Hey Jude (2018) | ආදරය ලෙසින් ආ ජීවිතය.. { HDRip Updated }

ජූඩ් කියන්නේ කේරලයේ කොචි වල ජීවත්වන තරුණයෙක්.මෙයා ටිකක් විශේෂ කෙනෙක්. අසාමාන්‍ය ලක්ෂණ තියෙන කෙනෙක්. එක අතකින් මෙයාට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න හැකියාවක් ඇත්තේ නෑ .එයාගේ හැඟීම් අනිත් අය එක්ක බෙදාගන්න එයාට බෑ. කොටින්ම කිව්වොත් ජූඩ්ට කිසිම යාළුවෙක් නෑ. හැබැයි අනිත් අතට ජූඩ්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ගණිතමය හැකියාව. එයාගේ ගණනය කිරීම් සහ සංඛ්‍යාන හැකියාවන් සාමාන්‍ය කෙනෙකුට වඩා ගොඩක් ප්‍රබලයි. ක්‍රීඩකයින්ගේ කුසලතා පිලිබඳ සංඛ්‍යාන දත්ත විශ්ලේෂණය කරලා ක්‍රිකට් තරඟයකින් දිනන්නේ මොන කණ්ඩායමද කියන එක නිශ්චිතවම කියන්න ජූඩ් ට පුළුවන්. එයා මොනතරම් අසාමාන්‍ය වුනත් ඒ තරමටම එයාගේ ගණිතමය හැකියාව ප්‍රබලයි.

ජූඩ්ගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ජූඩ්, තාත්තා, අම්මා සහ නංගි තමයි ජූඩ්ගේ පවුලේ ඉන්නේ. ඉතින් කලින් කියපු විදියට ජූඩ්ට සාමාන්‍ය වුනත් අනිත් අයට අසාමාන්‍ය විදියට ජූඩ්ගේ ජීවිතේ ගෙවිලා යනවා. ඔය අතරේ දවසක ජූඩ්ගේ තාත්තට ඕනේ වෙනවා ජූඩ් යි එයාගේ අම්මායි එක්ක තාත්තගේ අවශ්‍යතාවයකට ගෝආ යන්න. ජූඩ් බොහොම අකමැත්තෙන් තමයි අවසානයේදී මේ ගමනට කැමති වෙන්නේ. කොහොමවුනත් ජූඩ් අකමැති වෙන මේ ගමනම තමයි අසාමාන්‍ය ජූඩ්ගේ ජීවිතය සාමාන්‍ය අතට ගෙන එන ගමන වෙන්නේ. ජූඩ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නේ.මේ විදියට ගෝආ ගමනෙන් වෙනස්වන ජූඩ්ගේ කතාව තමයි.

Hey Jude (2018)

පසුගිය පෙබරාවාරි 2වෙනිදා තමයි චිත්‍රපටය තිරගතවීම් අරඹන්නේ. මේක අයත් වෙන්නේ Drama ගණයට.Premam(2015)න් රසික හදවත් දිනාගත් Nivin Pauly ජූඩ්ගේ චරිතයට පණ පොවනවා. කොලිවුඩ් සුරූපිනිය Trisha Krishnanගේ මොලිවුඩ් සම්ප්‍රාප්තිය මේ ෆිලුමත් සමඟින් සනිටුහන් වෙනවා. ෆිලුම මේ වෙද්දී 7.2ක IMDb මනාපයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ පවත්වන 48වන කේරල රාජ්‍ය චිත්‍රපට සම්මාන උළෙලදී සම්මාන කිහිපයක්ම ලබාගන්න සමත්වෙනවා.

