Early Man (2018) | ගල් යුගයේ මුල් මිනිසා…{ Bluray Updated }

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරසියක් කරලා එව්වේ. ඒ BBC නාලිකාව මඟින් නිපැයුණු Jamaica Inn බ්‍රිතාන්‍ය ටෙලිනාට්‍ය මාලාවට යි. ඒ උපසිරැසි නිර්මාණයේ ඉඳලා මේ දක්වා American Crime Story, The Lost Room, Great Expectations, Barracuda ඇතුළු රුපවාහිනී කතාමාලා කිහිපයකුත්, Laadla හින්දි චිත්‍රපටයටත්, එමෙන්ම Armageddon, Casper, Zodiac, From Hell, The Post ඇතුළු ඉංග්‍රීසි චිත්‍රපට ගණනාවකටත් සිංහල උපසිරසි කරල දීලා දන්නෙම නැතුව මේ වෙද්දී උපසිරැසි පනහක් දක්වා බයිස්කෝප් එකත් එක්ක ඇවිල්ල තියෙනවා. උපසිරැසි කරන අය දන්නවා මේ අපූරු කොටි වලිගය අල්ලගත්ත කෙනෙකුට අතහරින්න නොහිතෙන දෙයක් බව.

මම මුල්වරට මේ අඩවියෙන් අඳුරගත්තේ අශාන් විමුක්ති (විමා) සහෝදරයාව. ඒ මගේ මුල්ම උපසිරැසි ඉල්ලීමට දක්වපු ඊමේල් ප්‍රතිචාරයෙන්. කාලයත් එක්ක ඉන් පස්සේ සමීර කරුණාරත්න සහෝදරයා, හසන්ත වික්‍රමරත්න සහෝදරයා, රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද් සහෝදරයා, ආසිරි ප්‍රියන්ත සහෝදරයා, සිසිල ප්‍රසාද් සහෝදරයා, අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා එතනින් ගියාම මයුර සුරාජ් සහෝදරයා (මගේ කුස්සි අම්මා සහෝදරයා), තිසර නියෝ සහෝදරයා, අචින්ත මදුමාල් සහෝදරයා එතකොට දිල්ශාන් සචින්ත සහෝදරයා, ඉසුරු දිල්ශාන් සහෝදරයා, සසිත් සදරුවන් සහෝදරය වගේම නිර්මාණි සහෝදරියත් හෙළිලි හේමමාලි (හෙරළි හෙවත් ගමහාමිනේ ) “නැගණිය” වත් අඳුරගන්න ලැබුණා. ( මම කාවහරි හලලා තියේනම් කරුණාකර ඒ ගැන දහස් වාරයක් සමාව භාජනයට දමන්න ) අන්තර්ජාලය හරහා හඳුනාගත් මේ අයගෙන් මට මුහුණට මුහුණ හමුවෙලා තියෙන්නෙ අචින්ත මදුමාල් සහෝදරයා පමණයි. ඒ ඔහු මගේ විශ්වවිද්‍යාලයේ ඉන්න නිසා! (අනෙක් අය යථාකාලයේදී තථා අයුරින් හමුවේවි කියල හිතනවා. ? ) එහෙම වුණත් ඇත්තෙන්ම බයිස්කෝප් අඩවිය නිසා මේ පිරිස සැහෙන්න ෆිට් වුණා.

ඒවගේම මේ විශේෂ අවස්ථාවේ මම මතක් කරන්න ඕනෙ, මගේ ඉල්ලීම හමුවේ පනස්වැනි උපසිරැසිය සඳහා මට හොඳ චිත්‍රපටයක් තෝරා දුන්, ඉදහිට ෆේස්බුක් එකේ මා සමඟ ගජරාමෙට වලි දාගන්න ( ? ) අශාන් විමුක්ති සහෝදරයව. ඒවගේම මේ වෙනුවෙන් තමන් තෝරාගත්ත සිනමා නිර්මාණය නිර්ලෝභීව මට දන් දුන් ‘සත්ගුණවත්’ හසන්ත වික්‍රමරත්න සහෝදරයාවත් මම අතිශය කෘතඥතා පුර්වකව මතක් කරන්න ඕනෙ. ? මේ ඩබල ඒ උපකාරය කළ නිසයි මට මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න අවස්ථාව ලැබුණේ. ඒවගේම බයිස්කෝප් අඩවිය හැමදාම ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තියාගෙන ඉන්න අපේ සුවහසක් රසික රසිකාවියන් සහ විශේෂයෙන්ම කමෙන්ට් වලින් අපව දිරිමත් කරන රසික රසිකාවියන්ටත් මගේ හදපිරි ප්‍රණාමය පිළිගන්වන්න මේක අවස්ථාවක් කරගන්නවා.

2018 වසරේ ජනවාරි 26 නිකුත් වුණු Early Man බ්‍රිතාන්‍ය නැවතුම්-චලන (Stop-Motion) සජීවිකරණ වර්ගයේ ඓතිහාසික ක්‍රීඩාමය ප්‍රහසන චිත්රපටයක්. Mark Burton සහ James Higginson විසින් රචිත පිටපතකට අනුව මෙය අධ්‍යක්ෂණය කළේ Nick Park විසින්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න ආදායමක් ඉපයීමට සමත් ව තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටය විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර වලට ද ලක්වුණා.

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් මේ කතාව ප්‍රාග් ඓතිහාසික යුගයෙන් තමා පටන් ගන්නේ. ඒ කාලේ පොළවට කඩාවැටුණු උල්කාපාතයක් නිසා ඒ කාලේ හිටි ඩයිනොසොරස්ලා මියගියාට එක්තරා නිම්නයක ජිවත් වුණු ලෙන් මිනිස්සු කොට්ඨාශයක් ඉතිරිවෙනවා. අර පොළව දෙදරවාගෙන කඩාපාත් වුණු උල්කාපාතයෙන් ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවක් මේ අය දකිනවා. අල්ලන්නවත් බැරී තරම් රස්නෙට තිබුණු මේ ගෝලයට එයාලා පයින් ගහ ගහ සෙල්ලම් කරනවා. මේ විධියට තමයි මේ ෆිලුමේ හැටියට පාපන්දු එහෙම නැත්නම් ෆුට්බෝල් ක්‍රීඩාව හොයාගන්නේ ! ඊට වසර ගණනාවකට පස්සේ ගල් යුගයේදී අර ජනවර්ගයෙන් ඉතුරු වුණු මිනිස්සු හාවෝ දඩයම් කරගෙන කාලා ඔහේ ජිවත් වෙලා ඉන්නවා. මේ අයට මේ වෙද්දී පාපන්දු ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැහැ. මේ අතරේ හිටපු ඩග් කියන තරුණයාට අවශ්‍ය වෙනවා හැමදාම කන හාවෝ දඩයම් කරනවා වෙනුවට මේ අය ලොකු මැමත්ලා දඩයම් කරන්න ඕනෙ කියල, ඒත් ගමේ නායකයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ කාලයේම නූත් උතුමාණන් විසින් පාලනය කරන පිත්තල යුගයේ නගරයකුත් නිම්නය අසළ තියෙනවා. දවසක් එයාලා ගල් යුගයේ මිනිස්සු ඉන්න භූමියට කඩා වදින්නේ දැන් ගල් යුගය අවසන් වෙලා කියමින්. මෙතැනදී ඩග් සතුරන් එක්ක සටන් වැදුණත් ඔහුව පිත්තලයන්ගේ වාහනයකට ඇදවැටිලා නොදැනුවත්වම ඔහු පිත්තලයන්ගේ නගරයට යනවා. එහෙන් පැනලා යන්න හදනකොට අහම්බෙන් එයා එන්නෙ පිත්තලන්ගේ පාපන්දු තරඟයක් මැදට. මෙතැනදී ඩග් නූත්ට අභියෝග කරනවා තමන්ගේ ගම එක්ක පාපන්දු තරඟයකට එන ලෙස. එයින් තමන්ගේ ගම දින්නොත් නිම්නය ලෙන් වැසියන්ටම දීලා පිත්තලයෝ යන බවට ඔහු නුත්ව එකඟ කරව ගන්නවා. පාපන්දු ක්‍රීඩාව ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැති ගමේ අයගේ කණ්ඩායම ලෝක පාපන්දු ශුර පිත්තල ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන තරඟයෙන් දිනන්නේ කවුද? චිත්‍රපටය බලලාම ඒ ගැන දැනගන්න. අන්තිමේ ලෙන්වැසියන්ට නූත්ගේ පිත්තල පතලේ වහල් සේවයට යන්න වෙයි ද? නැත්නම් නිම්නය දිනාගන්න පුළුවන් වෙයි ද? පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරන අය මේකටත් කැමති වෙයි කියල හිතනවා එහෙම නැති අයටත් බලන්න පුළුවන් මේක ඉතාම රසවත් චිත්රපටයක්.

රංගන ශිලිපින්:

  • Eddie Redmayne – ඩග් ලෙසින්
  • Tom Hiddleston – නූත් උතුමාණන් ලෙසින්
  • Maisie Williams – ගූනා ලෙසින්
  • Timothy Spall – බොබ්නාර්, ගමේ ලොක්කා ලෙසින්
  • Miriam Margolyes – ඌ-ෆීෆා රැජිණ ලෙසින්
  • Kayvan Novak – තීරක ඩිනෝ ලෙසින්
  • Rob Brydon – බ්‍රයන් සහ බ්‍රයන් නිවේදක දෙපල ලෙසින්
  • Brydon – පණිවුඩ කුරුල්ලා ලෙසින්
  • Richard Ayoade – බය හිතෙන ට්‍රීබෝර් ලෙසින්
  • Selina Griffiths – මැග්මා (ට්‍රිබෝර්ගේ මව) ලෙසින්
  • Johnny Vegas – නොඉවසන ඇස්බෝ ලෙසින්
  • Mark Williams – මෝඩ බැරී ලෙසින්
  • Gina Yashere – අසනීප ග්‍රැවල් ලෙසින්
  • Richard Webber – බඩගිනි ග්‍රබ් අප් ලෙසින්
  • Simon Greenall – විහිළු ඊමාක් ලෙසින් / තොන්ගෝ ලෙසින්
  • Nick Park – හොග්නොබ් ලෙසින්

මේ සිංහල උපසිරැසි ලබා දී ඇත්තේ, Early.Man.2018.READNFO.HDRip.XviD.AC3-EVO [1.19 GB] පිටපතට ගැළපෙන අයුරින්. මේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 750MB |

907B3F5B2BAF08509B5C0EC484FFB6FCA3E05075

Direct Download

| Bluray | x265 | 720p | 680MB |

        

| Bluray | x264 | 720p | 750MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Early Man (2018) | ගල් යුගයේ මුල් මිනිසා…{ Bluray Updated }

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!