Visaranai (2015) | විමර්ශනය

හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා.විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආන්ද්‍රා වල ලොකු කොල්ලයක් සිදුවෙනවා. මේ කොල්ලය සිදු කළ උදවිය දමිළ බසින් කතා කරපු එක තමයි පොලිසියට ලැබුණ එකම සාක්ෂිය. ඉතින් ඒ හේතුව නිසා, තමිල්නාඩුවල ඉඳන් රැකියා සඳහා ආන්ද්‍රාවලට පැමිණි දමිළ තරුණයින් පිරිසක් ආන්ද්‍රා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට ඒ වරද පිළිගන්න කියා බල කරමින්, පොලිසිය ඔවුන්ට අමානුෂික විදියට ගහන්න පටන් ගන්නවා. නොකළ වරදක් කෙහොම බාර ගන්නද? මේ තරුණයින් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් පොලිසිය ගහන එක නවත්වන්නේ නෑ. මාර ගැහිල්ලක් ! හරියට බලන් ඉන්න අපි ගුටි කනවා වගේ හිතෙන මට්ටමට තාත්විකව ඒ දර්ශන ඇරන් තියනවා. එම නිසා බොහෝ උදවිය මේ චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියි කියලා කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ, මෙහි රඟපෑම ඒ තරම්ම තාත්විකයි. පට්ටයි!අපි සාමාන්‍ය දමිළ චිත්‍රපටයක් එහෙම නැත්තම් සුපිරි තරුවකගේ චිත්‍රපයටක් බලලා, පට්ටයි මචන් ! කියලා කියනවා නම්, අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය අපි බලන්නම ඕන. අපි මේක නොබැලුවා කියලා අධ්‍යක්ෂක තුමාට වෙන පාඩුවක් නැහැ. නමුත් මේක නොබැලුවොත්, අපි වෙනත් ෆිල්ම් බලලා පට්ටයි කියලා කියන එක කිසි තේරුමක් නැති දෙයක් වෙනවා. මේ චිත්‍රපටයේ තියෙන වේදනාව, බය කියන දේ අපි සියළු දෙනාම එක් සැරයක් හරි විඳින්න ඕන කියලා මං හිතනවා. එහෙම නැතුව මේක දරුණු වැඩියි, ප්‍රචණ්ඩත්වය වැඩියි, පොලිසිය දෙන වද බලන් ඉන්න බැහැ කියලා මෙම චිත්‍රපටිය නොබලා ඉන්න එක සුදුසු නැහැ. ඒ නිසාමයි, මෙච්චර වැඩ රාජකාරි මැද්දේ ඉඳගෙන හරි මේ චිත්‍රපටයට උපසිරැසි ගේන්න කටයුතු කළේ.

ඉතින් අර තරුණයින්ට මොනවා වෙයිද? ඒක දිග කතාවක්. ඒක ඔයාලම බලලා දැනගන්න ඕන දෙයක්. නොවරදවාම බලන්න කියලා ආරාධනා කරනවා. එසේනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජයවේවා !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | Esub | 700MB |

a01250854101886ee3607734fb910ae7e2c82e53

Direct Download

| HDRIP | x264 | ESub | 411MB |

        

| HDRIP | x264 | ESub | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *