12 Strong (2018) | ප්‍රති ප්‍රහාරයේ මුල්ම වෙඩි මුරය….{ Bluray Update }

රටක යුද්ධයක් තියනවා කියන හැඟීමට අපි අමුත්තන් නෙමෙයි ඒ දශක ගණනාවක් අපේ රටේ ජාතිවාදී කෝලහාල නිසාවෙන් ලෝකයේම නමක් දිනාගත්ත ත්‍රස්ත සංවිධානයක් කල හදියක් නිසාවෙන්. නමුත් අපේ රටේ වීර පුතුන්ට පිං සිද්ධ වෙන්න අද අපි නිදහස් රටක්. නමුත් ගෙදරින් එලියට ගිය කෙනා හවස ගෙදර එනතෙක් පන බයේ බාලාහිටිය කාලෙකුත් තිබ්බා අපිට. නමුත් මේ කතා කරන ලෝකයේ බලවත්ම රටක් වන ඇමරිකා එක්සත් ජනපදය එහෙම ලොකු බයකින් ජිවත් වෙන රටක් නෙමෙයි, මොකද ලෝකයම ඔවුන්ගේ අණසකට යටත් නිසාවෙන්. නමුත් 2001 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා දවස නිසා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයම කඳුලෙන් නහවමින්.

මේ සියල්ලටම හේතුව වුනේ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය කියන එක ලෝකයම දන්නා කරුණක්. ඉතින් ජිවිත 2996 ක් බිලිගනිමින්, 6 000 කට අධික පිරිසකට තුවාල සිදුකරමින්, ඇමරිකානු ඉතිහාසයට දිනක් ඇතුලත ඩොලර් බිලියන 10 කට එහා ගිය දේපල හානියක් සිදුකල මේ ත්‍රස්ත කණ්ඩායම සොයාගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුන බවට කිසිම සැකයක් නැහැ. ඉතින් මේ දිග හැරෙන්නේ ඒ 9/11 ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කල මුල්ම සෙබළුන් 12 දෙනාගේ කතාවයි.

විශේෂ කාර්යය බලකා ODA 595 කණ්ඩායම

මුලින්ම කියන්න ඕන මේ කතාවේ සියලුම සිදුවීම් සත්‍ය නොවුනා වුනත් බොහොම සිදුවීම් සත්‍ය සිදුවීම් හා සැබෑ වීරයන්ගේ ජීවිතය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ, මුලින්ම මේ සඳහා සහබාහි වුවන්ගේ නම් වෙනස් වෙනවා ඒ Capt. Mark Nutsch (සැබෑ සොල්දාදුවා) Mitch Nelson හැටියටත්, Chief Warrant Officer 2 Bob Pennington (සැබෑ සොල්දාදුවා) Hal Spencer වගේ.

විශේෂ කාර්යය බලකා ODA 595 මෙහෙයුම වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගිහින් අල්-කයිඩා මර්මස්ථානයක් වන මසාර්-රී-ෂරිෆ් නම් නගරය අත්පත් කරගැනීම. නමුත් මේ සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා උතුරු සංවිධානයේ යුධ නායකයෙක් වන ජෙනරාල් ඩොස්ටුම් නැමැත්තෙක් හා සංවිධාන ගත වීමට. ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජෙනරාල් හා පෙරමුණට ගිහින් ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය ඉලක්කයන් ලබා දීමයි. මේ වෙනකොට ප්‍රති ප්‍රහාරයක්න වෙනුවෙන්මු ඇෆ්ගනිස්ථානයට ගොඩ බහින පළමු හමුදා අනුකණ්ඩය වෙන්නේ මේ සෙබළුන්ත් පිරිස. ගමනා ගමනය අපහසුව, වෙනමම සංස්කෘතියක යුධ වදින මේ ගෝත්‍ර හා නවීන සටන් ක්‍රම හදාරා පිටියට යන මේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ගමන ලේසි පැහැදු එකක් නම් නෙමෙයි. ඉතින් මොවුන් මේ නගරය අත්පත කරගැනී ද? කිදෙනෙක්ට නම් තමුන්ගේ ජිවිත ගලවා ගැනීමට හැකි වේවි ද? මේ දේවල් ඔයාලට බලාගන්න හැකි මම ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ දැනටමත් මේ ලිපිය වෙනමම පොතක් වගේ වෙලා තියන නිසාවෙන්…

ජෙනරාල් ඩොස්ටුම් සමඟ

Nicolai Fuglsig අධ්‍යක්ෂණයෙන් නිමවෙන මේ පැය 2 කුත් මිනිත්තු 9 ක් පුරා දිවයනAction, Drama, History චිත්‍රපටයේ අපි දන්නා හඳුනන මුහුණු කිහිපයක්ම ඉන්නවාChris Hemsworth (තෝර්), Michael Shannon, Michael Peña, Geoff Stults, Thad Luckinbill ඉන් කිහිප දෙනෙක්. ලබාගෙන ඇති IMDB අගය 7.0 ක්, රෝටන් ටෝමාටෝ අගය වෙන්නේ 54% ක්.

ඉතින් කම්මැලි කමක් නැතුව එක හුස්ටම බලන්නට හැකි මේ ක්‍රියාදාම චිත්‍රපටය මට 200 වැනි උපසිරස වෙනුවෙන් කරන්න කලින් භාර අරගෙන තිබ්බත් කිසිම ලෝභ කමක් නැතුව ලබා දුන්න හසන්ත මාමේ ඔබටයි මේ ආචාරය. ඒ වගේම පින්තුරයක් ඕන වුන ගමන් මම දැන් අමතන අපේ සිසිල් ලොක්කාටත් බොහොම පිං කිව්වා තව නම් මොනවත් කියන්නේ නැහැ දැන් මේක කියවන්න මටම කම්මැලි. එහෙනම් සටහනක් තියාලා යන්න ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු ඉක්මනින්. ඔබ සැමට ජය වේවා !!!

ලෝක වෙළෙද මධ්‍යස්ථානය තිබු ස්ථානයේ අශ්ව සොල්දාදුවන්ගේ වීර ක්‍රියාවට ගෞරවයක් ලෙස නිර්මාණය කර ඇති පිළිරුව.

පා.ලි. මේ මෙහෙයුම ගැන වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, සත්‍ය සිදුවීම් වලින් මේ කතාව කොතරම් ඈතකට යනවද, කොතරම් ලං වෙනවාද කියලා දැනගන්න ඕන නම් ගුගල් කරලා බලන්න “history vs hollywood 12 strong” කියල.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p  | 950MB |

9F94DAFDFDB0465543792F868481907EF8787E07

Direct Download

| Bluray | x264 | 480p | 400MB | 

        

| Bluray | x264 | 720p | 950MB | 

        

| Bluray | x265 | 720p | 800MB | 

        


  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “12 Strong (2018) | ප්‍රති ප්‍රහාරයේ මුල්ම වෙඩි මුරය….{ Bluray Update }

  • July 11, 2018 at 10:02
    Permalink

    Me film eke sub eka ganna bene appa

    Reply
  • October 2, 2018 at 22:10
    Permalink

    800mb film eke Zip file eka open wennahane

    Reply
  • April 24, 2019 at 12:35
    Permalink

    Me film eka sub eka ganna baa ne

    Reply
  • May 3, 2019 at 22:37
    Permalink

    12 strong sub eka download wenne na please eka ikmanata hadanna

    Reply
    • May 5, 2019 at 12:08
      Permalink

      hadanna deyak na.meke sub na.baiscopelk.com eken ganna..

      Reply
  • May 5, 2019 at 20:57
    Permalink

    Film eke sub eka ganna baa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!