The Monkey King 3 (2018) AKA Xi You Ji Zhi nü er Guo | ආදරයේ අරුත!

“ආදරය ලෝකෙ පැවැත්ම ආරම්භ වුන දවසෙ ඉඳන්මයි පැවතෙන්නෙ. නැවත ඉපදෙන ජීවන චක්‍රයත් ආදරය හා බැඳුන දෙයක්. ආදරයේ හරි තේරුම කව්රුත් දන්නෙ නෑ. කවදාහරි දවසක ආදරය හරියටම තේරුම් ගත්ත කෙනා ඒක සදාතනිකයි කියලා වටහාගනිවී.”

Journey to the West විශිෂ්ඨ නවකතාවෙ තවත් පරිච්ඡේදයක් මේ විදියට සිනමාවට එනවා Journey to the West කියන්නෙ මෙතෙක් බිහිවුන විශිෂ්ඨ නවකතාවන් අතරෙන් ඉහලම තියෙන නිර්මාණයක්. විශේෂත්වය තමයි මේක 16 වෙනි සියවසේ මින් රාජවංශය අතර තුර ලියවුනු, චීන සාහිත්‍යයේ විශිෂ්ඨම සම්භාව්‍ය කලා කෘති 4න් එකක් වීම. මේ නවකතාවෙන් බිහිවුනු කලා කෘති ගැන කතා කලොත් ඉවර කරන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ කතාවෙන් පන්නරය ලද අළුත් නිර්මාණ වලද අඩුවක් නෑ. කාලෙන් කාලෙට මේ නවකතාවෙ ඇතුලත් චරිත, සිද්ධි සිනමාවට ද නැගෙනවා. ඒ වගේ සිනමාවට නැගුනු චිත්‍රපටි පෙලක් තමයි The Monkey King කියන්නෙ.

වානරයන්ගෙ රජු ලෙස හඳුන්වන සන් වුකොංග් තමයි මේ චිත්‍රපටි පෙලේ ප්‍රධාන චරිතය වෙන්නෙ. සන් වුකොංග් කියන්නෙJourney to the West නවකතාවෙ එන ප්‍රමුඛ චරිතයක්.

පුරාවෘත්ත වලට අනුව වුකොංග් චරිතය බිහි වෙන්නෙ මල් සහා ඵල කඳු මුදුනෙ තියෙන පාෂාණයක් ඇතුලෙ හටගන්න මායා ගර්භාෂයක. මේ ගැබ දවසක විවෘත වෙලා පාෂාණමය බිත්තරයක් නිපදනවා. ඒ බිත්තරය සුළඟ ස්පර්ෂ කළ විට එය පාෂාණ වඳුරෙක් බවට පත්වෙලා කෑගහන්න සහා ඇවිදින්න පුළුවන් වෙනවා. මේ වානරයාට ඇස් වලින් එළි නිකුත් කරන්න පුළුවන්. ඒ අවට ඉන්න අනික් සත්තු එක්ක යාළුවෙන මේ වානරයා අභියෝගයක් ජය ගැනීම නිසා සියලුම වඳුරන්ගේ රජතුමා බවට පත්වෙනවා. වුකොංග්ගේ ආත්මය අපායට ⁣රැගෙන යන්න උත්සහය සාර්ථකව නවත්තන වුකොංග් නැවත ඉපදෙනවා වෙනුවට ඔහු ඔහුගෙයි දන්න අනිත් වඳුරන්ගෙයි නම් ජීවිතයේ හා මරණයේ පුස්තකයෙන් මකලා දානවා. මේ ගැන කෝප වෙන අපායෙ රජතුමා ජේඩ් අධිරාජයාට පැමිණිලි කරනවා. වුකොංග්ව අයිති කරගැනීමෙන් ගෞරවය හා උසස්වීමක් ලබාගන්න හිතාගෙන ජේඩ් අධිරාජයා වුකොංග්ට ඔහුගෙ මාළිගාවට ආරාධනා කරනවා. තමන්ට දෙවියන් අතර උසස් තැනක් ලැබෙයි කියලා හිතලා ආරාධනාව පිලිගෙන ජේඩ් ආධිරාජ්‍යගේ මාළිගවට යන වුකොංග්ට ලැබෙන්නෙ දිව්‍යලෝකෙ තියෙන පහත්ම රැකියාව වෙන අශ්ව ස්ථාලය බලාගන්න. මේකට පලිගන්න වුකොංග් වලා අශ්වයන්ව නිදහස් කර තමන් ශ්‍රෙෂ්ඨ පඬිවරයා යන බව සඳහන් කරනවා. එතනින් පසසේ බලෙන් තනතුරක් ලබාගන්න වුකොංග් පස්සෙ දවසක දැනගන්නවා තමන්ව රාජකීය භෝජනයකට ආරාධනා කරලා නෑ කියලා. ඒ නිසා අමරණිය පීච් ගෙඩියත්, ජේඩ් අධිරාජයගේ වයිනුත් හොරකම් කරලා පැනලා යන වුකොංග්ව අල්ලගන්න එවන 10000ක හමුදාව වුකොංග් තනියෙම පරාද කරනවා. මෙයාව අල්ලගන්න විශිෂ්ඨ දෙවිවරු එකතු වෙලා වැඩ කරනවා. අන්තිමට අල්ලගන්න වුකොංග්ව කල්දේරමක දාලා සමාධි ගිනදළු වලින් පුළුස්සනවා දියරක් බවට හැරවීමට. දවස් 49කට පස්සෙ කල්දේරම විවෘත කරනකොට සන් වුකොංග් එළියට පනිනවා. වුකොංග් දවස් 49ක් ගින්දර නැති මුල්ලක ඉඳලා තමයි බේරෙන්නෙ. මේ හේතුව නිසා වුකොංග්ට ඇස් වලින් යක්ෂයන් අඳුනගන්න හැකියාව ලැබෙනවා. නමුත් දුමට මුකුත් නොපෙනෙන දුර්වලතාවත් එක්ක. වුකොංග්ගෙ වැඩ ගැන ජේඩ් අධිරාජයා බුදුරජාණන් වහන්සේට දන්වනවා. බුදුරජාණන් වහන්සේ වුකොංග්ට අභියෝග කරනවා තමන් වහන්සේගෙ අල්ලෙන් ඔහුට පැනලා යන්න බෑ කියලා. අභියෝගය භාරගන්න වුකොංග් ලෝකයේ කෙලවරට පියාඹලා යනවා. ඔහුට දකින්න ලැබෙන්නෙ ස්තම්භ 5ක් විතරයි. අභියෝගය ජයගෙන ඇති බව හිතලා සතුටු වෙන වුකොංග් මේ ස්ථම්භ පහේම තමන් ශ්‍රේෂ්ඨ පඬිවරයා ලෙස සටහන් කරනවා. ඔහු නැවත බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි පසුව තමයි දැනගන්නෙ ඒ ස්තම්භ පහ වෙන මුකුත් නෙමෙයි බුදුරජාණන් වහන්ගේ ඇඟිලි බව. ඒ ගැන දැනගෙන එතනින් පැනලා යන්න උත්සහා කරන වුකොංග්ව බුදුරදුන් තමන් වහන්සේගේ අල්ල පාෂාණයක් කර වුකොංග්ව හිර කරනවා. වුකොංග් පාෂාණය ඔසවන්න කලින් බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍රයක් සහිත කඩදාසියක් ලියලා පාෂාණයේ ගැටගසනවා. මේ විදියට හිර වෙලා වුකොංග් අවුරුදු 500ක් ඒ පාෂාණය යට ඉන්නවා. ඔහුව එතනින් නිදහස් කරන්නෙ ටෑංග් ෂන් සැන්ග් කියන බෞද්ධ පූජකතුමා.

ධර්මයේ පිහිටුනු ටෑංග් පූජකතුමා ඕන කෙනෙක්ගෙ වදන් වලට රවට්ටන්න පුළුවන් කෙනෙක්. එ් එතුමගෙ කරුණාවන්ත හදවත නිසා. මෙතුමගෙ ජීවිතයෙ එකම අරමුණ බටහිර පිහිටි එකල දඹදිවට ගොස් බුද්ධ ධර්මය ලේඛණ ගතකල ධර්ම පුස්තකයන් ලබාගෙන නැවත චීනය වෙත ගොස් මිසදුටුවන් යහමාර්ගයට ගැනීමත්, දුකෙන් පෙලෙන ජීවිත වල දුක නැති කිරීමත්, ලෝකයේ සියලු දෙනාටම යහපත සැලසීමත් තමයි. මේ කාර්යය මොහුට පවරන්නෙ බෝධිසත්ව අවලෝකිතේෂ්වරයාණන් විසින්. මේ කාර්යයත් සමගම ඔහුගෙ මස් කෑමට දත කන යක්ෂයින් ටෑංග් පූජකතුමාව රවට්ටගෙන තමන්ගෙ ආශාව ඉෂ්ඨ කරගන්න හදනවා. මොකද එතුම⁣ගෙ මාංශ අනුභව කරන කෙනෙක්ට අමරණීයත්වය ලබාගන්න පුළුවන් කියන අාරංචිය නිසා. යක්ෂයන්ගෙ උගුල් වලට ලේසියෙන් රැවටෙන්න පුළුවන් නිසා බෝධිසත්වයාණන් විසින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්, අවුරුදු 500කට පෙර දිව්‍යලෝකයේ කලබල ඇති කර, බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද, සන් වුකොංග්ව පත් කරනවා. වානර රජු මෙයට එකඟ වෙන්නෙ තමන්ට නැවත නිදහස ලබාදෙන පොරොන්දුවත් අරගෙනයි. මේ ගමනෙදි එයාලට ඌරු යක්ෂයයි, වැලි යක්ෂයයිත් එකතු වෙනවා.The Monkey King 2014 හා The Monkey King Legend Begins 2016 චිත්‍රපටි වල මෙහි මුල් කතා ඇතුලත් වෙන අතර බටහිරට යන ගමනෙ අවස්ථාවක ගංඟා දේවතාවෙක් සමග වෙන ගැටුමක් අතරතුර නොදැනුවත්ව කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කාන්තා රාජධානියට ටෑංග් පූජකතුමා හා අනිත් පිරිස ඇතුල් වෙනවා. මෙතන ප්‍රශ්නෙ පටන් ගන්නෙ ඇතුල් වුනා වගේ පිට වෙන්න ක්‍රමයක් නැති නිසා. කාන්තා රාජධානියේ දරුවන් පිළිසිඳගන්නෙ එයාලගෙ මව්ගංඟාවෙ ජලය පානය කලාම. ඒ නිසා එයාලට පිරිමින්ගෙන් වැඩක් නෑ. මේ දේශයේ කාන්තාවන් පිරිමින් දකින්නෙ විස සත්තු ජාතියක් විදිහට. ඒ නිසා දැකපු තැන මරා දාන්න ඕනෙ. අනවසරෙන් කාන්තා රාජධානියට ඇතුල් වෙන වුකොංග් ඇතුලු පිරිසවත් මරණ දණ්ඩනයට නියම කරනවා. ඒත් ඒකෙන් ගැලවෙන උපක්‍රමයක් යොදන්නෙ ඒ දේශයෙ තරුණ රැජින. ඇයි කියලද හිතන්නේ? හේතුව තමයි “Love at First Site”. කාටද? පූජකතුමාට. ඒත් ටෑංග් පූජකතුමා කියන්නෙ සිල් රකින කෙනෙක්. ඒ නිසා එතුමාට ආදර හිතක් පහල කරගන්න බෑ.⁣ බෝධිසත්වයන් ඔහුට අවස්ථාවක් දෙනවා ඇයගේ ආදරය පිළිගන්නවද නැත්තන් සියලු ජීවීන්ගේ වේදනාව නැති කරනවද කියලා.??? පූජකතුමා මෙතනින් මොන තීරණයක් ගනීද කියලා බලන්න The Monkey King 3චිත්‍රපටිය නරඹන්න වෙනවා.

