Vikadakumaran (2018)| නරක නඩු දිනන බිනුගේ හොද ක්‍රමය

ඔන්න යාලුවෙනේ මම මගේ තුන්වන උපසිරස ඇරන් ආවා..මෙවරනම් මගේ ඇකමැතිම මාතෘකාවක චිත්‍රපටයක් තමා කරේ. ඒ ලංකාවේ නැතිම පොඩිමිනිහා අඹ ගෙඩි දෙකක් කැඩුවත් හිරේ යන ලොකු උන් මහ බැංකු පිටින් හොරා කෑවත් කතා නොකරන “නීතිය” ගැන. සබ් එකත් ඒ වගේමයි ලේසි උනේ නෑ. පේලි ගොඩයි. එන නම තැන් අහලා පුරුදු ඒවා නෙවෙයි. ඒවගේම එක පොඩි සින්දුවක් විතරයි.

Boban Samuel තමයි මේක අධ්‍යශනය කරලා තියෙන්නේ, ප්‍රධාන චරිතය එනම් බිනූට පණ පොවන්නේ Vishnu Unnikrishnan. පැය දෙකයි විනාඩි 10ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය IMDb දර්ශයයේ 6ක් ඇරන් තියනවා. සිනා වෙන් පොදු යතාර්ථ සමාජයේ තිබෙන සමාජ ප්‍රශ්න ඉතා හාත්ස්‍යයෙන් පෙන්වා දෙනවා. රටේ නීතිය රටේ දියුනුවට බලපාන ප්‍රභලම සාධකයක්, එනම් රටේ රජකරන්නේ අවනීතියනම් සාධාරනයට තැනක් නැත්නම් ඒ රටේ හොරකම රජකරනවා දියුණුවෙනවා කියන එක දවල් හීනයක්.මැරකම සල්ලි තියන කෙනා නැතිකෙනාව පාගා සාධාරනය මුදලට වැසීම්මෙ මගින් මනාව පෙන්වනවා.කොටින්ම ඉහත කිවුව ගොඩක් ඒවා අපේ රටටේ ඊටත් වඩා හොදින් එලිපිට දැකගන්ඩ පුලුවන්. කොටින්ම නීතීඥයින්ගේ ජීවන චර්යාව ගැන.ඊට අප සමාජයෙන් ආසන්නම උදාහරන හැමොම කතාවුන නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු ගේ කතාව මගේ මතකයට නිතැතින් ගලා ආවා. ඒකේ කිවුව කතා බොහොමයක් මේ චිත්‍රපටයේ එහෙම්මම තිබුනා. ඉතින් මම ඉහත කිවුවා වගේ බැරෑරුම් කතාවක් නම් නොවේ.මේ ච්ත්‍රපටය ඉතා සරල ගනයේ චිත්‍රපටයක් නමුත් ඒ භයංකාර ඇත්ත විහිලුවෙන් පෙන්වන කතාවක්.

මලයාලම් උනාට බුදුන්ගේ කතාවකුත් මතුකරනවා එක් තැනක කර්මය ගැන. නීතීඥයින් අවංක නොවුනොත් නීතියට කාගේ පිහිටක්ද? නීතිය අමු අමුවේම නැවීම් ලංකාවේ ඔනේ තරම් මෑතකාලේදි දැකගන්ඩ පුලුවන් උනා දෙපශයේම පාලන සමයන් තුල මහබැංකු සිද්ධිය ඒ අතරින් තාමත් අප සමාජයේ කතා වෙනවා, මේ කතාවෙත් කියන්නේ ඒ වගේ මුදලට නීතිය නැවීමක් ගැන. ඕනේ නරක වැඩක්, හරී කියා පෙන්වන එක තමන් මුදල් උපයගෙන කන ‍රැකියාව උනහම ඔහුගේ ජීවිතය කොයිවගේ වෙයිද? මොන අර්ථකතනය දුන්නත් තමන්ට හෘදශාක්ශියට අනුව ජීවත් වෙන්ඩ ලැබෙන් නැති එක කොච්චර පවක්ද? අද අපිත් එක්ක මේ සමාජයේත් එවැනි අය කොතරම් සිටීද? අපේ කතානායක බිනූටත් එවැනි දැපැත්තකට හසුවෙන්ඩ වෙනවා. දරිද්‍රතාවය ජයගන්ඩ මුදල්ද, නැතිනම් හෘදශාක්ශියට අනුව ජීවත්වීමද? බිනු කියන්නේ පොඩිපහේ නීතීඥයෙක්, එයා සාමාන්‍යයෙන් නඩු දිනනවාට වඩා පරදින එකයි වෙන්නෙත්, කොටින්ම ඔට්‍ටුවකුත් දානවා එයා ලොකු නඩුවක් දිනපු දාට විතරයි මදුවිත බොන්නේ කියලා.ඉතින් එයා නඩු හොයනකොට එක නඩුවකට අහම්බෙන් කතාකරන්ඩ වෙනවා. ඉතින් මේ බිනූ සල්ලි වලට ආත්මය පාවාදෙන නීතීඥයෙක් වෙවිද? නැතිනම් මැරුවත් සාධාරනය වෙනුවෙන් පෙනී සිටීවිද? නැතිනම් ඒ දෙක මැද්දේ ඔහුගෙම ක්‍රමයක් සොයා ගනීද? අපේ බිනූට මොනවා වෙයිද? එක නඩුවක් වත් ඔහුට දිනාගන්ඩ ලැබේවිද? ඉතින් කතාව බලලම තමා කියන්ඩ වෙන්නේ. හැමෝටම අරාධනා කරනවා බලන්ඩ..තෙරුවන් සරණයි!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | Esub | 700MB |

4699DDBF55BA221EB3DDD2038C15C23938EBB7AF

Direct Download

| DVDRip | x264 | Esub | 400MB |

        

| DVDRip | x264 | ESub | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *