BBC Prehistoric Park [2006: E02] | අයිස් යුගයෙන් 21 වෙනි සියවසට ආ ලෝම මැමත්!

නයිජල් මාවන්ගේ ප්‍රාග් ඓතිහාසික උද්‍යාන සිහිනය සැබෑ වෙන පෙරනිමිති පහළ වෙලයි තියෙන්නේ. මතකයිනේ, T Rex සත්තු දෙන්නෙකුයි, ඕනිතෝමයිමස් රංචුවකුයි, ට්‍රයිසෙරටොප්ස් පිරිමි සතෙකුයි අරගෙන ආව හැටි එහෙම! අලුත් පරිසරයට මේ අය හැඩ ගස්වන්න උද්‍යාන භාරකරු බොබ්ටත් සෑහෙන වැඩ දාන්න වෙනවා. මතක ඇතිනේ තියෝ කොලුවත් එක්ක පහුගිය කොටසේ විනෝද වුන හැටි.

ඔන්න එහෙනම්, පොරොන්දු වුන විදියටම නයිජල් මාවන් එක්ක අයිස් යුගයට චාරිකාවක් යන්නයි අද සූදානම් වෙන්නේ. හැබැයි, ගමන හිතන තරම් සුන්දර වෙන එකක් නැහැ. බලාපොරොත්තු නොවෙන ආකාරයේ සත්තු එහේදි මුණ ගැහෙන්න පුලුවන්. ලෝම මැමත් කෙනෙක්ව මුදා ගන්න යන මෙහෙයුමේ පණ බේර ගෙන ලෝම මැමත් කෙනෙක්වත් අරගෙන එන්න නයිජල්ට පුලුවන් වුනොත් ලොකු වාසනාවක්. මෙදා පාර නයිජල්ට තියන එකම බලාපොරොත්තුව ලෝම මැමත් කෙනෙක්ව හොයා ගන්නෙකම නෙවේ. ලෝම මැමත්ලා මිහිතලයෙන් වඳ වෙන්න ප්‍රධානම හේතුව හොයා ගන්නත් ඔහු බලාපොරොත්තුවෙන්ඉන්නවා. ගෝලීය උණුසුම, වාසස්ථාන අහිමි වීම අතරේ මිනිස්සු වුන අපි හැමෝටම සංවේගය දනවන සොයා ගැනීමක් කරන්න ඔහු සමත් වෙනවා.

අපි කවුරුවත් මැමත් කෙනෙක්ව ජීවමාන ව දැකලා නෑ. නමුත්, මේ චාරිකාවෙන් ඒ අත්දැකීම හා සමාන අත්දැකීමක් ඔබට ලබා ගන්න හැකි වෙයි කියලා හිතනවා. ඒ වගේම ඔවුන්ගේ සමාජ චර්‍යාවන්, ජීව විද්‍යාත්මක තතු විත්ති ගැනත් පුංචියට හරි දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි. ඔය විදියට මැමත් ලෝකයට පිවිසෙන අතරේ එහෙන් මෙහෙන් වලස් ප්‍රහාර, රයිනෝ ප්‍රහාර වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා ප්‍රවේශමෙන්.  එහෙමනම්, ප්‍රාග් ඓතිහාසික උද්‍යානේ තවත් දවසක මුණ ගැහෙමු.

ආයුබෝවන්!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 700MB |

D1F5D6290E8CECE4669AD022A227D00998433867

Direct Download    

| HDRip | XviD | x264 |  700MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!