Nimir (2018) | ආදරණීය කැමරාකරු!

ආයුබෝවන් හැමෝටම …ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 8 වන උපසිරස අරගෙන එන්න.2018 වර්ෂයේ ජනවාරි මස 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Comedy, Drama යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.9 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා. මෙහි “සෙල්වම්ගේ “ගෙ චරිතය “උදයනිදි ස්ටාර්ලින් ” නිරූපනය කරයි. ඔහු රඟ පෑ Oru Kal Oru Kannadi (2012) මගින් ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. මීට අමතරව Vanakkam Chennai (2013)Idhu Kathirvelan Kadhal (2014)Nannbenda (2015)Gethu (2016)ManithanManithan (2016)Saravanan Irukka Bayamaen (2017)Podhuvaga En Manasu Thangam (2017)Ippadai Vellum (2017) යන සිනමා සිත්තම් වලට දායක වී තිබෙනවා.මෙහි ප්‍රධාන නිලි චරිතය නිරූපිකාවක වන “පාර්වති නායිර්” විසින් “වල්ලිගේ ” චරිතය නිරූපනය කරනවා.ඇය Yennai Arindhaal (2015)Uttama Villain (2015)Koditta Idangalai Nirappuga (2017)Enkitta Mothathe (2017) යන දමිළ චිත්‍රපට සදහා දායක වී තිබෙනවා. අනිත් නිලි චරිතය “නමිතා ප්‍රමොද් “විසින් නිරූපනය කරනවා “මලර්ගේ” චරිතය, ඒවගේම මේ ඇයගේ ප්‍රථම දමිළ චිත්‍රපටය.

කතාව දෙසට හැරෙමු ,මම කලින් උපසිරස කරපු “Mupparimanam (2017)” චිත්‍රපටයේ කතාවට පොඩ්ඩක් සමානව යන්වා මොකද පොඩිකාලේ ඉදලා පණ දෙන්න වගේ හිටියත් කෙල්ලෝ සල්ලි නිසා වෙනස් වෙනවා.තාත්තා සමග ජීවත් වන කැමරා ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක්,පොඩි කාලයේ සිටම ආදරේ කරපු පෙම්වතියව විවාහ කරගන්න ආසාවෙන තරුණයෙක්.කතානායකයා කෑම එහෙම හදලා තාත්තට කතා කරනවා කෑම කන්න.නමුත් තාත්තා අතුරුදන්,හොයලා බලලා අන්තිමේ සෙල්වම් මාමා එක්ක ගිහිල්ලා පොලීසියේ පැමිණිල්ලකුත් දාලා එනවා.පස්සේ දෙන්නත් එක්ක ගෙදර ඇවිල්ලා ටික වෙලාවකින් ඔන්න තාත්තා ඉන්නවා වත්තේ කෙහෙල් වගාව ලගට වෙලා වාඩි වෙලා.ඔහුත් ස්ටුඩියෝ එකක් කරපු කැමරාකරුවෙක්.ඔහොම ජීවිතේ ගෙවීගෙන යනකොට දවසක් වල්ලිගේ ආච්චි අන්ත්‍රා වෙලා වල්ලිට ගමට එන්න සිද්ද්වෙනවා.ඒත් වල්ලි එන්නේ හිතකින් නෙමෙයි.මොකද එයාට OT කරලා හම්බවෙන අමතර මුදල හිමි වෙනවා කියන දුකෙන්.කොහොම වුනත් අවමංගල කටයුතු අවසන් වූ පසු වල්ලිගේ තාත්තා වල්ලිට හොද තැනකින් ඒ කියන්නේ සල්ලි බාගේ තියෙන තැනකින් කටයුත්තක් ගේනවා.ඔය අතරතුර සෙල්වම්ගේ මාමා රස්තියාදුකාරයෙක් එක්ක වලියක් දාගෙන ඒකට මැදිහත්වෙලා සෙල්වම් ගුටි කනවා.රන්ඩුවකට පැටලුන මුල් අවස්තාව නිසා සෙල්වම් ගොඩක් අසරණ වෙනවා…සෙරෙප්පු දාගන්නේ නැහැ අයේ පාරක් ගුටි ගහාපු එකාට ගහනකම් කියලා සෙල්වම් පොරොන්දු වෙනවා .කොහොම වුනත් සෙල්වම් නෙමෙයි සැලෙන්නේ ..එහෙමේම ඉන්නේ..සුප්පා චරිතේ … කොහොම වුණත් වල්ලිගේ තාත්තා අලුතෙන් බලපු මනමාලයට දිගේ තින්දු කරනවා.කියන්න ගියොත් කතාවම කියාගෙන යන්න වෙනවා.. අපි බලමු සෙල්වම්ගේ පලිය ගන්න ලැබෙයිද ? සෙල්වම්ට අලුත් කෙල්ලෙක් සෙට් වෙයිද ?

කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip  | x264 | 700MB  |

f708985e9daa02c24a2062e75d675285b5af8fdb

 | HDRip | 480p | x264 | 420MB  |

771fb40cc4180ff8ce843442646a5eae7b7e5aef

 Direct Download

 | HDRip | 720p | x264 | 700MB  |

 | HDRip | 480p | x264 | 420MB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!