Spyder (2017)| බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා!

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල මේ රෝග ලක්ෂණය 4%ක් තියෙනවා. ඒත්, ගිය අවුරුද්දේ කැලිෆෝනියා වල කරපු පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා, මේ තත්වය දැන් 6% ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා කියලා. ඒත්, බොහොම කලාතුරකින් මේ තත්වය බොහොම උත්සන්න වෙලා, දයාවක් හෝ අනුකම්පාවක් කියා සේයා මාත්‍රාවක් හො නොමැති පුද්ගලයින් ඉපදෙනවා. සුඩලෙයි! ඉහත කී රෝග තත්වය 15% ක් ඔහු තුල පිහිටා තිබෙනවා. හිතාගන්නකෝ කොයි මට්ටමේ දරුණු පුද්ගලයෙක්ද කියලා!

– නෝනා, මේ ගෑණු ළමයි දෙන්නගේ ඇඳුම් ගලවලා දාලා, දෙන්නවම කෑලි කෑලි වෙන්න කපලා කොටලා, එකටම දාලා ගිහිල්ලා තියෙනවා. ශරීර කොටස් කාගේද කියලා වත් හොයාගන්න බැහැ. පොඩ්ඩක් පවුලේ ගෑණු කට්ටියත් එක්ක ඇවිල්ලා, ශරීර කොටස් ටික අඳුරගෙන, මිනී දෙක එකලාසයක් කරලා හදාගන්න උදව් කළොත් හොඳයි.

– උඹ ගෙදර එනකොට, අම්මවයි මල්ලිවයි පෙති පෙති ගහලා තියන්නද? උණු ලේ හැමතැනම විදීවී!

– මුවෙක් මරලා දැම්මාම දඬුවම් දෙනවා. හැබැයි බැටළුවෙක් මැරුවා කියලා කිසි අවුලක් නැහැ. ඇයි ඒ? මොකද, මුවෝ ඉන්නේ ටික දෙනයි. බැටළුවෝ ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ බැටළුවොන්ට වඩා මිනිස්සු මහ ගොඩක් ඉන්නවා. ඉතිං, මං මිනිස්සු කීපදෙනෙක් මරලා දැම්මා කියලා මොකෝ වෙන්නේ?

– භූමිකම්පා, සුනාමි, කුණාටු වගේම රජය මගිනුත් ජනගහණය පාලනය කරනවා. ජනගහණය පාලනය කරන්න ආපු අලුත්ම කෙනා තමයි මේ මම!

මේ දෙබස් හතර ඕනෙවටත් වඩා වැඩිවෙන්න ඇති සුඩලෙයි කියන්නේ කොයිතරම් දරුණු, කෘර ඝාතකයෙක්ද කියලා දැනගන්න. කවුද මේ සුඩලෙයි? මේ මිනිහා මේ වෙද්දී මිනිස්සු කී දෙනෙක් මරලා ඇත්ද? එක්කෙනෙක්? දෙන්නෙක්? දහයක්? විස්සක්? නැහැ! සිය ගණනක් මරලා තියෙන්නේ! දහස් ගාණක් මරන්න සැලසුම් හදලා තියෙන්නේ. අවුරුදු 12 දි තමයි පළවෙනි වතාවට මිනිහෙක් මරන්නේ. එදා ඒ පටන්ගත්ත ලේ පිපාසය කවදාවත් අඩුවුණේ නැහැ. වැඩි වුණා මිසක්. දරුණුකම විතරක් නෙමෙයි. බොහොම තියුණු මනසක් තිබ්බ මේ සුඩලෙයිව අල්ලගන්න තියා කවුද කියලාවත් පොලීසිය දැනගෙන හිටියෙ නැහැ. මේ කෘර මිනීමරුවව නීතියේ රැහැනට කෙසේ නම් හසුකර ගන්නද?

