Guardians of the Galaxy Vol. 2 (2017) | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්….

Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxyකණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය තුලින්. පසුව විවිද මාර්වල් කොමික් කීපයක් මගින් මේ කණ්ඩායම ඉදිරිපත් කරා. Marvel Two-In-One #4–5 (July–Sept. 1974) සහ Giant Size Defenders #5 සහ Defenders #26–29 (July–Nov. 1975). පසුව මේ කණ්ඩායම Marvel Presents #3–12 (Feb. 1976 – Aug. 1977) පැමිණියා. Thor Annual #6 (1977), The Avengers #167–177 (Jan.–Nov. 1978) සහ #181 (March 1979), Ms. Marvel #23, Marvel Team-Up #86 (Oct. 1979), සහ Marvel Two-in-One #61-#63 & #69 (Nov. 1980) මගින් පැමිණි මේ කණ්ඩායම 1980 දී තමන්ගේම කොමික් කතාවක් ලෙසින් Guardians of the Galaxy #1ලෙස ඉදිරිපත් උනා.

හැබැයි මුල්ම කණ්ඩායම උනේ අපි මේ වෙනකොට MCU එකේ දන්නා සෙට් එකනම් නෙවෙයි.Major Vance Astro, Major Vance Astro, Martinex, Yondu තමයි මුල්ම ගාඩියන් කණ්ඩායම උනේ. Starhawk, Nikki, Aleta Ogord, Replica, Talon, Yellowjacket, Geena Drake පසුව මෙම කණ්ඩායමට එකතු උනා, MCU ඒක ගැන කතා කරද්දී ඉතින් මේ කණ්ඩායම ගැන කතා කරලා වැඩක් නැහැනේ.. ඉතින් අපි බලමු MCU එකට අදාළ කරගත්තු 2008 දී එළිදක්වපු කණ්ඩායම ගැන. “Annihilation: Conquest” #6 (April 2008) තුලින් තමයි මේ කණ්ඩායම මුලින්ම එළිදක්වුවේ. පසුව 2008 මැයි මාසයේදී Guardians of the Galaxy vol. 2, #1 එළිදක්වනු ලැබුවා.. 2008 එළිදැක්වුණු මෙම දෙවන අදියරේ කතා මාලාව තුලින් තමයි අපි දන්නා කියන ඩ්‍රැක්ස්, ගමොරා, ගෘට්, ස්ටාර් ලෝර්ඩ්, රොකට් රැකූන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් උනේ.

2014 දී පැමිණි Guardians of the Galaxy සිනමාපටය අති සාර්ථක වූවා. ඩොලර් මිලියන 770 ට අධික අදායමක් ලද මෙය James Gunn ගේ අධ්‍යක්ෂණයක්… විශේෂයෙන්ම Awesome Mix Vol. 1 නමින් පැමිණි ගීත මාලාව තුලින් සිනමාපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.. ඉතින් මේ සාර්ථකත්වය නිසාමAwesome Mix Vol. 2 ගීත මාලාව සහිතව Guardians of the Galaxy Vol. 2 නිර්මාණය උනා. ජේම්ස් ගන් ම තම මේකෙත් අධ්‍යක්ෂණය. සිතුව විලසම සාර්ථක වෙමින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 860 ට අධික අදායමක් ලබාගෙන තියෙනවා. මේ අවුරුද්දේ දැනට තෙවෙනියට වැඩිම අදායම ලද සිනමාපටය මෙයයි.

ජේම්ස් ගන් සමඟ සංගීත අධ්‍යක්ෂණය කළ Tyler Bates දෙදෙනා විසින් තමයි මෙහි ගීත ඇල්බමය තෝරා තිබෙන්නේ. බොහෝ දෙනා පවසන විදියට පළමු සිනමාපටයේ Awesome Mix Vol. 1 වලටත් වඩා Awesome Mix Vol. 2 සාර්ථක ගීත ඇල්බමයක් බවයි. සුපුරුදු විදියට ක්‍රිස් ප්‍රේට්, සෝ සල්ඩනා, Dave බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රඩ්ලි කූපර් කණ්ඩායමට අමතරව කර්ට් රසල්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ද එල්වනු ලැබුවා. කතාව ගැන කියන්නනම් අදහසක් නැහැ බලලම දැනගන්නකෝ. හැබැයි කියන්නම් මේ පාරනම් වෙනස්ම කතාවක් තමයි යන්නේ.. MCU එකේ ඉන්ෆිනිටි ජෙම් ප්‍රධාන තේමාවෙන් එලියට ගිහින් අපූරු කතාවක් ගොඩනගලා තියෙනවා මේකෙදි. ඒවගේම අපූරු ආෆ්ටර් ක්‍රෙඩිට් කීපයකුත් තියෙනවා….

ඒ වගේම මේ සලරුව MCU එකේ සංවේදී අවසානයක් සහිත එකක්.මම නෙවේ මේකෙ අධ්‍යක්ෂක තුමාම තමයි කියල තියෙන්නේ ඒක.. ආරම්භක දර්ශණයම බලපු මටත් අවංකවම යොන්ඩුගෙ සීන් එකේදි කඳුලු ආවා. මෙවර කතාව පියවරුන් පාදක කරගෙන නිමවුනත් පීටර් සහ ඊගෝ අතර සම්බන්ධය නොව පීටර් සහ යොන්ඩු අතර සම්බන්ධය සහ යොන්ඩු තමාව රැකගත් ආකාරයට ගෘෘට් හට පීටර් පියෙක් වන ආකාරය සංවේදී ලෙස පෙන්වලා තියෙනවා. ඒ වගේම නෙබියුලා, ගමෝරා සොයුරියන්ගේ කතාවත් මනාව දක්වනවා. මේ කතාව අවසන් වන්නේ මාවල් විශ්වයේ තවත් දැවැන් චරිතයක අනාගත ආගමනයක සලකුනු පෙන්වලා.. ඒ ඇඩම් වෝලොක්.. මෙයා ගැන කියන්නනම් අදහසක් නෑ… ඉස්සරහට කියන්නම්කෝ.. දැනට මතක තියාගන්න ඉන්ෆිනිටි ජෙම් කතාවල මෙයා දැවැන්ත චරිතයක් කියලා.. හැබැයි MCU Infinity War එකේදි මෙයා නෑ කියල තහවුරු කරලා තියෙන්නේ.. ඒ කියන්නේ GoG Vol:3 එනකල් ඉන්න වෙනවා මෙයාව බලාගන්න…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 999MB |

A2E7EA58534C1769D50EAD2DA2778836E407084C

Direct Download

| Bluray | x264 | 480p | 425MB |

  

| Bluray | x264 | 720p | 999 MB |

  

| Bluray | x264 | 1080p | 2.1GB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

10 thoughts on “Guardians of the Galaxy Vol. 2 (2017) | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්….

  • August 8, 2017 at 2:01 am
    Permalink

    WEB-DL | x264 | 720p | 856 MB me copy ekata site eke deela thiyena sub eka match venne na.,mata poddak kiyanavada mona copy ekatada sire eke sub eka match venne kiyala

    Reply
    • August 8, 2017 at 10:30 am
      Permalink

      player eka change karala balanna. Subtitle Sync eka time delay eka wenas wela athi. sub nam wada hariyatama.

      Reply
      • August 8, 2017 at 10:41 am
        Permalink

        anthima hariyata balanna mara vidihata issarahin yanava.mona player eke dammath 860 mb copy eke.

        Reply
        • August 8, 2017 at 10:43 am
          Permalink

          anthima hariyata balanna mara vidihata issarahin yanava.mona player eke dammath 856 mb copy eke.

          Reply
  • August 8, 2017 at 7:40 am
    Permalink

    Machn torrent link tika pennan nane

    Reply
  • August 10, 2017 at 4:26 am
    Permalink

    800mb OL LINK එක වැඩ නෑ. අනිත්ව වැඩ.
    ස්තුතියි.

    Reply
  • May 21, 2018 at 12:17 pm
    Permalink

    Torrent weda karannet nh direct link dennet nhne mchn. weda krna link ekk reply krpnko..

    Reply
  • May 30, 2018 at 10:29 am
    Permalink

    425 bluray copya hinde BaSHAWEN theyenne..

    aiyyo mama bawane.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *