RangiTaranga (2015) | අභිරහස් කාන්තා දඩයම.

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDbදර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි විනාඩි 29ක් පුරා ධාවනය වෙනවා. තිර රචනය, අධ්‍යක්ෂණය වගේම සංගීත අධ්‍යක්ෂණයත් කරල තියෙන්නෙ Anup Bhandari විසින්. මේක අධ්‍යක්ෂකවරයගෙ පලමුවෙනි චිත්‍රපටිය, ඒකෙන්ම 63 වෙනි Filmfare සම්මාන උළෙලේ හොඳම පළමු අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ගණනාවක් අත්කරගන්නත් සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Nirup Bhandari, Radhika Chetan, Avantika Shetty කියන නළු, නිළියො ටික. අධ්‍යක්ෂකවරයගෙ සහෝදරයා තමයි ප්‍රධාන නළුවාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙත්. එයාගෙත් පළමුවෙනි චිත්‍රපටිය තමයි මේක. නිෂ්පාදනය කරන්න ඉන්දියානු රුපියල් මිලියන 15ක වියඳමක් දරල තියෙනවා. මේ චිත්‍රපටිය හොඳම ඉන්දියානු චිත්‍රපටි අතරෙන් 127 වෙනි තැනත් ගන්න සමත් වෙච්ච එකක්……

සිද්ධිය මෙහෙමයි, ගෞතම් හා ඉන්දු දෙන්නා කසාද ජෝඩුව, ඉන්දුට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ගෞතම් කියන්නෙ ජනප්‍රිය නවකතා රචකයෙක්, හැබැයි නවකතාවල මෙයාගෙ නම පාවිච්චි කරල තියෙන්නෙ අනුෂ්කු කියල. ඉන්දුගෙ මුල්ම ගම තමයි කාමරුට්ටු කියන්නෙ. එයා ඉපදෙන්නත් කලින් තමයි ඉන්දුගෙ සියා මුළු පවුලත් එක්කම ගම දාලා ඇවිත් තියෙන්නේ, ඒ එනකොට ගමේ එයාලට අයිතිව තිබුන කෝවිලේ රත්තරන් බඩුත් අරගෙන, එතෙක් කල් කරපු ශාන්තිකර්මත් නවත්තල තමයි ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු 2ක් ඇතුළත ඉන්දුගෙ සියයි ආච්චියි මැරෙනවා. අම්මයි, තාත්තයි දෙන්නත් රිය අනතුරකින් මැරෙනවා. ඉන්දු හිතන්නෙ කෝවිලේ ශාන්තිකර්මෙ නවත්තපු නිසා තමයි මේ හැමදේම සිද්ධ වුනේ කියලා. ඒ හින්දම ඉන්දුගෙ හිතේ ලොකු බයක් තියෙනවා එයාගෙ පවුලෙ අනිත් අයට අත්වෙච්චි ඉරණමම එයාටත් අත්වෙයි කියලා. කොහොමහරි මේ ගැන ගෞතම්ටත් කියල, එයාවත් කැමති කරවගෙන කෝවිලේ රත්තරන් බඩුත් ආපහු දීල පරණ ශාන්තිකර්ම ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්දුයි ගෞතමුයි දෙන්නා කාමරුට්ටු ගමට එනවා.

කාමරුට්ටු කියන්නෙ මහ අද්භූත සිදුවීම් වෙන ගමක් ඒක ඔයාලට චිත්‍රපටිය බලනකොට ඔයාලටම තේරෙයි…මේ දෙන්නා කාමරුට්ටු ගෙදරට ආවට පස්සෙ අද්භූත සිදුවීම් කීපයක්ම සිද්ධවෙනවා. ඔය අතරෙ දවසක ඉන්දු අතුරුදහන් වෙනවා. ගෞතම් මේ ගැන පොලිසියට පැමිණිලි කරත් වැඩක් වෙන්නේ නෑ…ඔය අතරෙ අනුෂ්කුගෙ නවකතාවකින් චිත්‍රපටියක් හදන්න හිතාගෙන සන්ධ්‍යා කියල මාධ්‍යවේදියෙක් අනුෂ්කුව හොයාගෙන එනවා. ගෞතම් ඉන්දුව හොයන අතරෙ සන්ධ්‍යාත් ගෞතම්ට උදව් කරනවා. කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ඉන්දු නැතිවුන විදිහටම පහුගිය අවුරුදු 12ක් තිස්සෙ ජුලි 7 වෙනිදා ගැබිණි කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා..මීට වඩා කිව්වොත් ඉතින් ෆිල්ම් එක බලන එකේ ගතියකුත් නැතුව යනවා..ගෞතම්ට ඉන්දුව හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලාගන්න..අනුෂ්කුව හොයාගෙන එන සන්ධ්‍යාගෙත් ගෞතම් එක්ක පරණ සම්බන්ධයක් තියෙනවා. ඒකත් මොකද්ද කියල ඔයාලටම බලාගන්න පුළුවන්…ජයවේවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | 1CD | 700MB |

dca20b3cd714f510f7d1795ab9c611fcafcfd2a1

Direct Download

|  HDRip | x264 | 1CD | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “RangiTaranga (2015) | අභිරහස් කාන්තා දඩයම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!