V.I.P. (2017) වැදගත් ඝාතකයෙක්?

ආයුබෝවන්! V.I.P [very important person]. 2017 අගෝස්තු 23 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටිය Warner Bros කම්පැනිය විසින් තමයි  නිෂ්පාදනය සහ බෙදාහරීම කරල තියෙන්නෙ.ඒ වගේම තමයි ek villain චිත්‍රපටියට පාදක වුණු කොරියානු i saw the devill චිත්‍රපටිය සහ වාර්තා පිට වාර්තා තැබූ New world චිත්‍රපටිය මෙන්ම The Tiger: An Old Hunter’s Tale ඇතුලු තවත් චිත්‍රපටි ගණනක් අධ්‍යක්ෂණය කල පාක් හූන් ජන්ග් අධ්‍යක්ෂකතුමා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. crime/thriller/action ගණයට අයත් වෙන මෙම චිත්‍රපටියට imdb 6.4 ක අගයක් ලැබිල තියෙනවා.

සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි.. මේ සිද්දිය වෙන කාලෙ හිටපු උතුරු කොරියානු නායකයගෙ ගිණුම් තබන්නෙකුගෙ පුතෙක් වෙන කිම් ග්වන්ග් ඉල්[Lee Jong-suk] කියන්නෙ දාම ඝාතකයෙක්.. එහෙමත් නැතිනම් සීරියල් කිලර් කෙනෙක්. කිම් ග්වන්ග් ඉල් සහ ඔහුගෙ ගෝලයො කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ ඝාතන කාරන්නෙ.තරුණ කෙල්ලන්ට නොසෑහෙන ලෙස අහස පොළව නුහුලන වද දීලා අන්තිමට මරල දානවා.සමහර වෙලාවට මුළු පවුලම මරල දානවා.ඉතින් මේ කණ්ඩායම උතුරු කොරියාවෙන් පැනල යනවා. ඒ මෙයාගෙ තාත්තව ද්‍රෝහීකමකට අහුවෙන නිසා.ඒ පැනල යන්නෙ ඇමරිකානු CIA එකේ උදව්වෙන්.ඒකෙ ඉන්න පෝල් ග්‍රේ [Peter Stormare] තමයි මෙයාව පන්නගන්නෙ.ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මෙයාගෙ තාත්තගෙ චීනෙ තියෙන බැංකු ගිණුමක තොරතුරු ගන්න ඕනෙ නිසා.නමුත් එහෙ සිද්ද වෙන සිඳුවීම් වගයක් නිසා දකුණු කොරියාවෙ බුද්ධි අංශෙ උදව්වෙන් මේ ඝාතකයව දකුණු කොරියාවට යවනවා.ඒත් ඔවුන් දන්නෙ නෑ මෙයා මිනී මරුවෙක් කියන්න.

මීට අවුරුදු දෙකකට පස්සෙ දකුණු කොරියාවෙ සෝල් වලත් මේ වගේම අපරාද වෙන්න පටන් ගන්නවා.මේ සිද්දීන් භාරව ඉන්න පොලිස් නිලදාරියත් ඒ කාලෙම දිවිනසා ගන්නවා.ඒ නිසා මේ සිද්දිය විසඳන්න භාර වෙන්නෙ ඒ තැනට පත් වෙන චේ ඉදෝ [Kim Myung Min] නිලදාරීතුමාට.ඒ අතර මෙයා සාක්ෂි අරගෙන අපරාදකාරයව අල්ලගන්න යනකොට බුද්ධි අංශ නිලදාරී පාක් ජෙහුන් [Jang Dong-gun] මෙයාට බාධා කරනවා.ඒ මොකද එයාගෙ උදව්වෙන් තමයි මේ අපරාදකාරය කොරියාවට ආවෙ.. ඒ නිසා ආයතනෙ නම බේරගන්න ඕනෙවට මෙයා කිම් ග්වන්ග් ඉල්ව එයාගෙ හිරභාරයට ගන්න හදන්නෙ ජාතික ආරක්ෂක නීති කඩ කෙරුවට.නමුත් පොලිසියෙන් මූව අල්ලගන්න හදන්නෙ ඝාතණ සම්බන්ධව.ඒ අතරම ඇමරිකානු ඔත්තුකාරයන්ට ඕනෙ බැංකු ගිණුම් තොරතුරු නිසා එයාලත් මෙතන්ට එනවා.එතකොට මෙතන V.I.P කවුද කියල හැමෝටම තේරෙනව ඇතිනෙ නේද?

ඉතින් ඕක නිකන් සාරාංශෙ විතරයි.පැය 2 ක් වැනි කාලයක් කුතුහලෙන් මෙන්ම රසවත්ව බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක..අදට එහෙනම් ගිහින් එන්නම්.[YTS] එකෙන් ටොරෙන්ට් එක බාගන්න පුළුවන්.

බුදුසරණයි!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  BluRay | x264 | 720p | 1GB |

30CD7ED757733B1D4AE5AEEE9B4D6143510EAE9C

Direct Download

| BluRay | x264 | 480p | 570MB |

        

| BluRay | x264 | 720p | 650MB |

      

| BluRay | x264 | 720p | 1GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!