The Green Inferno (2013) | ඇමසෝනයේ හරිත ව්‍යසනය.

ඔන්න යාලුවනේ මම අද ගෙනාවා අමුතු කතාවක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ තෙවෙනි සබ් එක. මේ සබ් එක කරන්න ටිකක් කල් ගියා මොකද මම සබ් එකක් බයිස්කෝප් දාපු ගමන් තමා මන් මේකත් කරන්න බාර ගත්තේ එක යාලුවෙක් නිසා. මිතුන් තමයි මට කිව්වේ මේක පට්ට ෆිල්ම් එකක් කියලා. කිව්වා වගේම හරි. මේක කරේ ටිකක් මන් රිලැක්ස් එකේ ඉන්න ගමන් එනිසා පරක්කු වෙච්ච එකට සමාවෙන්න. අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමුකෝ.මේකේ ස්ටොරිය තියෙන්නේ, කට්ටියක් යනවා ඇමසොනයට එහි වෙන කැලැවිනාශයක් නවත්තන්න. ඒක නවත්තන්න ගිහින් එහෙදි එගොල්ලොන්ව අහුවෙනවා ගෝත්‍රිකයෝ සෙට් එකකට. උන් මිනීකන ගෝත්‍රිකයෝ වගෙයක්. මේකේ ප්‍රධාන නිළිය ජස්ටින්. ඇය සහ ඇගේ යහළුවෝ මේ ගෝත්‍රිකයින්ගෙන් බේරෙන්න උත්සහ ගන්න විදිහක් තමා මේකේ තියෙන්නේ. ඔවුන් මේකෙන් බෙරෙනවද බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2013 සැප්තැම්බර් මාසේ ඒත් youtube එකේ වගේ මේකේ trailer එක බලද්දී හිතෙයි මේක 2015 එකක් කියලා .මන් එක ගැනත් පොඩි research එකක් දැම්ම. මේක 2013 රිලීස් කරද්දී පොඩි පොඩි ෆයිනැන්සියල් ගැටළු වගයක් තිබිලා තියෙනවා. ඊටපස්සේ තමයි ඕගොල්ලෝ කවුරුත් දන්නා UNVERSAL හා BLUM HOUSE ආයතන මඟින් මේක අරන් නැවත ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා 2015 දී.කොහොම වුනත් ෆිල්ම් එක 2013 ත් රිලීස් වුණා. IMDB අගය 5.5 ලැබිලා තියෙනවා. ඒවගේම කියන්න ඕනේ මේක R-Rated නැත්නම් Restricted ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. එනිසා මේක පවුලේ අයත් එක්ක එකට බලන්න බෑ .මේකේ ගොඩක් සංවේදී කෑලි වගයක් තියෙනවා .ඒවා අවුල් අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න හරිද.සුබ දවසක් හැමෝටම.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 1.2GB |

41A87D12975CAB4A281AAE27EF96850927F8F6BC

Direct Download

| Bluray| x264 | 720p | 1.2GB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!