The Golden Compass (2007) | රන්වන් මාලිමාව…

කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්–

මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට ගොඩක් දුරට සමාන සමාන්තර විශ්වය තුළ පවතින ලෝකයක්. ඒ ලෝකෙ මිනිස්සුන්ගෙ ආත්මය සත්ව ස්වරූපයෙන් ඒ මිනිස්සු ලඟින්ම හිටියා. එයාලට කියන්නෙ ඩීමන්ල කියලා. ඉතිං මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ලයිරා බැලැක්වා. ලයිරා බැලැක්වා කියන්නෙ අවුරුදු දහයක විතර අනාථ දැරියක්. එයා හැදුනෙ පඬිවරුන්ගෙන් පිරුණ ‘ජෝඩන්’ කියන උසස් අධ්‍යාපන ආයතනයෙ. හැබැයි එයාට හිටියා ඇස්‍රියල් කියල මාම කෙනෙක්. ඔහු වංශාධිපතියෙක්. එයාගෙ රැකවරණය යටතෙ තමයි ලයිරා විද්‍යාලයෙ හැදුනෙ වැඩුනෙ.ඉතිං ඔය කාලෙදි අහිකුණ්ඨික ගෝත්‍ර වල සහ ඉබාගාතෙ යන අනාථ දුප්පත් කුඩා ළමයි අතුරුදන් වෙන්න පටන්ගන්නවා. මිනිස්සු ඒකට සැක කලේ ‘ගොබ්ලර්’ යන නමින් හැඳින්වූ කිසිවෙක්වත් නොදුටු පිරිසක්ව. මේ අතර ඇස්‍රියල් මාමා අළුත් සොයාගැනීමක් කරනවා, ඒ තමයි එයාලගෙ වගේම තවත් සමාන්තර ලෝක තිබෙන බව. ඒගැන වැඩිදුර පරීක්ෂණ සඳහා උත්තරද්‍රවයට යාමට ජෝඩන් විද්‍යාලයෙන් අවසරය හා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිනවා. ඉතිං අපේ කතා නායිකාවත් මාමගෙන් ඉල්ලා සිටිනවා එයාවත් උතුරට එක්ක යන්න කියලා. එම අතරතුරේදි ලයිරාගෙ හොඳම යහළුවන් වන රොජර් සහ බිලීව ගොබ්ලර්ලා විසින් පැහැරගන්නවා. ඉතිං අපේ වීරවරියවත් ඇස්‍රියල් මාම එක්කරගෙන යන්න කැමති වෙයිද, එයාට උතුරට ගිහින් යහළුවන්ව බේරගන්න හැකි වෙයිද? ඇය කව්ද, ඇයගේ විශේෂත්වය මොකක්ද වගේ ප්‍රශ්න සියගාණක් ඇතිවෙයි. ඒ ප්‍රශ්න හැම එකටම අවසානයෙදි පිළිතුරු ලැබෙනවා.

යාලුවනේ ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියල. මිනිත්තු 113ක් පුරා දිවයන මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Philip Pullmanගෙ Northern Lights කියන නවකතාව. මේක Adventure, Family, Fantasy කියන ඛාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. ඒවගේම අද වෙනතුරුත් IMDb දර්ශකයෙ 6.1ක අගයක් පවත්වාගෙන යාමට සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිත ගත්තොත් Nicole Kidman, එතකොට ජේම්ස් බොන්ඩ්ට පණපොවන Daniel Craig, ලයිරා ලෙස Dakota Blue රංගනයෙන් දායක වෙන අතර ලයිරාගේ ඩීමන් වන පැන්ට Freddie Highmore හා ලොරෙක් නම් හිම වලසාට Ian McKellen හඬකවනවා. ඊට අමතරව තවත් බොහෝ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙම කතාව චිත්‍රපටි මාලාවක් ලෙසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වී ඇති අතර කුමක් හෝ හේතුවක් නිසා එය අතරමග නතර වී තිබෙනවා.බොහෝ දෙනා එයට හේතුව ලෙස සඳහන් කරන්නෙ මෙයින් කතෝලික සභාවට වක්‍රාකාරයෙන් විවේචන එල්ලවී තිබීම නිසා බවයි. කෙසේ උවත් ලෝකයේ ජනතාව මෙහි ඊළඟ කොටස නිකුත් වෙනතුරු තවමත් බලා සිටිනවා. මෙහි නිෂ්පාදනය Bill Carraro හා Deborah Forte විසින් කර ඇති අතර අධ්‍යක්ෂණය Chris Weitz ගෙයි. රචනය Philip Pullman (නවකතාව) සහ Chris Weitzගෙ. විශේෂයෙන් කියන්න ඕනෙ 2008 ඔස්කාර් සම්මාන උළෙලේදී Best Achievement in Visual Effects සම්මානය දිනාගත්තා. ඒවගේම එම උළලේදීම Best Achievement in Art Directing සම්මානය සඳහා නිර්දේශ උනා. තවද Best Achievement in Visual Effects සම්මානයම 2008 BAFTA සම්මාන උළලේදීත් මෙම චිත්‍රපටය හිමිකර ගන්නවා. මීට අමතරව තවත් සම්මාන 6 ක් දිනා ඇති අතර නාමයෝජනා 32කටත් යෝජනා වෙලා තියනවා .2007 දෙසැම්බර් 7 වනදා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර English, Icelandic, Russian හා French භාෂා වලින් නිකුත් කරලා තියනවා. Box-office වාර්තා අතරට එක්වී ඇත්තේ ඇ.ඩො.මිලියන 180ක වියදමක් සහ ඩොලර් මිලියන 372ක ආදායමක් ලබා ඇති බවටයි. New Line Cinema, Ingenion Film Partners සහ Scholastic Productions යන නිෂ්පාදන සමාගම් හරහා තමයි නිකුත් වෙලා තියෙන්නෙ.

ඉතිං යාළුවනේ අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු තමයි මෙච්චර වෙලා ඔයාලට ලිව්වෙ, කතාව බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් ඉල්ලනවා. මේ උපසිරසිය මට ලබාදුන් අශාන් විමුක්ති ( හැන්ඩි) සොයුරාටත් සැමවිටම දිරිමත් කරන තරිඳු රුක්ශාන් සොයුරාටත් fb පිටුව හරහා සම්බන්ධ වී සිටින සුජීව ඇතුලු මිතුරන්ටත් ස්තූති කරන අතර අඩුපාඩු ඇත්නම් සමාවන ලෙසද ඉල්ලා සිටිනවා. ඔයාලගෙ ඉල්ලීම් ඇත්නම් (චිත්‍රපට) දන්වා එවන්න. පුලුවන් විදියට කරන්න බලන්නම්.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබට ජය…

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 810MB |

CA998DFFC1CAC7792097FBB40929D8E5D895BC95

Direct Download

| Bluray | x264 | 720p | 810MB |

        

| Bluray | x264 | 480p | 380MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *