Oosaravelli (2011) | කටුස්සාගේ පොරොන්දුව…

2011 වසරෙ තිරගත වුන තවත් ලස්සන තෙලුඟු සිත්තමක් තමයි Oosaravelli කියන්නෙ. අපි ටික දවසකට කලින් දුන්න Cameraman Gangatho Rambabu චිත්‍රපටියෙදි යාළුවො ගොඩක් Tamanna Bhatia රඟපාන චිත්‍රපට ඉල්ලලා තිබුනා මම දැක්ක. ඉතින් මේ දෙන්නෙ ඔයාලගෙ ඉල්ලීමක්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න සහෘදයන් වෙනුවෙන්ම තමා මම මේ උපසිරැසිය කලේ. ඉතිං මේ සිත්තම Reddy Surender ගෙ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිතයට පණ දෙන්නෙ තෙලුඟු චිත්‍රපට රසිකයන්ට අලුත් තරුවක් නම් නෙවෙයි. ඒ තමා තෙලුඟු සිනමාව දරා ඉන්න ප්‍රභලතම කුළුණු වලින් එකක් වෙන තෙලුඟු සිනාමාලෝලීන්ගෙ හුරුබුහුටි වීරයා N.T.R. Rao Junior. ඔහුත් එක්කම Tamanna Bhatia, Prakash Raj, Payal Ghosh, Jaya Prakash Reddy, Vidyut Jamwal වැනි ජනප්‍රිය පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉන්දියානු රුපියල් කෝටි 43ක වියදමක් දරලා නිපදවපු Oosaravelli 6.4/10 IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ලෝකය පුරා පලමු දින වැඩිම ආදායමක් වර්තා කර තිබූ Mahesh Babu රඟපෑ Dookudu (ආදායම කෝටි 10) පරයමින් කෝටි 15.75 ආදායමක් උපයාගන්නත් N.T.R. ගේ Oosaravelli සමත් වුනා. හිතාගන්න පුළුවන්නෙ ඒකෙන්ම චිත්‍රපටිය කොහොමද කියලා. එහෙනම් ඉතින් පොඩි ඉඟියක් දෙන්නම් චිත්‍රපටියෙ කතාව ගැන.

ටෝනි කියන්නෙ මුම්බායෙ ඉන්න පොඩි පොඩි ගේම් දෙන මැරයෙක්. මෙයා ඇවිත් තමන්ගෙ වැඩේ කරගන්න ඕනිම දෙයක් කරන ජාතියෙ මිනිහෙක්. කිසිම කෙනෙකුට මෙයා මෙහෙමයි කියලා කියන්න බෑ. අමුතුම චරිතයක්. කටුස්සෙක් පාට මාරු කරනවා වගේ මෙයාට ඕනෙ දේ කරගන්න මෙයත් ඒ ඒ විදිහට වෙනස් වෙනවා. දවසක් කාශ්මීර් වලදි ටෝනි යන බස් එක ත්‍රස්තවාදින් අල්ලගෙන එයාලගෙ නායකයා නිදහස් කරන්න ඉන්දියාට බල කරමින් සංචාරකයෝ එක එක්කෙනා මරා දානවා. ටෝනිට නිහාරිකා හමුවෙන්නෙ මෙතනදි. එයත් අහුවෙලා ඉන්නෙ. මැරෙන්න මිනිත්තු ගණනක් තියෙද්දි ඇතිවෙන සිහින හා හැඟිම් ගැන දෙන්නගෙ කතා බහෙන් නිහාරිකා කියනවා මැරෙනකම් එයා ටෝනිගෙ පෙම්වතිය විදිහට හිතන්න කියලා. කොහොමහරි ටෝනි නිහාරිකාවත් අරන් බේරිලා යනවා.ඒත් නිහාරිකාව මඟදි මඟ හැරෙනවා.ටෝනි නිහාරිකාව හොයාගෙන හයිද්‍රාබාද් එනවා.ඒත් නිහාරිකා රාකේෂ් කියන ඇමති භරණිගෙ පුතා එක්ක යාළුවෙලයි ඉන්නෙ. රාකේෂ් ඇමරිකා යන දවස් 15දි නිහාරිකා එක්ක යාළුවෙන්න උත්සහ කරන්න අවස්ථාව ටෝනි ලබාගන්නවා. ඉතින් ටෝනි දැන් නිහාරිකා පස්සෙමයි. කොහොම හරි රාකෙෂ් ආපහු එනකොට ටෝනි නිහාරිකාගෙ යාළුවෙක් වෙලා. ආදරය අමතක කරලා.ටෝනි කියන්නෙ රාකේෂ්වත් එයාවත් නිහාරිකාට ගැලපෙන්නෙ නෑ කියලා.

අන්තිමට රාකේෂ්ගෙ ඇත්ත තත්වෙ නිහාරිකාට දැනගන්න සලස්වන්නෙ ටෝනි. නිහාරිකා රාකේෂ්ගෙන් අයින් වෙනවා. ඉතින් රාකේෂ් ටෝනි එක්ක වෛර බඳිනවා.රාකේෂ්ට ටෝනිව මරන්න ඕනි වෙනවා. රාකේෂ් කියන්නෙ ජාත්‍යන්තර මාෆියාවත් එක්ක සම්බන්ධ කෙනෙක්. ටෝනිගෙන් පලිගන්න පාතාලයෙ රජු වන් අජ්ජු බායිගෙ මල්ලි ඉර්ෆාන් ඩුබායි ඉඳන් එනකම් තමා රාකේෂ් ඉන්නෙ.

ඔන්න ඔහොමයි කතාව යන්නෙ ඉස්සරහට. මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා. බොහොම පොඩ්ඩයි කිව්වෙ. ඇත්තටම මේ කතාව ලිපියට දාන්නෙ කොහොමද කියන එකත් මට ප්‍රශ්ණයක් වුනා.කතාවෙ රසය ඔයාලට ඉතුරු කරන්නත් ඕනිනෙ. මේ කටුස්සා ඇත්තටම මාර අවුලක් කලේ. මම ඔයාලට කිව්වෙ කතාවෙ පේන පැත්ත විතරයි. නෙපෙනෙන ඇතුල් පැත්තෙ මොනවද තියෙන්නෙ දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් බාගෙන බලන්නකො. සුපිරි ෆිල්ම් එකක් කොල්ලනේ, කියලා සහතිකයකුත් දෙන්නම් මගෙ ගානේ එහෙනම්.

ඔබට ජය….!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 1.1GB |

5E41FB8999762F843B1030F8E5BC6610927D9485

Direct Download

| Bluray | x264 | 720p | 1.1GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Oosaravelli (2011) | කටුස්සාගේ පොරොන්දුව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!