PSV Garuda Vega (2017) | ප්‍රභල ප්ලුටෝනියම් වංචාව…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයන්ට සුභ දවසක්ම වේවා…! අදත් මා ඔබ හමුවට පැමිණියේ පසුගිය වසරේ අවසානයේ තිරගතවු Action | Drama | Spy Thriller වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා කෘතියක් සමඟින්…! චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට භාරදුන් දින සිට මේ දක්වා ඔබ හමුවට රැගෙන ඒමට ප්‍රමාදවීම ගැන මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරතුරම මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් කවදත් මට උදව්කරනා අප අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝටද ස්තුතිය පිරි නමනවා.2017 වසරේ නොවැම්බර් මස 03 දින ධන සමාලෝචන මධ්‍යයේ ලොවපුරා තිරගත කිරීම ආරම්භකල මෙම චිත්‍රපටය Praveen Sattaru සහ Niranjan Reddy යන දෙපලගේ අධ්‍යක්ෂණයෙන් හා කතාවෙන් හැඩගැන්වූවක් මෙහි නිෂ්පාදනය M Koteswara Raju විසින් සිදුකර ඇත.තවද මෙම චිත්‍රපටය imdb හි අගය 8.0/10 ම ලබාගැනීමටද සමත්ව තිබෙනවා. නළු නිලියන් ගතහොත් Rajasekhar, Pooja Kumar, Kishore, යන අය ප්‍රදාන චරිත නිරුපණය කරනවා. මෙම සලරුව සඳහා වියදම $ 5,000,000 ක් ලෙසින්ද ආදායම ලෙස $ 10,000,000 ක් ලෙසද සටහන් වනවා.කතාව වෙන්නේ මෙහෙමයි සේකර් කියන්නේ ජාතික විමර්ශණ කාර්ය්‍යාංශයේ වැඩකරන සහකාර කොමසාරිස්වරයෙක් එයාගේ රාජකාරි බහුලත්වය කොහොමද කියනව නම් වෙලාවට කලාවට ගෙදරවත් යන්න වෙන්නෙ නෑ ඔන්න ඉතින් එහෙම උනාම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ගෙදර අයගේ බර බරේ ගැන ඒ නිසාම සේකර් රස්සාවෙන් ඉල්ලා අස්වෙන්න ලියුමකුත් බාරදෙනවා මොකද එයාගේ නෝනට හොඳටම තරහ ගිහින් දික්කසාඳය දක්වා යන්න හදපු නිසා..! දවසක් සේකර්ගේ වාහනේට ඇවිත් ගැටෙන පුද්ගලයෙක් නිසා සේකර්ගෙ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා සේකර් ඒ පිටිපස්සේ හඹායද්දි සේකර්ට අහන්න දකින්න වෙන්නේ වෙනමම දේවල් ටිකක් ඒ දේවල් අවසානේ සේකර් හොයාගන්නවා නඟරයේ හෙට දින පවත්වන ලබන ජනතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බව තම ඉල්ලා අස්වීම පැත්තකට දාපු සේකර් තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙලා කොහොම හරි බෝම්බ ප්‍රශ්නේ විසඳුවත් එතනින් තවත් අලුත් ප්‍රශ්නයක් පටන්ගන්නවා ඒ තමයි ඉහල මාතෘකාව දාලා තියෙන කාරණාව ඉතින් හිතුව තරම් ලේසියෙන් ගොඩ එන්න බැරි මේ අවුල සේකර් කොහොම විසඳයිද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කියලා සියලු දෙනාටම ආරාධනාකරන ගමන්ම අදට මා සමුගන්නවා ඒ වගේම පහලින් ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනවා..!

ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB |

fade4658fc8da907c62c9a51388816408448b665

Direct Download

| HDRIP | x264 | SD | 200MB |

           

| HDRIP | x264 | Esub | 400MB |

           

| HDRIP | x264 | Esub | 700MB |

                 

| HDRIP | x264 | 720p | 860MB |

                 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “PSV Garuda Vega (2017) | ප්‍රභල ප්ලුටෝනියම් වංචාව…

  • May 18, 2018 at 8:59 pm
    Permalink

    Meke 1.4GB copy eka man gatte sub eka kariyata yanne na dan mokada karanne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *