7-beon-bang-ui seon-mul (2013) AKA Miracle in Cell No. 7 Sinhala Subtitles | අහිංසක පැතුම් පිරුනු සිර කුටිය

අවුරුදු 9 උපන් දිනය සමරන බයිස්කෝප් අඩවියට මුලින්ම මම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පතනවා. අවුරුදු 9ක් කියන්නෙ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ තරම් දුර මේ අඩවිය අරන් ආව එක පිටි පස්සෙ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගේ කැප වීම ගොඩක් ලොකුයි. එයාලගෙ කැපවීම නිසා ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි සමග චිත්‍රපටි, රූපවාහිනී ⁣කතා මාලා නැරඹීමේ හැකියාව ලැබුනා. ඒ සේවය නොමිලේම ලබාගත්ත කෙනෙක් විදියට ඒකෙ වටිනාකම මට කියලා නිම කරන්න බෑ. මට කියන්න තියෙන්නෙ බයිස්කෝප් සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ස්තූතියි කියලා.

දැන් මම චිත්‍රපටිය ගැන කියන්නම්. 2013 වර්ෂයේදී ආදායම් පිට අාදායම් වාර්තා සමග බොක්ස් ඔෆිස් වාර්තාද තැබූ මෙම චිත්‍රපටිය, කොරියානු චිත්‍රපට ඉතිහාසයේ මසක් තුල ප්‍රවේශ පත් මිලියන 10ක් විකුණූ 8 වෙනි චිත්‍රපටිය බවට පත් වෙනවා. මේ වාර්තාව ලබා ගැනීමට හැකි වෙන්නේ ⁣ජනප්‍රිය නළුනිළියන්ගේ දායකත්වයක් නොමැතිවමයි. ඒ වගේම ඒ වාර්තාව නැවත අළුත් කිරීමට 6 වෙනි හා 7 වෙනි සති වලදී ඔවුන්ට හැකි වෙනවා. ඒ මිලියන 12ක ටිකට්පත් අලෙවි කිරීමට හැකිවූ 5 වෙනි චිත්‍රපටය ලෙසයි. හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළුව සම්මාන 12ක් ලබා ගැනීමටත් සම්මාන 21ක් සඳහා නාම යෝජනා ලබාගැනීමටත් මේ විශිෂ්ඨ කලා කෘතියට හැකියාව ලැබෙනවා. ඒ වගේම අදටත් කොරියානු සිනමාවේ “Top Grossing” චිත්‍රපට අතර මෙය 9 වෙනි තැන තියෙන්නෙ. IMdb දර්ෂකයේ 8.2ක් වැනි ඉතාම ඉහළ අගයක් ලබා ගැනීමට මේ චිත්‍රපටියට හැකියාව ලැබෙන්නේ මේකේ සාර්ථකත්වය නිසාම තමයි. The Heirs, You are Beautiful, Heartstrings වැනි ජනප්‍රිය නාට්‍ය වල මෙන්ම Hyung, The Royal Tailor වැනි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුනු පාක් ෂින් හේ, ළමා නිලි කල් සෝ වොන්, ප්‍රධාන නළු රියූ සන්ග් ර්යොන්ග් මේකට රංගනයෙන් දායක වෙනවා. මේක කොච්චර ලස්සන, සංවේදී චිත්‍රපටියක්ද කියලා රසවිඳලම තීරණය කරන්න.

චිත්‍රපටය ගැන මම කෙටි හැඳින්වීමක් දෙන්නම්. “බරපතල වැරැද්දකට බලහත්කාරයෙන් අසු කර සිරගත කරන අඩු බුද්ධියෙන් පෙලෙන යොන්ගුට, එයාගෙ ආදර දියණිය යේ-සන්ග් දැක ගැනීම වෙනුවෙන්, සහෝදර රැඳවියන් විසින් දරණ උත්සහයත්, එය මල්පැල ගැන්වෙන මොහොතක බලාපොරොත්තු නැතිවී යාමත්, අසාධාරණයට සාධාරණය ඉටු කිරීමට ⁣කෙරෙන අරගලයත් “Miracles in Cell No.7 චිත්‍රපටයෙන් ඔබ වෙත ගෙන එනු ලබනවා.” රසවිඳින්න.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRIP  |  720p | x264 | 850MB  |

886787232D2E7D2365F0EB2A6350CCE40D4B99F2

 Direct Download

 | BRRIP  | 720p | x264 | 850MB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!