Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) | තවත් එක් සුපිරි වීරයෙක්?

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් මෙම සාම්ප්‍රදායික කොරියානු සුපිරි වීර චිත්‍රපටිය මගින් පෙන්නුම් කරනවා සුපිරි වීර.

චිත්‍රපටියකින් හැමදාම ලෝකය බේරාගැනීමවත්, නැතිනම් මන්දාකිණිය ආරක්ෂා කිරීමවත් එසේත් නැතිනම් මිනිස් සංහතිය නැති කිරීමට පිටසක්වලින් පැමිණියෙකු නවතා දැමීමවත් විය යුතුම නැති බව. Netflix සහ ‘Train to Busan’ හි අධ්‍යක්ෂක Yeon Sang-ho එකතු වෙලා නිෂ්පාදනය කල මෙම වෙනස්ම ආකාරයේ සුපිරි වීර චිත්‍රපටියෙන් එය මනාව තහවුරු වෙනවා. ශින් රුමීට (Shim Eun-kyung) තමයි සෝල් නම්ප්යොන්ග් දිස්ත්‍රික්කයේ තියෙන හොඳම කුකුල් මස් අවන්හල තියෙන්නෙ.මේකෙ සෑහෙන වර්ග වල කුකුල් මස් තියෙන නිසා හොඳටම ප්‍රසිද්දයි.ඒ වුණාට මේ රුමීගෙ ව්‍යාපාරයට කණකොකා හඬන්න ගන්නෙ ඉදිකිරීම් ආයතනයක් විසින් මේ පළාතම බුල්ඩෝසර් කරන්න ගන්න පටන් ගත්තමයි.මේ අවට තියෙන සේරම සුද්ද කරල ෂොපින් මෝල් එකක් දාන්න තමයි මේ අයගෙ එහෙමත් නැතිනම් ටෙසන් ඉදිකිරීම් ආයතනේ සැලැස්ම.නමුත් මේ පළාතේ වෙලදාම් කරන අය හරිහමන් වන්දියක් ලැබෙනකල් එතනින් යන්න බැහැයි කියනවා.මේ හේතුවෙන් ටෙසන් ආයතනය විසින් මැරයින්ව කුලියට අරගෙන එවනවා.මේ මැරයො අතින් අනතුරක් වෙලා රුමීගෙ අම්මා නැතිවෙනවා.. මේ නිසා අම්මගෙන් සහ රුමීගෙන් ඈත් වෙලා හිටපු තාත්තට රුමී කෝල් එකක් දීල අවමගුලට එන්න කියනවා.ශින් සොක් හොන් (Ryu Seung-ryong) කියන මෙයාගෙ තාත්තා සාමාන්‍ය බැංකුවක සිකියුරිටි කෙනෙක්.

ඒත් රුමී පොඩි කාලේ එයාව සහ එයාගෙ අම්මව තනි කලාට, එයාලට උදව් කරන්න බැරි වුණාට, මේක ඒ වෙනුවෙන් සොක් හොන්ට වන්දි ගෙවන්න පුළුවන් අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා.මොකද මෙයා ලගදි බීපු උල්පත් වතුර නිසා ලැබුණු අමුතු බලයෙන් මෙයාට මනසින් දේවල් පා කිරීමේ හැකියාවක් තියෙනවා.ඒ බලෙන් ලෝක සාමය ගේන්න බැරි වුණත්, රුමීට සහ ඒ අවට අයට මොනව හරි උදව්වක් කරන්න පුළුවන් වේවි. සොක් හොන් කියන්නෙ මිලියනපතියෙක්වත් මොළ කාරයෙක්වත් නැතිනම් අඩු කාලෙකදි සික්ස් පැක් ලැබුණු සුපිරි ඇඟක්වත් තියෙන කෙනෙක් නෙමෙයි.එයා ටිකක් ගොන් වැඩ කරන හරි වෙලාවෙ හරිම තැන හිටපු සාමාන්‍ය මැදි වයසෙ පුද්ගලයෙක්.(මං කියන්නෙ මේ මැජික් බලේ ලැබුණු උල්පත ලග හිටපු එක ගැන).ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ බලයක් ලැබුනම මොකද ඉස්සරලම කරන්නෙ?අන්න ඒ දේ තමයි මෙයාටත් හිතෙන්නෙ.ඒ තමයි මේකෙන් කොහොමද සල්ලි හම්බ කරන්නෙ?මෙයාට කොහොම හරි කිසිම අවුලක් නැතුව කාඩ් පා කරන්න නෙක් ටයි නටවන්න එහෙම පුළුවන්.ඒත් ඊට වඩා වැඩි දෙයක් කරන්න නම් ටිකක් දත කාගෙන ඇඟිලි මිරිකගෙන කකුල් පූට්ටු කරගෙන අත් අබරගෙන හෙණ වලියක් කන්න වෙනවා.තාම හුරුවක් නෑනේ ඉතින් ඕවට.

Fantasy/Action යන ගණයට වැටිල තියෙන මේ චිත්‍රපටියට imdb අගය 5.8 කුත් Rotten Tomatoes අගය 88% කුත් ලැබිල තියෙනවා.කලින් කිව්වත් වගේ Netflix සහ ‘Train to Busan’ හි අධ්‍යක්ෂක එකතු වෙලා තමයි පැයකුත් විනාඩි 41 කුත් දාවනය වෙන මෙම සුපිරි වීර චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ.සිංහල උපසිරැසියනම් ඉතින් මගෙන් තමයි.හිහිහී.. අදට ගිහින් එන්නම් ඉතින්.

බුදුසරණයි!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 800MB |

84F44AE7591CDF703EE0B0C408C1664756A20298

Direct Download

| WEB-DL | x264 | 480p | 406MB |

        

| WEB-DL | x264 | 720p | 620MB |

        

| WEB-DL | x264 | 720p | 800MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) | තවත් එක් සුපිරි වීරයෙක්?

  • May 28, 2018 at 7:11 am
    Permalink

    උපසිරැසිම ඩවුන්ලෝඩ් වෙන්නේ නැතෝ
    “403 ? සොයා ගත නොහැක ”
    Error එකක් එනවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!