Son Of Sathyamurthy (2015) |තාත්තා යනු අමතක කල නොහැකි මතකයක්…

 

“මගේ තාත්තා මට උපත දුන්නා.
කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා.
මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා.
මට මේ තරම් ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා.
කෙනෙකුට හොඳක් කරොත්,
අනිවරෙන්ම අපිට හොඳක් වෙනවා කියලා ඔප්පු කරලා දුන්නා.
මේ තමයි මගේ කතාව….”

හම්මේ.. ඔන්න ඉතින් කාලෙක ඉඳන් බලාගෙන හිටපු එකක් උස්සගෙන ආවා මම..මේක එනකන් මට ඉවසගෙන ඉන්න බැරි උනා. පෞද්ගලිකවම ගොඩක් ආස චිත්‍රපටියක්. ඉතින් ආවට පස්සේ සබ දානකන් ඉවසිල්ලක් නැති උනා. ඔන්න එහෙනම් මම මගේ පලවෙනි අසා ලිවීම අරගෙන අද මෙහාට ගොඩ බහින්නේ මගේ විසිවෙනි උපසිරසි ගැන්වීම සමරමින්. ඉතින් මුලින්ම කියන්න ඕන මම තෙලුගු කාලා වතුර බීපු කෙනෙක් නෙවෙයි. තෙලුගු යම්තාක් දුරට දන්නා මගේ මිතුරෙකුගේ උදව් එකතු කරගෙන තමා මේක අවසානයක් කරේ. ඉතින් මගේ මිත්‍රයා ශාන් හට මගේ පළමු ආචාරය පුද කර සිටිනවා. බලන්න පුළුවන් කොපියක් පිට වෙලා සති ගානකට පස්සේ තමා මේ මම අද ඔයාලට මේක අරගෙන එන්නේ. (කරන්න පටන් ගත්තා වගේ නවෙයි ඉවර කරන්න සති ගානක් ගියානේ ? ) මෙන්න මෙතනට රිංගුවොත් මේ චිත්‍රපටිය ගැන තවත් විස්තර බලාගන්න පුළුවන්.

කවුරුත් දන්න තෙලුගු සිනමාවේ Stylish Star Allu Arjun තමා මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඒ විරාජ් ආනන්ද් කියන චරිතය. එතකොට මේකේ නම Son Of Sathyamurthi වෙනකොට සත්‍යමූර්ති කියන්නේ මොකාද කියලා ඔයාලා බලනවා ඇති නේද? සත්‍යමූර්ති කියන්නේ විරාජ් ආනන්ද්ගේ තාත්තා. ඒ චරිතයට පන පොවන්නේ Prakash Raj විසින්. චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙසින් Samantha Ruth කටයුතු කරනවා. ඒ සමීරා කියන චරිතයට. ඊට අමතරව තව අක්කලා දෙන්නෙක් මේකේ ඉන්නවා ඒ Adah Sharma සහ Nithya Menen. එයාලට අමතරව Brahmannandam, Ali, M. S. Narayana, Upendra වගේ නළු නිලියන්ද මේ සඳහා රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තෙලුගු සිනමාවේ වැඩකාරයෙක් වන Devi Sri Prasad(DSP) විසින් සිදු කර තිබෙනවා. ඉතින් මේකේ ගොඩක් ලස්සන සිංදු කීපයක්ම තියෙනවා. ඒවායින් කිහිපයකට උපසිරසි ගන්වන්නත් මම අමතක කරේ නෑ. S. Radha Krishna විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Julayi(2012) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Trivikram Srinivas විසින්.

අප්‍රේල් 09 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය පළමු දිනයේම ඉන්දියානු රුපියල් මිලියන 205ක් උපයා තිබෙනවා. ඒ පළමු දිනයේ වැඩිම අදායමක් ලැබූ තෙලුගු චිත්‍රපටිය ලෙස මීට පෙර Race Gurram තබා තිබූ වාර්තාව බිඳ හෙලමින්. කතාව ගැනත් පොඩ්ඩක් කියන්න එපාය. ඔන්න එහෙනම් සත්‍යමූර්ති කියන්නේ මහා මිනිස් වටිනාකමකින් යුතු බිලියනපතියෙක්. එයාගේ බාල පුතා තමයි විරාජ් ආනන්ද් කියන්නේ, සත්‍යමූර්ති හදිසි අනතුරකින් මිය යනවා. එයා මැරුණට පස්සේ එයාගේ ව්‍යාපාර කඩා වැටෙනවා. විරාජ්ට ඒක බේරගන්න බැරි වෙනවා, හැම දෙයක්ම නැති වෙලා බංකොලොත් උන සත්‍යමූර්තිගේ පවුල අන්තිමට පාරට වැටෙනවා. එයාලව ගොඩගන්න විරාජ් විවාහ සැලසුම් කරන කෙනෙක් විදිහට රස්සාව පටන් ගන්නවා.ඔය ඇති නේ කිව්වා, මම දන්නවා බලන උන් මේවා කියවා කියවා ඉන්නේ නෑ. Allu Arjun කියන නම් දැක්ක ගමන් බාන්න දානවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 700MB |    

612DEA0A3B984454FBB0A0D13C8F5843B876B664

Direct Download

| DVDRip | x264 | 1CD | 700MB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!