Pari (2018) | නපුරු සුරංගනාවි

මහත්තයෝ!
අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු
රුක්සානා කෙල්ල…
ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ.
ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ?
ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ.
ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ.
ඒකි මනුස්සයෙක් නෙවෙයි.
ඒකි සුරංගනාවියක්.
හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල
ඉන්න ජාතියෙ එකෙක් නම් නෙවෙයි.
ඒ සුරංගනාවි පේන තරම් අහිංසක නෑ.
ඒකි ඔහේට ආදරේ කරයි.
ඊට පස්සෙ හෙමීට හෙමීට ඔහේ
ඒකිගෙ බොරු දැලේ පැටලෙයි.
දවසක ඒකි ඔහෙව කාල දායි ආදරෙන්ම.

පරී කියන්නෙ මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 02 වෙනිදා තිරගත වීම ආරම්බ කල වෙනස්ම ආකාරයේ Horror චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි 28 තිරගත වීමට නියමිත වී තිබුනත් ශ්‍රීදේවිගේ අභාවය නිසා මාර්තු මාසෙට කල් ගියා. අධ්‍යක්ශනය කරන්නෙ Prosit Roy. ඒ වගේම අනුශ්කගෙ තුන් වෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ පරී. සංගීත අධ්‍යක්ශනය Anupam Roy ගෙන්.

මේ චිත්‍රපටිය බොලිවුඩයේ Horror සම්ප්‍රදාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන ආදර කතාවක්, ලස්සන සිංදු, පලි ගන්න බලන් ඉන්න හොල්මන් නැති වුනත් අමනුශ්‍ය බලවේගයකට යලිත් පන දෙන්නට උත්සහ කරන ආගමික කණ්ඩායමක් ගැන අමුතුම විදිහේ කතාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ තියෙනවා.

කෝටි දහයක වියදමයකින් නිපදවුනු මෙ චිත්‍රපටිය කෝටි 40ක ආදායමක් ලබන්නටද සමත් වුනා. චිත්‍රපටිය රූගත කිරීම අතරතුරදී මේ කණ්ඩායමේ සිටි තාක්ශන ශිල්පියෙක් විදුලි සැර වැදීමෙන් මිය යනවා. ඒ නිසාවෙන් රූගත කිරීම ටික කලකට නවතා තැබුනා. ඒ වගේම Black Magic වලට ප්‍රචාරනයක් ලබා දීම හේතුවෙන් පාකිස්තානයේ පරී තහනම් කලා.

හොඳ කොපියක් ඇවිල්ල දැන් ටික දවසක් උනත්, දෙන්න සෑහෙන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඒ වගේම මේ සබ් එක Tamilrockers එකේ තියෙන700mb HDRip කොපියට වගේම Tamilmvඑකේ True HDRip 700mb දෙකටම ගැලපෙනවා. එහෙනම් ආයෙ චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | ESub | 700MB |

6d45889dfb05c5592df0041a6709f47a2b2d9917

Direct Download

| HDRIP | x264 | 480p | 350MB |

        

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x264 | 720p | 1.5GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Pari (2018) | නපුරු සුරංගනාවි

  • July 20, 2018 at 1:35 am
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *