Pokkiri Raja (2016) | වගකීම් රහිත රජු

හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් කොටසට උපසිරැසි මම කරද්දි එයා අග කොටසට උපසිරැසි යෙදීම කරල දුන්න. හැබැයි එයාගේ ටික කරලනම් දැන් සතියක් විතර වෙනව, මම නිසා තමයි ගොඩක් පරක්කු වුනේ. තව කෙනෙක් ඉන්නව ඉමේෂ් කුමාර මලයවත් මතක් කරන්න ඕන ඉක්මනින් ඉවර කිරීමට උදව් දීම ගැන. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා ඔයාල හැමෝටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනව ජාත්‍යන්තර වර්ග කිරීම් අනුව ලංකාවේ තියෙන හොදම වෙබ් අඩවි අතුරින් 05වෙනි තැනට අපව ඔසවා තැබීම පිලිබදව. 

2016 මාර්තු මස 04 වන දින තිරගතවූ මෙම චිත්‍ර්‍රපටය සඳහා Imdb අගය 4.4/10 ලැබි තිබෙනවා මෙහි රංගන දායකත්වය අප කවුරුත් දන්නා හඳුනන සුපිරිම නළු නිළියන් දෙදෙනෙක් වල ජීවා සහ හංසිකා යන දෙදෙනායි. ඉතින් මේ කතාව නාට්‍යමය සහ හාස්‍යය ඝණයට අයත් වුවත් මෙහි ඇති කතා වස්තුව තුලින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මෙහි කතාව දෙස අවදානය යොමුකල හොත් සන්ජීව් (ජීවා) හට පොඩි ලෙඩක් තියෙනවා. ඈනුම් යෑමේ රෝගය ඉතින් අපිටත් ඈනුම් යනවනේ. ඒවගේ නෙමේ මෙයගේ ඈනුම. මෙයාට ඈනුම ගියහම ලග ඉන්න කෙනාටත් ඒක බෝ වෙලා නින්ද යනව. ඉතින් මේ හේතුව උඩ සන්ජීව්ට රස්සාවල් කිහිපයක්ම නැති වෙලා යනවා. ඉතින් ඔය ඉන්න අතරේ සංජීව්ගේ යාළුවෙකු මාර්ගයෙන් එක් සමාගමක රැකියවක් හම්බෙනව. ඔය තැනම තමයි හංසිකා (සුනීත) රැකියවක් කරන්නේ. සුනිතා තව සමාජ සත්කාරයක් කරනවා ප්‍රසිද්ධියේ මුත්‍රා කරන අයට දඩුවම් කිරීමට. ඔය ඉන්න අතරේ සන්ජීව්ටත් ඔය සමාජ සත්කාරයට හවුල් වීමට අවස්ථාව ලැබෙනවා. ඔය වැඩේ නිසා සංජීව් කුලීන් ග්ලාස් කියන මැරයා සමග පැටලෙනවා. තව නම් කතාව කියන්න ඕනේ නැහැ. ඔයාලා බලලම රස විදින්න කියල මම ඉල්ලා සිටිනව. අදට නවතින්නම් තවත් අලුත් චිත්‍රපටියකින් හමුවන තුරු ඔබට ජය……!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 700MB |    

2E87540F6B05D78ECDEB2B26B1FDA3D96F3B66D5

Direct Download

| DVDRip | x264 | 1CD | 700MB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!