Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) | දෙවියන් සමග නඩුවාර හතක්!

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මේ කොරියානු චිත්‍රපටියකට උපසිරසියක් කරන දෙවනි වතාව. මේක කවුරුත් භාර අරන් නෑ කියලා සිසිල අයියගෙන් දැනගත්තම ගමන් ඉක්මණට මේල් එකක් දාලා වෙන්කරගත්තා. ඒ තරම් බලන්න වටිනවා. මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා. 😊

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | 720p| 1GB |

68F409504AD6948812998AFF9973F5334E138E3D

Direct Download

| HDRIP | x264 | 720p | 1GB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) | දෙවියන් සමග නඩුවාර හතක්!

  • April 30, 2018 at 7:32 am
    Permalink

    Along.with.the.Gods.The.Two.Worlds.2017.720p.BRRip.MkvCage .me rip ekata sub denako plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *