Annadurai (2017) | නිවුන් සහෝදරයන් දෙදෙනා…

මුලින්ම මම අපේ තරිඳු අයියගෙන් ලොකූ සමාවක් ගන්නවා. මොකද එයා මේ උපසිරැසිය වෙනුවෙන් කැප වෙලා වැඩ කළත් මට මගේ කොටස හරියාකාරව කරගන්න බැරි වුණු එකට. මේ චිත්‍රපටයේ උපසිරැසිය කරන්න බාර අරගෙන තිබුනේ මම. නමුත් බයිස්කෝප් සමාජ සත්කාර වැඩ මුළුවේදී තරිඳු අයියා කැමති වුනා මේ චිත්‍රපටයේ උපසිරැසිය මාත් එක්ක එකතු වෙලා කරන්න. පළවෙනි පැය මම වගේම දෙවැනි පැය එයා කරන්නයි අපි කතා කරගත්තේ. නමුත් ඔය අතරේ මම ඉගෙන ගනිමින් හිටපු උපාධි උත්සවය ආවා, ඒක ඉවර වුණාට පස්සේ අපේ ආච්චි නැති වුනා, ආච්චිගෙ මල ගෙදරටත් ගිහින් ආවට පස්සේ අපේ අක්ක කෙනෙක්ගෙ මගුල් ගෙදරක් තිබුනා. අනේ ඔයාලට කියන්න මේ වගේ ගොඩක් දේවල් වලට පස්සෙ තමයි මන් මගේ උපසිරැසිය කරන්න පටන් ගත්තේ. ඔය අතරේ තරිදු අයිය එයාගෙ කොටස කරල මැසේජ්, කෝල් ගොඩක් දුන්නා. ඒ වගේම අපේ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගෙනුත් මට අවසාන දැනුම් දීමකුත් ආවා. කොහොමින් කොහොම හරි මීට කලින් දෙන්න තිබුන උපසිරැසියක් මගේ වැරැද්දෙන් ඔන්න අද තමා දෙන්න පුලුවන් වුනේ. ඉතින් මම හිතනවා තරිඳු අයියා මාත් එක්ක තරහ නැතුව ඇති වගේම මාත් එක්ක මේ වගේම හවුලේ තවත් උපසිරැසියකුත් කරන්න ඒවි කියල. ?

IMDB මීටරේ 5.1 අගයක් ගත්තු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ G. Srinivasan විසින්. ඒ වගේම තෙළිඟු භාෂාවේ දෙබස් ලියලා තියෙන්නේ Bhashyasree (telugu dialogue) විසින්. කතාවේ ප්‍රධාන නළුවාට ඉන්නේ අපි කවුරුත් හොදින් දන්න Vijay Antony. ප්‍රධාන නිළියන්ගේ චරිත Diana Champika සහ Jewel Mary විසින් ඉදිරිපත් කරනවා. තෙළිගු භාෂාවෙන් නිකුත් වුණු මේ චිත්‍රපටයේ නම Indrasena.

අන්නාදොර සහ තම්බිදොර කියන්නේ නිවුන් සහෝදරයන් දෙන්නෙක්. මේ දෙන්නගේ ජීවිතය ගොඩක් වෙනස්. තම්බිදොර ඉස්කෝලයක පී.ටී මාස්ටර් කෙනෙක් විදියටයි වැඩ කරන්නේ නමුත් අන්නාදොරෙයි ආදරේ කරපු එයාගෙ පෙම්වතිය එයාගෙ ඇස් පනා පිටම අණතුරකට ලක් වෙලා මැරෙනවා. ඉතින් ඒ දුකට එයා හැමදාම හොදට බීල සමාජේ බේබද්දෙක් වෙලයි ඉන්නේ. ඔයා අතරේ අන්නාදොරේගෙ යාළුවෙක් ඉන්නවා කර්ණා කියලා. එයාට බිරියානි කඩයක් දාගන්න ලක්ෂ හයක මුදලක් ඕනි කරනවා. ඉතින් අන්නාදොරෙ ඒ මුදල ණයට අරගෙන දෙන්න දයාලන් කියල මැරයෙක් ලගට එයාව එක්කරන් යනවා. ඔය අතරේ දයාලන් කියන මැරයා ටික දවසකින් අනාදොරෙයිගේ යාළුවට ගහලා එයා දුන්නු මුදල් ඉල්ලනවා. අන්නාදොරෙයිට කර කියා ගන්න දෙයක් නැතුව අන්තිමේදී එයාගෙ උදව්වට එන්නේ තම්බිදොරෙයි විවාහ කරගන්න යන කෙනාගේ තාත්තා. එයාගෙ අවවාද වලට අනුව අන්නාදොරෙයි තීරණය කරනවා මීට පස්සේ ආයෙ කිසිම දාවකවත් බොන්නේ නෑ අද තමයි අන්තිම දවස කියලා. නමුත් එදා එයාගෙ අතින් අරක්කු වෙළද සැලේ අයිති කාරය මරණයට පත් වෙනවා. අවුරුදු හතකට හිරේ ගිහින් එළියට එනකොට අන්නාදොරෙයිගේ මුළු පවුලම විනාශ වෙලා. මොකද්ද වෙන්න ඇත්තේ? අන්නාදොරෙයිගේ පවුල විනාශ වුනා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයාගෙ මල්ලි, අම්ම, තාත්තා එයාලට මොනා වෙලා ඇත් ද? ඉතින් මේ හැම දේකටම උත්තරේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම චිත්‍රපටය බලන්න කියල.

ඉතින් මේ වෙනකන් මේ චිත්‍රපටයට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. ඉතින් මටයි [RAJ] අපේ තරිදු අයියටයි සිද්ද වුනා කාල රාමු හදාගෙන අසා ලිවීමක් කරන්න. ඉතින් ආයෙමත් සැරයක් තරිදු අයියගෙන් සමාව ගන්න ගමන් තවත් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම යනවා. ජය වේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB |    

B259801750D89EF82E69B2DB2139F25B3371C759 

Direct Download

| HDRIP | x264 | 1CD | 700MB | 

  

| HDRIP | x264 | 1CD | 400MB | 

  

| HDRIP | x264 | 720p | 1.4GB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!