Diya (2018) | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය!

සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන…
හුරතල් කිරීමට නොහැකි වුවත්…
ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි.සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
වචනයකුදු නොදොඩා…
අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක ආමන්ත්‍රණය කරාවි!තුලසි සහ ක්‍රිෂ්ණන්! අලුත විවාහපත් වූ ආදරණීය යුවලක්. බැලූ බැල්මට නම් මේ යුවලත් අනෙකුත් සාමාන්‍ය යුවලක් වගේ තමයි පේන්නේ. හැබැයි, මේ ආදර කතාව පසුපස බොහොම ඛේදජනක අතීත කතාවක් ගලායනවා. ජීවිතය කියන්නේ හැමතිස්සෙම අපිට උවමනා දේ විතරක්ම වෙන තැනක් නෙමෙයි. ජීවිතය අපේ වුනත්, අපිට සමහර තීරණ අකමැත්තෙන් වුනත් අරගන්න සිද්ධවෙනවා, අනිත් අයගේ බලපෑම මත. සමහර විට අහිමිවීම් සිද්ධවේවි. ඒත්, ඒ සියල්ලක්ම දරාගෙන ජීවිතයේ ඉදිරියට යන්න සිද්ධවේවි. මේ තමයි ජීවිතයේ ස්භාවය. මං අර ඉහත කියපු යුවලත් අන්න ඒ වගේ තමයි. හැබැයි, මේ කතාව වැඩියෙන්ම බර වෙන්නේ තරුණියට. ඒ කියන්නේ, මේ තුලසිට. වසර පහක් තිස්සේ අතිශය දරුණු ඛේදවාචකයක් ඇය සිය සිතෙහි තදකරගෙන හිටියා. නමුත්, වසර පහක් පුරාවටම ඇය සිහින දැක්කා. වසර පහක් පුරාවටම දිනෙන් දින ඇයගේ සිහිනය දළු ලා වර්ධනය වුණා. ඇය ඇයගේ සිහිනයත් සමගින් ජීවත් වුණා. නමුත්, සැබෑවටම එය සිහිනයක්ද? නැහැ! වසර ගණනාවක් පුරාවට දළු ලා රෝපණය වුණු මේ සිහිනය දවසක් දා සැබෑවක් බවට පත්වුණා!හිටිහැටියේම තුලසිගේ සහ ක්‍රිෂ්ණන්ගේ පවුලේ සමීපතම පුද්ගලයන් කීපදෙනෙක් ඉතාමත් අභිරහස් අන්දමින් දින කීපයක් ඇතුලත මිය යන්න පටන්ගත්තා. බැලූ බැල්මට නම් අනතුරක් වගේ පෙනුණත්, මේ හැම මරණයක්ම සිද්ධවුණේ හුස්ම හිරවීම හේතුවෙන්. ඒ වගේම, මේ හැම කෙනෙක්ම මැරෙන්න කලින් අවසානෙට දැකපු කෙනා තමයි තුලසි කියන්නේ. කොහොමද මෙහෙම වෙන්නේ? අනතුරක් විදියට පෙන්නුම් කරමින්, මේ යුවලගේ සමීපතම නෑදෑයන් පමණක් මේ ආකාරයෙන් අභිරහස් ලෙස මියයන්නේ කෙසේද? එතකොට මොකක්ද මේ නූපන් දරුවෙක් ගැන කියලා තියෙන්නේ? අවුරුදු පහකට කලින් මේ යුවලට සිදුවෙච්ච අතිශය දරුණු ඛේදවාචකය මොකක්ද? අවුරුදු පහක් තිස්සේ තුලසි දැකපු හීනය මොකක්ද? අන්තිමේදී මේ හීනය හැබෑ වුනේ කොහොමද? ප්‍රශ්න කෝටියයි! පිළිතුරු අවශ්‍යයි නම්, පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ දිග හැරෙන්නා වූ මේ සිනමා සිත්තම බොහොම අපූරුවට ඔබට පිළිතුරු සපයාවි. බොහොම සංවේදී අවසානයක් සමගින්, මොකක්ද මේ වුණේ කියලා කට ඇරගෙන කල්පනා කරන්න තරම් ප්‍රබල අවසානයක් මෙම චිත්‍රපටය සතු වෙනවා.මතකද ප්‍රේමම්? ඉන්දීය චිත්‍රපට ප්‍රේක්ෂකයෙක් නම් ප්‍රේමම් කොහොම අමතක වෙන්න ද නේද? එතකොට මතකද දන්නේ නැහැ ප්‍රේමම් එකේ මලර් ටීචර්ව? ප්‍රේමම් බැලුවා නම් මලර් ටීචර්ව අමතක වෙච්ච කෙනෙක් ඉන්න බැහැ නේද? ඔව්. ප්‍රේමම් තුලින් මුළු ඉන්දියාවක් විතරක් නෙමෙයි, ලෝකයක් හොල්ලමින් මලයාලම් සිනමාව ලෝකෙටම අරගෙන ගියපු ඒ පුංචි කෙල්ල සායි පල්ලවී තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ. චිත්‍රපට ක්ෂේත්‍රය තුල මේ පුංචි කෙල්ල තවම රංගනයෙන් සහභාගී වෙලා තියෙන්නේ සිනමා නිර්මාණ අතලොස්සක් සඳහා පමණයි. හැබැයි, මේ අතලොස්සක් වූ සිනමා නිර්මාණ තුලින් ලොව වටාම අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඇය වෙත ආකර්ෂණය කරගැනීමට මේ පුංචි කෙල්ල පුදුමාකාර දක්ෂයෙක් වුණා. මේ නිසාම, සිය හැඩකාර, කටකාර රංගන ප්‍රතිභාවෙන් ලොවක් අමන්දානන්දයට පත්කළ ඇය, මෙම නිර්මානයත් සමගින් දමිළ සිනමාව වෙත පා තබනවා. බැහැයි, වෙනදා දැකලා පුරුදු විනෝදකාමී, කටකාර සායි පල්ලවී නම් ඔබට මේ සිනමා නිර්මාණය තුලින් දැකගන්න ලැබෙන එකක් නැහැ. ඒ වෙනුවට, බොහොම බැරෑරුම්, සංවේදී චරිතයක් බොහොම අපූරුවට ඔබ හමුවේ ගෙන එන්නට ඇය සමත්කම් දක්වනවා. Thaandavam (2012), Thalaivaa (2013), Vanamagan (2017) වගේ දැවැන්ත නිර්මාණයක් දමිළ සිනමාවට දායාද කරපු A. L. Vijay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. චිත්‍රපටය ගැන කියනකොට සංගීතය ගැනත් නොකියම බැහැ. මතකද Vikram Vedha චිත්‍රපටයේ තිබ්බ අති විශිෂ්ඨ සංගීතය? ඔව්, Vikram Vedha චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු Sam C. S. තමයි මේ චිත්‍රපටය පුරාවටම අතිශය සුමියුරු නාද රටාවන්ගෙන් මේ සිනමා නිර්මාණය ඒකාලෝක කරමින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ. චිත්‍රපටයේ මැදකදී ඔබට නරඹන්න ලැබේවි අතිශය මියුරු සංගීතයෙන් වර්ණවත් වෙච්ච, බොහොම සංවේදී, අතිශය මියුරු ගීතයක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න, චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙන ළමා නිළිය. නමින් ඇය Veronika Arora. යන්තම් අවුරුදු පහ හයක් විතර ඇති. හැබැයි, ඇයගේ රංගනය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි… අනර්ඝයි!

Thriller, Horror යන කාණ්ඩ නියෝජනය කරමින් අප්‍රේල් 27 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මෙම ලිපිය ලියන මොහොත වනවිට IMDB දර්ශකය 7.3 ක් වැනි ඉහළ අගයක් කරා කරකවන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ, මුලින් මේ චිත්‍රපටය නම් කරලා තිබුනේ Karu කියන නමින්. ඒත්, හිටි හැටියෙම චිත්‍රපටයේ නම Diya කියලා වෙනස් කළා. ඒ වගේම, මේ චිත්‍රපටය තෙලිඟු භාෂාවෙන් පවා සමගාමීව නිර්මාණය කරලා තියෙනවා Kanam කියන නමින්. තව දෙයක්, Horror කැටගරියේ චිත්‍රපටයක් කිව්වම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හොල්මන් ඉන්න චිත්‍රපටය. මේකට හේතුව, වර්තමානයේ බිහිවෙන බොහොමයක් Horror චිත්‍රපට වලට පාදක වෙන්නේ හොල්මන් සහිත කතා. මේ නිසාම ප්‍රේක්ෂකයා වැරදි වැටහීමක් අරගෙන තියෙනවා, Horror චිත්‍රපටයක් නම් අනිවාර්‍යයෙන්ම හොල්මන් තියෙන්න ඕනේ කියලා. හැබැයි, Horror චිත්‍රපටයක් කියන එකේ නියම අර්ථය තමයි, ත්‍රාසය/භීතිය/තැතිගැන්ම සහිත නිර්මාණයක් කියන එක. විශේෂයෙන් මෙහෙම කියන්න හේතුව තමයි, මේකත් Horror චිත්‍රපටයක්. හැබැයි, සාම්ප්‍රදායික Horror කලාවෙන් ඈත්වෙලා, අලුත් මානයක් වෙත දොරටු විවර කරන්න උත්සාහ දරපු නිර්මාණයක්. මෑතකදී හින්දි සිනමාවෙන් එළිදක්වපු Pari චිත්‍රපටයත් මේ අන්දමේ අන්දමේ Horror කැටගරියේ වෙනත්ම මානයක් සොයාගියපු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්.

එහෙනම්, අරගෙනම බලන්න. කැමති නම් ට්‍රේලර් එකත් මුලින්ම නරඹලා ඉන්න. වෙනස්ම විදියකට ඔබව හිතන්න පොළඹවන, අවසානයේ ඔබට හිතන්න යමක් ඉතුරු කරන, සමාජයට වැදගත් පණිවිඩයක් රැගෙන එන, කම්මැලිකමෙන් තොරව නරඹන්න පුළුවන් වෙනස්ම නිර්මාණයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම්, හැමදෙනාටම ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | ESub | 700MB |

c779817e16f08b1c397583a878c13428051c994b

| HDRip | x264 | 720p | 1.4GB |

7c30bc3eeb32e185060f937f0e234dc60d2dbf28

Direct Download

| HDRip | x264 | Esub | 200MB |

        

| HDRip | x264 | Esub | 400MB |

        

| HDRip | x264 | ESub | 700MB |

           

| HDRip | x264 | 720p | 1.1GB |

           

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *