Jailbreak (2017) | සිරගෙදර මහා සටන…

මේ ටිකේම ටිකක් Drama කාණ්ඩය නියෝජනය කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය දුන්න එකේ මේ සුදානම පොඩ්ඩක් ඒ මාවත වෙනස් කරන්න. ක්‍රියාදාම සිනමාපට ටිකක් පෙලට දෙන්න ඕන කියල හිතුන වෙලේ තමයි මේකත් අහුවුණේ. ජපානය, චීනය බොහොම ප්‍රසිද්ධයි නෙව ඔවුන්ගේ සටන් චිත්‍රපට වෙනුවෙන්. නමුත් මෑත කාලයේ ආසියානු සිනමාව ඔවුන්ට හැකි දේ බොහොම අගේට කරලා පෙන්වන්න සමත් වෙලා තියන බව The Raid: Redemption (2011) සහ The Raid 2 (2014), Headshot (2016) වගේ නිර්මාණ බැලුවා නම් ඔබට තෙරුන් යන්න ඇති. ඔය ටිකේ The Raid 2 (2014) වෙනුවෙන් මගේ සියවැනි උපසිරස ලෙස උපසිරස එක්කාසු කරන්නට මම වාසනාවන්ත වුනා. වැඩි පිරිසක් නම් බැලුව බවක් පෙන්න නැහැ ඒක හිතාගන්න හැකි එකම දෙය උපසිරසකරුවාගේ ප්‍රශ්නයක් කියන එක තමයි ඉතින්…. කොහොම නමුත් මේ සුදානම ඒ වගේ තවත් සුපිරි ක්‍රියාදාම සිනමා පටයක් ඔබ වෙත ගෙන එන්න.මේක කැම්බෝඩියානු සිනමා පටයක්. මේ සිනමා පටයේ දිවයන භාෂාව ක්මර් භාෂාවෙන්. නමුත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඒක දමිළ, තෙලිගු, කොරියන් හෝ ජපන්, ඉන්දුනිසියන් වැනි භාෂාවන්ට ලොකු වෙනසක් තියන එකක් නෙමෙයි. අනික මේකෙ වැඩි කතාබහක් නැහැ හිර ගෙදරකටම ඇති වෙන්න ගහන ගැහිල්ලක් තමයි තියෙන්නෙ. 2017 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඇමරිකාවේ දී නිකුත් වුන මේ නිර්මාණය මිනිත්තු 100 කාලයක් පුරා දිව යනවා. මෙය අයත් වන්නේ Action, Comedy කියන කාණ්ඩ දෙකට. ලබාගෙන තියන IMDB අගය 5.6 ක්. රෝටන් ටෝමාටෝ අගය 50%. මේක බොහොම තැන්වල සටහන් වෙලා තියෙන්නේ ආත්ම ආරක්ෂක සටන් කලාව ප්‍රධාන කොටගෙන නිර්මාණය වුන නිර්මාණයක් හැටියට. කැනඩාවේ පැවැත්වුන Fantasia සිනමා උළෙලේ දී පවා Atomic Blonde සහ The Villainess වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපට පරාජය කරමින් හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ජය ලබා ගන්නත් මේ නිර්මාණය සමත් වෙලා තියනවා.මේකේ කතාව ගැන කියනවා නම් බොහොම සරලයි, ඔබට වැඩිය හිතන්න දෙයක් නැහැ නිදහසේ රසවිදින්න හැකි කතාවක්. කතාව මෙහෙමයි, සමනල කල්ලිය නම් සුරුපී කාන්තාවන්ගෙන් සමන්විත මැර කල්ලියකට අවශ්‍ය වෙලා තියනවා ලග දී දුෂණ චෝදනා නිසාවෙන් හිරගෙට නියම වුන ප්ලේබෝයි නම් ඔවුන්ගේ කල්ලියේ නායිකාව පිලිබඳ ඇත්ත විස්තරය දන්නා එකම පුද්ගලයා මරා දමන්න. මේ මොඩයත් මේ නායිකාව ගැන කියන බව පුරසාරම් දෙඩවීම නිසාවෙන්ම ඔහුට විශේෂ පොලිස් කණ්ඩායමක ආරක්ෂාව යටතේ තමයි හිරගෙන යන්නට සිද්ධ වෙන්නේ. නමුත් මේ කිසිවක් නොදත් සමනල කල්ලිය මහා හිරගෙන ඇතුලේ ඉන්නා තමුන්ගේ කෙනෙක්ට ඔහුව මරන්නට කොන්ත්‍රාත්තුව භාර දෙනවා. නමුත් මේ වැඩේ පහසු වෙන්න මොවුන් ආරක්ෂකයන්ට පහර දී හිරකරුවන් නිදහස් කරගැනීමක් සිදු කරනවා. දැන් හිරකරුවන් නිදැල්ලේ නමුත් ඔවුනට හිරගෙයින් පිට වීමට ඉඩක් නැහැ. ආරක්ෂකන් ද හිරගෙන ඇතුලෙම හිරව අවසානයි…

ප්ලේබෝයි ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට පැමිණි විශේෂ පොලිස් නිලධාරින් තිදෙනා හා පොලිස් නිලධාරිනිය සමඟ එක්කාසු වුන එක ජේලර්වරයෙකුට සිද්ධ වෙනවා මුළු සිර ගෙයකම දාමරිකයන්, මිනීමරුවන් එකක් සටන් කරන්න… ඔවුන් සතුව ඇති එකම ආයුධය බැටන් පොල්ලක් පමණයි… ඒ වගේම සමනල කල්ලියත් පලිගැනීම තමුන්ගේ අතට ගැනීමටයි සුදානම… තව දෙයක්… මේ සිරගෙදර රටේ නමක් දිනාගත්ත කුප්‍රකට මිනීමස් කන්නේකුටත් සෙවන සපයනවා…. ඉතින් මේ මාරයන් අතරේ පොලිස් නිලධාරීන්ගේ ඉරණම කොහොම වේවි ද? ප්ලේබෝයිට මොකක් වේවි ද? ඒ ඔක්කොම ඔබට දැකගත හැකි මිනිත්තු 100 ඇතුලත….

ටිකක් විශ්වාස නැහැ වගේ නම් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න ඔබට පොඩි අවබෝධයක් ලබාගන්න හැකි මෙහි ක්‍රියාදාම ගැන ඒ තුලින්. එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය වේවා !!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 800MB |

D3D06CF411F8AD25F260ED3D1953CD186C140B73

Direct Download

| Bluray | x264 | 480p | 380MB |

        

| Bluray | x264 | 720p | 800MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!