Scooby-Doo & Batman: The Brave and the Bold (2018) | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට ගියා. කොහොම කොහොමහරි ස්ට්‍රයික් හින්දා කැම්පස් එකත් නිවාඩු එකේ මේක ඉවර කරලා ඔන්න එහෙනම් අරන් ආවා.

කතාවේ නම දැක්කාම තේරෙනවා ඇතිනේ. ඔව් ඔව් මේක අනිත් ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් වගේ නෙමෙයි මේකෙ ඉන්නවා බැට්මෑන් ඇතුළු DC සුපිරි වීරයෝ සෙට් එකක්ම. ඒ අය තමයි , බැට්මෑන්, ඇක්වාමෑන්, ක්වෙස්චන් මෑන්, ප්ලාස්ටික් මෑන්, බ්ලැක් කැනාරි, ඩිටෙක්ටිව් චිම්ප්, මාෂන් මෑන්හන්ටර් කියන සෙට් එක. ඒ වගේම මේකෙ ඉන්නවා , රිඩ්ලර්, ජෝකර්, පෙන්ගුයින්, ක්ලේෆේස් වගේ සුපර් විලන්ලා එහෙම නැත්නම් සුපිරි දුෂ්ඨයෝ සෙට් එකක්ම.

වෙනස්ම ස්කුබී කතාවක් කාලෙකින් දැකපු. ඇත්තම කියනවා නම් මම කොමික් රසිකයෙක් නම් නෙමෙයි. ඒ හින්දා මේ සබ් එක හදද්දී මගේ අතින් අඩුපාඩු වෙලා තිබ්බොත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. IMDB මීටරේ 6.8 ක් ගත්තු මේ චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියනවා නම් ස්කුබී සෙට් එක යනවා හොරකම් වගයක් ගැන හොයලා බලන්න. ඒ අභිරහස සාර්ථකව විසඳුවත් පස්සෙයි දැනගන්නෙ ඒක ඇත්තම අභිරහසක් නෙමෙයි බැට්මෑන් ඇතුළු සුපිරි වීරයෝ එකතු වෙලා නිර්මාණය කරපු අභිරහසක් ස්කුබී කණ්ඩායම ගෝතම් අභිරහස් විශ්ලේෂකයන්ගේ කණ්ඩායමට බඳවගන්න සුදුසුද කියලා බලන්න. ඉතින් මේ අභිරහස විසඳලා ස්කුබී සෙට් එක ඔප්පු කරනවා එයාලා ඒකට සුදුසුයි කියලා. ඊටපස්සෙ බැට්මෑන්ගේ ආරාධනාවෙන් එයාලා යනවා ගෝතම් වලට. එහේ එක එක සුපිරි වීරයාට තියෙනවා එයාලගේ නොවිසඳුනු අභිරහස් ඇතුළත් වෙන වෙනම පුද්ගලික ෆයිල්. අනිත් හැම සුපිරි වීරයෙක්ගෙම ඒ වගේ නොවිසඳුනු අභිරහස් ෆයිල් ගොඩක් තිබ්බත් බැට්මෑන්ට තියෙන්නෙ එකම එක ෆයිල් එකක් විතරයි. අන්න ඒ අභිරහස තමයි ස්කුබී සෙට් එක සුපිරි වීරයොත් එක්ක එකතු වෙලා විසඳන්නේ. ඉතින් ස්කුබී කාටුන් ෆිල්ම් බලන අයට වගේම කොමික් කාටුන් රසිකයන්ටත් මේක ගැළපෙයි කියලා මං හිතනවා. මේකෙ තිබ්බ කොමික් වලට සම්බන්ධ වචන ගොඩක් ඒවා මං ඒ විදිහටම තිබ්බා සිංහලට හරවන්න ගියොත් කතාව බෝරිං වෙන හින්දා. කොමික් ගැන වැඩි යමක් නොදන්න මම මේකෙ සබ් එක හදද්දි හිර වුන අවස්ථා ගොඩයි. ඒ තැන්වලදී උදව්වට ආපු මගේ යාළුවා (බැට්මෑන් පිස්සා) සමිල උදයන්තටත් , මේකෙ සබ් එක පරක්කු වෙද්දී ඉවසන් හිටපු සයිට් එකේ ඇඩ්මින් අයියලටත් ස්තුතියි. මං එහෙනම් ගිහින් මේ අවුරුද්දෙ ආපු තව අලුත් ඇනිමේෂන් ෆිලුමක සබ් එකත් අරන් එන්නම් පුළුවන් ඉක්මනට. හැමෝටම ජයවේවා!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 550MB |

Direct Download

| WEBRip | x264 | 480p | 418MB |

       

| WEBRip | x264 | 720p | 673MB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!