Jawaan (2017) | සොල්දාදුවා…

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේAction, Thriller කාණ්ඩයට අයත් වනතෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ Mehreen Pirzada (භාර්ගවී ලෙස). Winner (2017) සහ Raja The Great (2017) බලපු අය දන්නවා ඇති මේ දෙන්නා ගැන. වැඩිය ජනප්‍රිය නැති වුනත්(සුපිරි තරු වලට සාපේක්ෂව) මේ චිත්‍රපටයට හිට් ලේබල් එක අලව ගන්න මේ අයට හැකියාව ලැබුණා. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමු.

ජෙයිට තිබ්බ හීනයක් තමයි DRDO (ආරක්ෂාව පිළිබඳ පර්යේශණ හා සංවර්ධනය කරන රාජ්‍ය සංවිධානය) එකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුනත් ඒ තනතුරට වෙන කෙනෙක්ව තෝරගත්ත නිසා තව කාලයක් බලා ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ඔය අතරේ DRDO එකෙන් හදලා රජයේ හමුදාවට බාරදෙන්න යන මිසයිල ව්‍යාපෘතියකට කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ තමයි කේෂව්. කේෂව්ට මේ මිසයිල හොරකම් කරන්න සැලසුම් කරද්දි, DRDO එක ඇතුලට එයාගේ කෙනෙක්ව දාගන්න උවමනා වෙනවා. ඒකට විශේෂ මුද්‍රාව සහිත අවසර පතක් හදාගන්න ඕන වෙනවා. ඒ ගැන හොයලා බලද්දි ඒ මුද්‍රාව හදපු කෙනා ගැන දැනගන්න ලැබෙනවා. එයා තමයි Srinivasa Rao එහෙමත් නැත්නම් ජෙයිගේ මාමා. ඉතින් කේෂව්ගේ කට්ටිය එයාව හොයාගෙන වැඩපලට එනවා. ඇවිල්ලා තර්ජනය කරන වෙලාවෙදි ජෙයි එතනට එනවා.

කතාව ගැන කිව්වා ඇති නෙහ් ? . ඉතින් ඒ මුද්‍රාව ගන්න ඒ අයට හැකියාව ලැබෙයිද? මිසයිල ව්‍යාපෘතිය හොරකම් කරගන්න පුලුවන් වෙයිද? භාර්ගවී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒවා ඉතින් බලලම තමයි හොයාගන්න වෙන්නේ.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 |  720p  | 700MB |

2CE3554762D6946269352E166B2D0DD6DDB093DB

Direct Download

| HDRIP| x264 | Esub | 400MB | 

        

| HDRIP| x264 | Esub | 700MB | 

        

| HDRIP| x264 | 720p | 1.4GB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!