Fullmetal Alchemist (2017)| මම පොරොන්දුව රකිනවා, මාව විශ්වාස කරන්න…

එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ ඇල්කෙමි විද්‍යාඥයෙක්. තාත්තා එයාලව දාලා ගියාට පස්සෙ මේ දෙන්නා තනියෙම ඇල්කෙමි පුරුදු වෙනවා. ඒත් මේ දෙන්නගේ අම්මා වසංගතය නිසා මැරෙනවා. මේ නිසා දුක් වෙන එල්රික් සහෝදරයෝ අම්මව හදන්න ඇල්කෙමි යොදාගන්නවා. ඒත් මේකෙ වෙන වැරැද්දක් නිසා මල්ලිගෙ ඇඟයි එඩ්වඩ්ගෙ අතකුයි කකුලකුයි එයාලට අහිමි වෙනවා. අතුරුදහන් වුන මල්ලිගෙ ආත්මය කොහොමරි ළඟ තිබුන යකඩ ඇඳුමකට බද්ධ කරන්න එඩ්වඩ්ට පුළුවන් වුනත් එයාලගෙ ඇත්ත ඇඟවල් අරගන්න ලැබෙන්නෙ නෑ. වැරැද්ද නිසා නැතිවුන අතටයි කකුලටයි හරියන්න එයාලගෙ යාළුවෙක් වෙන වින්රි කෘතිම අතපය එඩ්ට හදලා දෙනවා. මේකත් එක්ක එඩ්ට ඕන වෙනවා මල්ලිගෙ ඇඟ ගන්න ක්‍රමයක් හොයාගන්න. මෙයාගෙ දක්ෂකම නිසාම අඩු වයසින් රජයේ නිල ඇල්කෙමි තනතුරකුත් ලැබෙන නිසා එයාට තවත් ලේසි වෙනවා ඇඟවල් ලබා ගන්න එක සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න. මේ යන ගමන අතර තුරදි එයාලා හොයාගන්නවා මායා ගල කියන පාෂාණයට හැකියාවක් තියෙනවා කියලා එයාලගෙ ඇඟවල් ලබාගන්න. මායා ගල හොයන්න පටන් ගන්න නිසා ගොඩක් කරදර වලට මූණ පාන්න එල්රික් සහෝදරයන්ට සිද්ධ වෙනවා. කතාව බලලම දැනගමු එයාලගෙ අරමුණ ඉෂ්ඨ කරගන්න එයාලට හැකියාවක් ලැබෙයිද කියලා.

මේ කතාවට පදනම් වෙන්නෙ හිරෝමු අරකාවාගේ ලෝක ප්‍රසිද්ධ Fullmetal Alchemist කියන චිත්‍ර කතා මාලාව. මේකෙ ඇනිමේටඩ් සීරිස් දෙකක් සහා තවත් ඇනිමේටඩ් ෆිල්ම් නිකුත් වෙලා තිබ්බත් මේක තමයි පලවෙනි ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක. මේ කතාව චිත්‍රකතාවට වඩා ගොඩක් වෙනස් වුනත් මූලික තොරතුරු ඒ විදියටම දැකගන්න පුළුවන්. චිත්‍ර කතාවටම සමාන සීරිස් එක Fullmetal Alchemist : Brotherhood කියන නමින් 2009 දි නිකුත් වෙනවා. මේකෙ සිංහල උපසිරසිත් ළඟදිම බයිස්කෝප් අඩවියෙන් ලබාගන්න හැකියාව ලැබෙයි. හරියටම කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න ඕන නම් සීරිස් එකත් බලන්න. මීට වඩා හොඳ ලිපියක් ඒකට සූදානම් කරලා තියෙන්නෙ. ගොඩක් නොතේරෙන තැන් විසඳගන්න පුළුවන් වෙයි. තව කියන්න ඕනෙ ෆිල්ම් එකට වඩා ගොඩක් ඇනිම් සීරිස් එක සුපිරියි කියලා. ?

මේක දෙන්න හිටියෙ සීරිස් එකට සබ් දීලා, ඒත් අධ්‍යාපන වැඩ නිසා ඒක කල් ගියා, ඒත් මේ සතියෙ ඒකත් ඉවර කරන්න පුළුවන් වෙයි. බයිස්කෝප් කියන්නෙ හැමදාම අළුත්, පරණ ටීවී සීරිස්, ෆිල්ම් වලට ⁣හොඳම සබ්දෙන අඩවියක්. ඉතින් කාටත් කලින් මේ ෆිල්ම් එකට සබ් එක බයිස්කෝප් එකෙන්ම දෙන්න ඕන නිසා සීරිස් එකට කලින් ෆිල්ම් එක අරන් ආවේ. මේක නෙට්ෆ්ලික්ස් එකට ඇවිල්ලත් දවස් 5ක් වගේ වෙන්නෙ. හොඳ කොපියක් ආව නිසා ඉක්මණටම සබ් එක කළා. අඩු පාඩු තිබ්බොත් කියන්න. පුළුවන් තරම් ඉක්මණට තමයි සබ් එක කලේ. ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | 720p | x264 | 1.2GB |

C19C3C974D1ADB864E29683F57D3E592C61742C2

 Direct Download

 | WEB-DL | x264 | 480p | 513MB |

 | WEB-DL | 720p | x264 | 773MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!