. පසුව මේ නම “ලාරා ක්‍රොෆ්ට්” ලෙස වෙනස් කර තිබෙනවා. පහත දක්වා තිබෙන ජායාරූපයෙන් දැකබලා ගන්න පුළුවනි ලොව පළමු Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශණයක්.

Core Design ආයතනයේ මූලිකත්වය මත මේ ආකාරයෙන් ලාරා ක්‍රොෆ්ට් චරිතය ලොවට හඳුන්වා දුන්නත්, පසුකාලීනව Crystal Dynamics (පෙර Core Design ආයතනයමයි), Nixxes Software, Ubisoft යන ආයතන සඳහා මෙම කොමික් චරිතයේ අයිතිය හිමිවී, වර්තමානය වන විට මෙම චරිතයේ අයිතිය නැවතත් හිමිව තිබෙන්නේ Crystal Dynamics ආයතනය හටයි. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැමිණි මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන වර්තමානය වන විට අතිශය දියුණු ඉහළම මට්ටමේ ග්‍රැෆික් තාක්ෂණයන් භාවිතා කරනු ලබනවා. පහත රූපයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා අවසානයට නිකුත් වූRise Of The Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශනයක්.

ඒ වගේම, 1996 වර්ෂයේදී ප්‍රථම වතාවට ලොවට හඳුන්වා දුන් මෙම විශ්මිත වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි වර්තමානය වන විටවීඩියෝ ක්‍රීඩා වැඩසටහන් 18ක්නිකුත්කොට තිබෙන අතර, මේ වන විට මෙම ක්‍රීඩාව එකිනෙකට වෙනස්ප්ලැට්ෆෝර්ම් 25ක් මත ධාවනක කිරීම සඳහා පහසුකම් සපයා තිබෙනවා. ඒ වගේම, මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන් වල පිටපත් මිලියන 58ක් මේ වන විට ලොව පුරා අලෙවි වී තිබෙනවා වගේම, ලොව වැඩිම අලෙවි වාර්තාවක් තැබූ වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් අතුරින් එකක් වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p| 1018MB | YIFY|

205FDCB7D253BD44A85D2D260FAFAD44AB07EB73

Direct Download 

| Bluray | x264 | 480p | 450MB |

        

| Bluray | x264 | 720p | 820MB |

        

| Bluray | x265 | 720p | 750MB |

         

| Bluray | x264 | 720p | 1018MB | YIFY |

         

| Bluray | x264 | 1080p | 1.9GB | YIFY |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Tomb Raider (2018) | අහිමි පිය සෙනෙහස සොයා මාරක රණශූරියකගේ ආගමනය!{ Bluray Updated }

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!