මේ ෆිලුමේ තේමාව වෙන්නේ ඇස්පර්ජර් සහලක්ෂණය(Asperger syndrome) සහිත තරුණයෙක් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන විවිධ අභියෝග සහ ඔහු ඒවාට මුහුණදෙන ආකාරයයි. සමාජ අන්තර්ක්‍රියා සහ වාචික නොවන සන්නිවේදනය සම්බන්ධව උපතේ සිට ඇති අක්‍රමිකතා සහ හැසිරීමේ හා රුචිකත්වයන්හි පුනුරුක්ති රටාවන් සහිත තත්ත්වය ඇස්පර්ජර් සහලක්ෂණය විදියට හඳුන්වනවා. අපි ගොඩක් අය දන්න මනෝ මූලික තත්ත්වයක් වන ඕටිස්ම්(Autism) තත්ත්වය ට මෙම සහලක්ෂණය සමීප සහ සම්බන්ධයක් දක්වනවා. මේ වගේ මානසික ආබාධයන් තියෙන මිනිසුන් අපේ සමාජෙම කොටසක් වනවා මෙන්ම ඔවුන් ගැන අප දක්වන ආකල්පය මොන වගේ එකක් වෙන්න ඕනෙද කියන එක ගැන තව පාරක් හිතන්න ඕනේ කියන එක ෆිලුම අපට මතක් කරනවා.ඕටිස්ම් තත්ත්වය ගැන කියැවෙන පළමු ෆිලුම නම් මේක නෙවෙයි. ඒ ගොඩක් චිත්‍රපටවල තියෙන්නේ මේ විදියේ අසාමාන්‍ය හැකියාවක් සහිත කෙනෙක් සහ ඔහු සාමාන්‍ය ජීවිතය ගෙනයාමේදී පෙන්වන නොහැකියාවයි.කොහොමවුනත් ඇත්තම ඕටිස්ම් තත්ත්වය මේ චිත්‍රපට වලින් පෙන්වන තත්වයමද කියන එක ප්‍රශ්නාර්ථයක්. මොකද මේ ඇතැම් නිර්මාණ වලට ඕටිස්ම් සම්බන්ධ විශේෂඥයින්ගේ දෝෂාරෝපණ එල්ලවෙනවා. මෙයින් මේ සම්බන්ධ සැබෑ නොවන තත්ත්වයක් සමාජගත වෙනවා කියන චෝදනාවෙන්.මේ සම්බන්ධව ඔබත් උනන්දුවක් දක්වනවා නම් ඕටිස්ම් තත්ත්වය පාදක වුන චිත්‍රපට ගැන කියැවෙන වෙබ් පිටුවක්ම විකිපීඩියා අඩවියේ ඇතුලත් වෙලා තියෙනවා.ඒ වගේම ඉතාම මෑත කාලයේ මේ සම්බන්ධව ඇමෙරිකානු රූපවාහිනී කතා මාලාවක් විකාශය වෙනවා The Good Doctor නමින්. ඒ කොරියානු කතා මාලාවක අනුවාදයක් ලෙසින්.

පහුගිය දවස් වල සමහර මලයාලම් රසිකයෝ ගොඩක් මැසිවිලි නගමින් හිටියා හිතට වදින මලයාලම් ෆිලුමක් ළඟකදී නිකුත් වුනේ නෑ කියලා. මං හිතනවා මේ ෆිලුම ඒ තත්ත්වය වෙනස් කරාවි කියලා. Nivin, Trisha යුවලගේ රංගනය සහ මෙහි ඇතුලත් වෙනස්ම කතා තේමාව පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ අපව වෙනස්ම ලොවකට අරගෙන යන්න සමත්වෙනවා කිව්වොත් ඒකෙ වරදක් නැහැ.

ඉතින් අවසාන වශයෙන් හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් බයිස්කෝප් වලින් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු!
එතෙක් ඔබට ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

21E5186809A22B5015567FBF232A3121E12C19DF

Direct Download

| HDRIP | x264 | SD | 400MB | 

        

| HDRIP | x264 | ESub | 700MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Hey Jude (2018) | ආදරය ලෙසින් ආ ජීවිතය.. { HDRip Updated }

  • April 17, 2018 at 10:15 am
    Permalink

    400mb wage link ekak nedd

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!