Lord of War (2005) | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ…(18+)

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි.

ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් විතරයි. සබ් එකක් දීලා තිබුනෙ නෑ. මේකට IMDB ranking වල ලකුණු 7.6ක් ලැබිල තියනවා

ඉස්සර ඉදන් ලොකු ආසාවක් තිබ්බා සබ් එකක් හදන්න. ඒත් වැඩ එක්ක වෙලාවක් වෙන් කරගන්න අමාරු උනා හැමපාරම. මේක තමා මම සම්පූර්ණයෙන් ඉවර කරපු පළවෙනි සබ් එක. බාගෙට ගහපුව තාමත් තියනව හාඩ් එකේ ඒවත් පුළුවන් තරමක් කරල දෙන්න හිතාන ඉන්නවා. මේ වෙද්දි ලංකාවේ සිංහල සබ් දෙන අඩවි ගණනාවක් තිබ්බත් මුලින්ම පටන් අරගෙන ගොඩක් බාධක මැද දිගටම කරගෙන ආපු බයිස්කෝප් අඩවියට මම මේ සබ් එක දෙන්නෙ ස්තූතිය පලකිරීමකුත් විදිහට.

මම දෙන පළවෙනි සබ් එක නිසා වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙයල්ලා.. හොදද කියල කමෙන්ට් එකකින් කියපන් මචන්ලා.

කතාව ටිකක් දිග වැඩි උනා වගේ. මුලින්ම කියන්න ඕන මේක ඇත්ත කතාවක්. හරි දැන් ෆිල්ම් එකේ විස්තරයක් කියන්නම්. මේකෙ ඉන්නෙ ඇමරිකාවට පලා ආව යුදෙව් පවුලක සාමාජිකයෙක් ගැන. දෙවන ලෝක යුද්ධය අවසාන කාලේ කවුරුත් කරන්න හිතුවෙ වත් නැති ව්‍යාපාරයක් මෙයා මල්ලිවත් සම්බන්ධ කරගෙන පටන්ගන්නවා. “ආයුධ ජාවාරම”, ඒ වකවානුවේ ලෝකෙ පුරාම විවිධ හේතු නිසා ඇතිඋන යුද්ධ ගණනාවක්ම තියනවා. මේවට ඕන අවි ආයුධ මෙයා විවිධ ක්‍රම වලට අඩු මිලට සපයගෙන ඉතාම සූක්ෂමව රට රටවලට විකුණනවා හොර ක්‍රම වලින් කිසිම නීත්‍යානුකූල ලියකියවිල්ලක් වත් නැතුව. ඒකෙන් හොඳ ලාභයක් ලබනවා. මෙයා විකුණපු ආයුධ වලින් අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරෙන අතරේ මෙයා සුවපහසු ජීවිතයක් ගෙවනවා. ඉන්ටපෝල් එකේ නිලධාරියෙක් මෙයා පස්සෙන්ම පන්නනවා. ආයුධ විකුණන්න විවිධ රටවලට යන අතරේ භයානක සිදුවීම් වලට මූණ දෙන්න සිදුවෙනවා පවුලේ කෙනෙකුත් මැරෙනවා ඒකෙන්. අන්තිමේදී මොහුගේ ජාවාරම් අහුවෙයිද, හිරේ යන්න වෙයිද, මෙයාට මෙච්චර නීතියෙන් වහන් වෙලා හොර වැඩ කරන්න සහයෝගය දෙන්නෙ කවුද ?

දන්නවනේ. එහෙනම් ආයෙත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට ජය.

ස්තූතියි !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 850MB |    

3C82CA4BEA054647DE419ADA2A10F7BD8304B317 

Direct Download

| Bluray | x264 | 720p | 850MB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!