Haseena Parkar (2017) | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නිර්මාණය වූවක් වීමයි. මෙහි කතාවට පදනම්ව ඇත්තේ 1993 දී මුම්බායි මහා පිපිරුමෙන් පසු ඉන්දියාවේ දරුණුතම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන Dawood Ibrahim ගේ සහෝදරියගේ ජීවිත කතාවයි. මොවුන් දෙපළම ඉන්දියාවේ රජ කල මැරයන් ලෙස හැදින්වීමේ වරදක් නෑ.හසීනා පාකර්ව ආමන්ත්‍රනය සදහා ඉන්දියානු ජනතාව Lady Don යන නාමය යොදා ගැනීමෙන්ම එය වඩාත් පැහැදිලි වෙනවා.

මේ සිනමා සිත්තම සදහා Imdb දර්ශකයේ4.1 අගයක් ලැබී තිබෙනවා.ඒවගේම මෙය අයත් වෙන්නේ DramaCrime කියන ගණයට. මුල සිට අවසානය දක්වා එක දිගට නැරඹීමට හැකි චිත්‍රපටයක් බවත් මතක් කරන්න ඕනේ .මෙහි ප්‍රධාන චරිතය නොහොත් හසීනා පාකර්ගේ චරිතයට පණ පොවන්නේ සුරූපී ශ්‍රද්ධා කපූර් විසින්.ඒ වගේම හසීනාගේ සොහොයුරා නොහොත් Dawood Ibrahim ගේ චරිතයට පණ පොවන්නේ සිද්ධාන්ත් කපූර්විසිනුයි.චිත්‍රපටයේ කතා පුවත කෙටියෙන් මෙහෙමයි.

මුම්කා යන කුඩා ගමේ ළමයින් දොලොස් දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් පවුලකට දාව උපත ලබන හසීනා පාකර්ගේ ප්‍රියතම සහෝදරයා තමා Dawood Ibrahim. හසීනාගේ පියා Ibrahim kaskar මුම්බායි පොලිස් ස්ථානයේ ප්‍රධාන කොස්තාපල්වරයා වශයෙන් සේවය කරනවා .තාත්තා කොතරම් ගරු කටයුතු ලෙස පොලිස් රාජකාරියේ නියැලුනත් ඔහුගේ ලොකු පුතුන් දෙදෙනා තාත්තාගේ ආදර්ශයට සපුරා වෙනස් මාර්ගයේ යමින් හොර බඩු ජාවාරම් කරමින් මුදල් හරි හම්බ කරනවා. ඉතින් මෙයාලගේ ගෙදර ප්‍රශ්නයක් නැති වෙලාවක් නැතිම තරම්.කොහොම වුනත් තාත්තා කොච්චර නොසැලකුවත් හසීනා තමාගේ අයියට ගොඩක් ආදරය කරනවා.මේ සිනමා සිතුවම පුරාවටම මෙයාලා දෙන්නගේ සහෝදර ප්‍රේමය ලස්සනට විස්තර කරනවා.කොහොමහරි අන්තිමට හසීනගේ ලොකු අයියලා දෙන්නම පොලීසියට පිං සිද්ධ වෙන්න රටටම ඕන කරන අපරාධකරුවන් වෙනවා. (ඉන්දියාවේ පොලීසියේ දූෂණ වගේම අක්‍රමවත් වැඩ පිලිවල එහෙමත් මෙහි අපූරුවට විග්‍රහ කර තිබෙනවා) . කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස හසීනාගේ දෙවනි අයියා මැරයන් අතින් මිය යනවා.ඉන් කෙටි කලකට පසු මැර ඉතිහාසයේ හිණි පෙත්තටම ළගා වෙන Dawood Ibrahim 1993දී බොම්බායේ මහා පිපුරුමක් සිදු කරනවා.එයින් ඔහු මුලු රටටම අවශ්‍ය කරන ත්‍රස්තවාදියෙකු බවට පත් වෙනවා. කෙසේ නමුත් ඔහුගේ වැරදි වලට මිනිසුන් ඔහුගේ සහෝදරියට දෝශාරෝපණය කරන විට හසීනා ඒවායෙන් නොසැලී මුලු මුම්බායි ප්‍රදේශයම තමන්ට ගරු කරන තැනට පත් කර ගන්නවා.ඉතින් ඒ කොහොමද කියලා නරඹන්නට ඔබ සැමට ආරාධනා කරනවා. මේ චිත්‍රපටය තෝරා දීම වෙනුවෙන් සිසිල ප්‍රසාද් සහෝදරය විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා. තවත් ලස්සන සිනමා සිත්තමකින් හමු වන තුරු මම සමු ගන්නවා. ඔබ සැමට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-HD | x264 | 720p | 860MB |

8E927853EAE9B1DB0AA1FEE943E2EA5EF87FF81B

Direct Download

| WEB-HD | x264 | 720p | 860MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Haseena Parkar (2017) | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත

  • April 5, 2018 at 22:33
    Permalink

    meke Direct Download ganna epa file wada karanne naha
    deoparakma

    Reply
  • April 7, 2018 at 19:08
    Permalink

    torrent file ekath wada karanne naha

    Reply
    • April 7, 2018 at 19:14
      Permalink

      link Wada karanawa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!