ශිවා! රජයේ ආයතනයක බොහොම පොඩි රස්සාවක් කරන්නේ. ඒ තමයි කෝල් ටැප් කරන එක. මිනිස්සුන්ගේ පුද්ගලික කෝල් ටැප් කරන එක නීතිවිරෝධියි තමයි. හැබැයි, සාමය සහ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න ඕනේ නිසා, මහජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කරලා, මොකක්මහරි සැක කටයුතු හැසිරීමක් ගැන ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ කණ්ඩායම දැක්කොත් එහෙම, අන්න ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කෝල් වලට සවන්දීල සහ ඒවා රෙකෝඩ් කරනවා. නැතුව, හැමෝගෙම කෝල් වලට සවන්දෙන්න අවසර නැහැ. ඒත් මේ ශිවා නම් හැම කෝල් එකකටම සවන් දුන්නා. ඒ වෙනුවෙන්ම විශේෂිත සොෆ්ට්වෙයා එකක් හැදුවා. කවුරුහරි කෙනෙක් කෝල් එකකින් තර්ජනය කිරීමක් කලොත්, එහෙම නැත්නම් උදව් ඉල්ලුවොත් හරි, සොෆ්ට්වෙයා එක ඇක්ටිවේට් වෙලා, සිස්ටම් එකෙන් ඒක හොයාගන්නවා. මේ නිසාම, අපරාධයක් සිද්ධවෙන්න කලින් ඒ ගැන දැනගෙන, මේ අපරාධ නවත්වන්න ශිවාට හැකියාව ලැබුණා. එක දවසක් මේ වගේ කෝල් එකකට ශිවා සවන් දුන්නා. ගෑණු ළමයෙක්ගේ. මේ තමයි මේ සිද්ධි දාමයේ සියළුම කාරණා උඩි යටිකුරු වීමේ කේන්ද්‍රස්ථානය. සුඩලෙයිට එරෙහිව ශිවා!

ප්‍රින්ස් මහේෂ් බාබු! තෙලිඟු සිනමාව කිව්වම සමහරු හිතාගෙන ඉන්නේ අල්ලු අර්ජුන්, රාම් චරන්, ප්‍රභාස් වගේ අය තමයි ජනප්‍රියම නළුවෝ කියලා. ජනප්‍රියයි තමයි. හැබැයි, 1988 දී Bazaar Rowdy චිත්‍රපටය මගින් සිනමාවට පය තබපු මහේෂ් බාබුගේ ජනප්‍රියත්වය අසලකට එන්න හෝ ඉහත කියපු නළුවන්ට බැහැයි කියලා, තෙලිඟු සිනමාව ගැන දන්න උදවිය හොඳාකාරම දන්නවා. ඉන්දියාව තුලට පමණක් සීමා නොවී, ලොව වටාම ප්‍රේක්ෂක ජනතාවක් සිටින මහේෂ් බාබුගේ නවතම සිනමා පටය තමයි මේ ආකාරයෙන් ඔබවෙත ගෙන එන්නේ. මේක විශේෂයි. මොකද කියනවා නම්, අසාර්ථක චිත්‍රපට කීපයකට පස්සේ, මහේෂ් බාබුගේ නැවත නැගිටීමක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. තේරෙන භාෂාවෙන් කියනවා නම්, “ගින්දර බඩුවක්” තමයි මේ සැරේ මහේෂ් බාබු අරගෙන එන්නේ. තනියෙන් නම් නෙමෙයි. Ghajini (2005), Ghajini (2008), 7 Aum Arivu (2011), Thuppakki (2012), Holiday (2014), Kaththi (2014) වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරපු A.R. Murugadoss තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. සංගීත ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වෙන Harris Jayaraj ගේ සුමියුරු සංගීතයෙන් තමයි චිත්‍රපටය වර්ණවත් වෙන්නෙ. ඒ වගේම, චිත්‍රපටයේ නිෂ්පාදන වියදම පමණක් ඉන්දියානු රුපියල් කෝටි 120ක් වෙනවා. මේ අවුරුද්දේ, තෙලිඟු චිත්‍රපටයක් වෙනුවෙන් වියදම් කරපු දෙවැනි වැඩිම මුදල් ප්‍රමාණය. ඒ වගේම, මේ චිත්‍රපටය දෙමල භාෂාවෙන් පවා නිකුත් කරලා තියෙනවා. මේ තමයි, මහේෂ් බාබු දෙමල සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන පළමු අවස්ථාව. චිත්‍රපටය සඳහා කෝටි 120ක් වියදම් කළාට පාඩුවක් වුනේ නම් නැහැ. පළවෙනි දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 51ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරන්න සමත් වුණා. මේ තමයි, එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, සමාරම්භක දිනයේදීම චිත්‍රපටයක් වාර්තා කරපු 12 වෙනි වැඩිම ආදායම. මෙතනින් නැවතුනේ නම් නැහැ. දවස් දොළහක් ගතවෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 150 සීමාව බොහොම ලේසියෙන් ඉක්මවලා ගියා. මීට පස්සේ ආදායම් ගැන කිසිම සඳහනක් නැහැ. බොහෝ දුරට, ඉන්දියානු රුපියල් කෝටි 200-250 ක් ලබාගන්න හැකියාව ලැබෙන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම, මේ චිත්‍රපටයේ re-make එකක්, බොලිවුඩ් දැවැන්ත නළුවෙකුගේ ප්‍රධාන රංගන දායකත්වය සමගින් සිදුවන බවට දැනටමත් නිළ නොවන ආරංචි මාර්ග පවසනවා.

ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය සඳහා තාක්ෂනය උපරිම වශයෙන් යොදාගෙන තියෙනවා. හොලිවුඩ් disaster චිත්‍රපට වල වගේ, තාක්ෂනය බොහොම ඉහලින් යොදාගනිපු දර්ශන කීපයක් බලාගන්න හැකියාව ලැබේවි. ඒ වගේම, පන්දහස ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් IMDB දර්ශකය 7.6 ක් දක්වා කරකවන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය අයිති වෙන්නේ, Action, Crime, Thriller කාණ්ඩ වලට. චිත්‍රපටයේ සෙසු චරිත සඳහා, සුරූපී Rakul Preet Singh සහ, දමිළ නළු Bharath Srinivasan සහ Surya S.J. රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම, මේ චිත්‍රපටය සඳහා හාඩ් කෝඩඩ් සබ් එකක් තමයි නිකුත් වුනේ. ඒ නිසා අලුතින්ම ලයින් හදාගෙන තමයි සබ් එක කරන්න වුනේ. විභාගේ පටන්ගන්න තව දවස් තුනයි තියෙන්නේ. මේ චිත්‍රපටයට තිබ්බ ආසාව නිසාම තමයි විභාගයක් අස්සේ වුනත් මේක කලේ.

එහෙනම්, අරගෙනම බලන්න. නැවතත් මතක් කරනවා. මේක ” සාම්ප්‍රදායික ඉන්දියානු ගොන් ආතල් චිත්‍රපටයක්” නම් නෙමෙයි. එදා මෙදා තුර ඉන්දීය චිත්‍රපටයක් තුලින් නොදැකපු අන්දමේ දරුණු, සාහසික වගේම තියුණු මනසක් සහිත අපරාධකරුවෙක් හඹා යෑමක් බලාගන්න පුළුවන්. ඉහලට ගත්ත හුස්ම ටික පහළට දාන්න අමතක කරවන මට්ටමේ සුපිරියක්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | 1CD | 700MB |

BB7878CB5A61FD931430D2BE4B94D0B1772999E2

 | HDRip | x264 | 720p | 1.4GB |

ACF2CF9B1FDF6E192305518227F0D96691F9FBBB

 Direct Download

| HDRip | x264 | SD | 400MB|

| HDRip | x264 | 1CD | 700MB|

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Spyder (2017)| බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!