අද ටිකක් මට විශේෂයි. !! මොකද මේ ගෙනාවෙ 50 වෙනි උපසිරසිය නිසා. මුලින්ම මේ උපසිරසි කරන්න සහයෝගය දුන්න මගේ පවුලෙ අයට ස්තූති කරලා පටන් ගන්නම්. මගේ පලවෙනි උපසිරසිය A Silent Voice කියන ඇනිමේ චිත්‍රපටිය. මට උපසිරසි කරන්න හිතුනේ හෙළිලි සහෝදරියගෙ Your Name චිත්‍රපටිය බලලා. ඒ වගේම A Silent Voice වගේ ලස්සන චිත්‍රපටියකට සිංහල තිබුනෙ නැත්තන් වැඩක් නෑ කියලා හිතුන නිසා ඒක කරලා එව්වෙ. එදා ඉඳන් සිසිල සහෝදරයා ලොකු සහයෝගයක් දුන්නා. එයයි සුධීර සහෝදරයයි තමයි මං කරන සබ් කළමනාකරණය කරන්නෙ. ඒ වගේම ළඟදි තමයි බයිස්කෝප් අනිත් සහෝදරයන්වත් අඳුනගත්තෙ. එයාලවත් ආදරෙන් මතක් කරනවා. අඳුනගන්න උදව් කලේ සමන් සහෝදරයා තමයි. එයාවත් මතක් කරනවා. ඒ වගේම අසංක සහෝදරයවත් මතක් කරනවා. මේකෙ අමාරු තැන් තේරුම් කලේ එයා තමයි. එයයි සිසිල සහෝදරයයි තමයි 50ට කරන්න චිත්‍රපටියක් හොයලා දුන්නෙ. ගොඩක් ස්තූති කරනවා ජනප්‍රිය එකක් හොයලා දුන්නට. තව බයිස්කෝප් මංසලේ තිසර සහෝදරයවත් මතක් කරනවා. කලින් කරපුවා මතක් කලොත්, චිත්‍රපටි එකොලහකුත් ඇනිමේ ටීවී සීරීස් දෙකකුත් කරලා තියෙනවා. (Fullmetal Alchemist Brotherhood 2009 සහා Tokyo Ghoul 2014). උපසිරසි 50න් 48ක් ජපන් භාෂා උපසිරසි, 1ක් කොරියන් භාෂා චිත්‍රපටියක්, මේක චීන භාෂා චිත්‍රපටියක්. අවසාන වශයෙන් ස්තූති කරන්න ඕනෙ අදහස් දක්වන අයට. හැමෝගෙම අදහස් හරිම වටිනවා. මොන වැඩ තිබ්බත් බැලුවත් නැතත් රොයිලි සහෝදරයගෙ කමෙන්ට් එකක් නැති වෙන්නෙ නෑ එක උපසිරසියකවත්. ඒ වගේම හැමදාම ඩවුන්ලෝඩ් කරන් යන ගමන් කමෙන්ට් දාන පිරිසක් ඉන්නවා. නමින් කිව්වෙ නැතත් එයාලටත් ස්තූති කරනවා. එහෙනම් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා හැමෝටම.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 |  720p  | 960MB |

249A9AEB832E0090A36E383575382FB714A2F89D

Direct Download

| WEBRIP | x264 |720p| 960MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Monkey King 3 (2018) AKA Xi You Ji Zhi nü er Guo | ආදරයේ අරුත!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!