Lego DC Comics Super Heroes: The Flash (2018) | ගුරුවරයාගේ පළිගැනීම

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය 6.5ක් ගත්තු Lego DC Comics Super Heroes The Flash ෆිල්ම් එක ගැන තමයි මම මේ කියන්නේ.කිසි කම්මැලි කමක් නැතුව පැය 1යි විනාඩි 18ක් නාස්ති කරන්න පුළුවන්.

ඉතින් ආයේ කියන්න ඕන නෑනේ DC එකේ ඇනිමේශන් ගැන. Marvel එකට හැරෙන්නවත් බෑ වගේ ඒකත් එක්කනම්. ඒ වගේම Lego ෆිල්ම් එකක්. කොහොමත් Lego ෆිල්ම් එකක් බලනවා කියන්නේ වෙනම ආතල් එකක්.ලොකු පොඩි කාටත් රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක් මේක. කතාව ගැන කියනවානම් පටන් ගන්නේ මෙට්‍රොපොලිස් වලට සිද්දවෙන ජෝකර්ගේ පහරදීමකින්. යුක්තියේ ලීගය [Justice League]තමයි හැමදාම වගේ මේක නවත්තන්න එන්නේ, බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර්වුමන්, ප්ලාස්ටික් මෑන්, ෆයර්ස්ටෝම්, සයිබෝග් වගේම කණ්ඩායමේ අළුත්ම සාමාජිකයා ඇටම් පවා එනවා සටනට. ඒත් ෆ්ලෑශ්ට වෙනදා වගේම එදත් පරක්කු වෙනවා. ජෝකර්ගේ මෙහෙයුම [තරමක් දුරට]සාර්තක වෙනවා. ඒත් ෆ්ලෑශ් ඇවිත් ජෝකර් පරද්දවලා ඔක්කෝම යථා තත්වයට ගන්නවා. ඔන්න ඔතනදී තමයි කතාවේ ප්‍රදාන සතුරා කරලියට එන්නේ. ඊට පස්සේ වෙන්නේ ඉතින් ෆ්ලෑශ් කලබලේ නිසාම කරදරේක වැටෙනවා. බොරු වැරදි වලට පැටලිලා ලීග් එකෙනුත් අයින් කරනවා. තමන්ගේ බලයත් නැතිවෙනවා.කිසිම දෙයක් කරකියා ගන්න බැරුව හිටපු බැරී ලීග් එකේ කෙනෙක්ගේම උදව්වෙන් යනවා නැතිවෙච්ච බලය ආපහු ගන්න බලාගෙන.

මෙයාට උදව් කරන්නේ Doctor Fate. දන්නවා ඇතිනේ මිනිහා ගැන. අර රත්තරන් පාට හෙල්මට් එක දාගෙන ඉන්න හාදයා. Constantine ටීවී සීරිස් එක වගේම Smallville කතාමාලාවලදිත් අපිට මෙයාව දකින්න ලැබුනා. Marvel ලගේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ DC වල මැජික් සම්බන්දයෙන් බලගතුම කෙනා තමයි ඒ. එයාගේ වගේම එයාගේ ගෝලයා, සටානාගෙත් උදව්වෙන් ස්පීඩ්ෆෝස් එකට යන්න බැරීට පුළුවන් වෙයිද? ස්පීඩ්ෆෝර්ස් එකෙන් කරදරයක් නැතිව බැරීට ආපහු බලය ගන්න පුළුවන් වෙයිද? වැටිච්ච කරදර වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද? ලීග් එකට පුළුවන් වේවිද ආපහු සැරයක් ලෝකය බේරගන්න? ඔයාලත් බලලාම හොයාගන්න.

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 |  720p  | 670MB |

A6100594C2E0E0BFADA6EF9A4B6AD5C98DD4E1F6

Direct Download

| Bluray | x264 |720p| 670MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!