Race (2008) | ජය කාටද…?

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්.

චිත්‍රපටියේ නම ඔයාලා අහලා පුරුදු ඇති නේද? සමහරවිට බලලත් ඇති. 2008 වසරේ නිකුත් වූ මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනාමා දර්ශකයේ 6.2/10 අගයක් අරන් තිබුනාට මට නම් හිතෙන්නේ මේක ඊට වඩා ඉහල තැනක තියෙන්න ඕන කියලයි. සායීෆි අලීඛාන් (රන්වීර් සිං), අක්ෂේ ඛන්නා (රාජීව් සිං), බිපාෂා බාසු (සෝනියා), කට්රිනා කයිෆ් (සොෆියා) තමයි චරිත නිරූපනය කරන්නේ. ඉන්න අය ගැන දැනගත්තා නේ? ආ .. තව අනිල් කපූර් එහෙමත් ඉන්නවා මේකෙ.

ඉතින් මං කතාවත් ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ? රන්වීර් සිං කාර්යයාලයෙන් එළියට බැහැලා තමුන්ගේ පෞද්ගලික කාරයෙන් යන්න පිටත් වෙනවා. ටික දුරක් මේ විදියට යනකොට පාරේ යකඩ බට පටවා ගත්ත ලොකු වාහනයක් යනවා. රන්වීර් ට මේ වාහනය පහු කරන්න ඕන වුනත් මේ ලොරියේ රියදුරා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙහෙම යද්දි මේ වාහනේ තියන යකඩ බට රඳවපු පටි ගැලවිලා බට පාර පුරා වැටෙනවා. ඒත් එක්කම ලොරිය පාර හරහා නතර වෙනවා. රන්වීර් ගේ රථය මේ බටයක වැදිලා ලොරියට උඩින් ගිහින් බිම වැටෙනවා. මේ සිදුවීමෙන් තමයි චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. කොහොමද මේ අනතුර සිද්ධ වෙන්නේ? ලොරියේ රියදුරා සහ රන්වීර් අතරේ තියන සම්බන්ධය මොකද්ද? අනතුරින් රන්වීර් මැරුණද? මේ අය අතරේ තියන සම්බන්ධය මොකද්ද? මේ ගැටලු ලිහාගන්න මේ චිත්‍රපටිය නරඹන්නම ඔයාලට වෙනවා.

                                           

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 760MB |

81C795326EBAB3D1946E3643192EC0C1A460B447

Direct Download     

| Bluray | x264 | 480p | 500MB |

         

| Bluray | x264 | 720p | 760MB |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *