Settai (2013)| පාර්සලයක් නිසා වෙච්ච දෙයක්…

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න ඕනේ. චිත්‍රපටිය පැත්තට හැරෙමුකො.

මේ 2013 අවුරුද්දේ ආපු සුපිරිම කොමඩි/ඇක්ෂන් ෆිල්ම් එකක්. පටන් ගන්න වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම තියෙන්නේ බඩ අල්ලන්  හිනාවෙන්න. ප්‍රධාන චරිතෙට ඉන්නේ අපි කවුරුත් දන්න දෙමළ නළු Arya(JK). තව Santhanam (Nagaraj), Hansika Motwani (Madhumitha), Premgi Amaren (Seenu), Anjali(Shakthi), Nassar (Gangster) වගේ සුපිරිම නළු නිලියෝ සෙට් එකක් ඉන්නේ. කවුරුත් දන්නවනේ Santhanam ගෙ විහිළු කොහොමද කියලා. මේකෙත් ඒ වගේම තමයි. නියමෙටම තියෙනවා.

Richard කියලා සුද්දෙක් හොරෙන් ඉන්දියාව‍ට යම් වටින ‍දෙයක් ඩිලිවර් කරනවා. එයා ඒක එයාපෝට් එකෙන් ගුවන් සේවිකාවක් අතේ රට ඇතුලට යවනවා. එතකොට මාට්ටු වෙන්නෙ නැති නිසා. කොහොම හරි අපේ Madhumitha (Hansika) ට ඒ පාර්සලේ එක දවසකට එයාපෝට් එකෙන් එලියට අරන් ගිහින් අදාල තැනට ගිහින් දෙන්න වෙනවා. JK (Arya), Seenu (Premgi), Nagaraj(Santhanam) කියන්නේ එකට බෝඩිම් කාමරේක ඉන්න පත්තරකාරයෝ තුන් දෙනෙක්. හිතාගන්නකෝ කොහොම ආතල් එකක් ඇති ද කියලා. JK ගෙ පෙම්වතිය තමයි Madumitha. එයා අර පාර්සලේ ගෙනත් JK ට දෙනවා අදාල තැනට ගිහින් දෙන්න කියලා. එතනින් තමයි හොදම හරිය පටන් ගන්නේ. ඒ පාර්සලේ තියෙන්නේ මොනවද? පාර්සලේ නිසා මේ අයට වෙන්නේ සුපිරිම සීන් ටිකක්. කිව්වොත් වැඩක් නෑ. ඔයාලම බලන්න. බෝඩිමේ අයිතිකාරයත් දෙන්නේ මරු මරු ආතල් ටිකක්.

මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එකේ කොහොමද Rating එක අඩු කියලා. දැනට තියෙන්නේ Imdb 4.6ක අගයක්. ෆිල්ම් එක බැලුවොත් ඔයාලටත් හිතෙයි Imdb මීට වඩා තියෙන්න ඕනෙ කියලා. ෆිල්ම් එකේ නළු නිළියෝ වගේම මේකේ Music පැත්තත් සුපිරියටම තියෙනවා. එහෙනම් කට්ටියම ෆිල්ම් එක බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. සමහරු බලලත් ඇති. එහෙනම් ආයෙත් උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. යන ගමන් කොමෙන්ටුවක් කොටාගෙන යනවා නම් ලොකු හයියක් වෙයි. හැමෝටම ජය වේවා!!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | DVDRip | x264 | TSK | 700MB |

365a579e204228a87d3ba8bcd8bc542f30a10123

 Direct Download

| DVDRip | x264 | TSK | 700MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Settai (2013)| පාර්සලයක් නිසා වෙච්ච දෙයක්…

  • March 5, 2018 at 9:11 am
    Permalink

    Filumata thanx saho..Filmuta Sub eka nene saho baiscopelk eke..

    Reply
    • March 6, 2018 at 7:52 am
      Permalink

      natte na tynwa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!