Touch Chesi Chudu (2018) | ඇල්ලුවොත් බලාගෙනයි

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිගු සිනමාපටයක් අරගෙන ආවා.. මේ මගේ පලවෙනි තෙලිගු උපසිරසකරණය. මේක මං කලින් භාර ගත්ත එකක්.. මොකද මේකේ ඉන්න නළුවා, කව්රුත් දන්න රවී තේජා මගේ ආසම නළුවෙක් වෙන නිසා.හොද කොපියක් ඇවිල්ලා නම් ටික දොහක් වෙනවා ඉතින්. ඒත් ඉතින් කරන්න හම්බුනේ නෑ ඉක්මනට, මොකද මගේ විභාග වැඩ කටයුතු වගෙම අන්තර්ජාලයේ තිබුන ඉංග්‍රීසි උපසිරසේ තිබ්බ යම් යම් දෝෂ නිසාත්. කොහොම හරි සතියක් ඇතුලත කරලා අරගෙන ආවා ඔයාලා ගාවට.. බලලා හොදයිද නරකයිද කියලා කියන්නකෝ…

මේ අව්රුද්දේ පෙබරවාරී 18 වෙනිදා ඉන්දියාවෙන් තමා තිරගත වීම ආරම්භ කලේ.මේ සිනමාපටයට, Ravi Teja, Raashi Khanna, Seerat Kapoor, Murli Sharma යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මේ සිනමාපටය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ Vikram Sirikonda යී.මේ සිනමාපටයේ බජට් එක වෙන්නේ නම් කෝටී 35 යී. ඒ වගේම බොක්ස් ඔෆිස් අාදායම කෝටී 25ක් වෙනවා.මේ පිලුමට IMDB අගය 5.2 විදිහට කැරකිලත් තියෙනවා….

අපි දැන් හැරෙමු කතාව පැත්තට, කතාව ගෙතෙන්නේ කාර්තික්(රවි තේජා) කියන පොලිස් නිලධාරියා වටේට. මෙයා අකුරට වැඩ කරන රාජකාරිය තම දේව කාරිය කරගෙන ඉන්න කෙනෙක්.මෙයා එක්ක අපරාධකාරයන්ට නෝ හෙල්ලුම්. කොහොම හරි එයාගේ බල ප්‍රදේශයේ ඉන්න දේශපාලන ලොක්කෙක්ගේ පුතෙක් අහින්සක විශ්වවිද්‍යාලයීය සිසුවෙක්ව මරනවා නිකරුනේ. මේ ගැන පරීක්ෂණ කරන්න ලැබෙන්නේ කාර්තික්ට තමා ඒ වගේම කාර්තික්ගේ තාත්තගේ ආයතනේ වැඩ කරපු කෙනෙක්ගේ පුතෙක් වන සත්‍යදේව් වත් මේ ලොක්කගේ පුතා මරනවා. මේ හේතු දෙක නිසා කාර්තික් මේ අපරාධකාරයා පස්සේ පන්නන්න ගන්නවා. අහ් ඒ අස්සේ ලස්සන ආදර කතා දෙකකුත් ගලාගෙන යනවා…. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනවා මේකේ.. සිංදු වලට නම් උපසිරස කරේ නැ වෙලාව නැති නිසා. මේ සිනමාපටය ⁣Action ගණයට තමා අයිති. ඒත් හොද හොද විහිළු ටිකකුත් තියේ. හරි අදට මම මෙතනින් නවත්තනවා.. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ.. මේ පිලුම පැය දෙකකුත් විනාඩි විස්සක් විතර දිග එකක්. ඒක නිසා කිව්වට වඩා දේවල් තියේ කතාවේ. සෙල්ලම ඉවරායී!!!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

FF7F87BA365C69E323F57A10C76BB978CD8383A2

Direct Download

| HDRIP | x264 | 480p | 400MB | 

         

| HDRIP | x264 | ESub | 700MB | 

         

| HDRIP | x265 | 720p | 800MB | 

         

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Touch Chesi Chudu (2018) | ඇල්ලුවොත් බලාගෙනයි

  • April 1, 2018 at 4:10 pm
    Permalink

    සබ් එක බාන්න බෑනේ..

    Reply
  • May 13, 2018 at 6:43 am
    Permalink

    බොහොම ස්තුතියි සහෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *