Murder on the Orient Express (2017) | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම!

1890 සැප්තැම්බර් මාසේ පහළොස්වෙනිදා උපත ලද අගතා ක්‍රිස්ටි බ්‍රිතාන්‍ය ජාතික නවකතාකාරිණියක්. ඇය විසින් Hercule Poirot චරිතය සහ Miss Marple යන චරිත දෙක පාදක කරගෙන රහස්පරීක්ශක නවකතා 66 සහ කෙටි කතා 14 ලියල තියෙනවා. ඇය රහස්පරීක්ශක කතා ලියන්න දරපු මුල් උත්සහයන් හයක්ම අසාර්ථක වෙනවා. ඒත් 1920 දි ප්‍රකාශයට පත් කරන ලද, හර්කියුල් පෝරො මූලික කරගත්තු නවකතාවක් උන The Mysterious Affair at Styles කතාවෙන් ඇය සාර්ථක වෙනවා. එතනින් පටන්ගෙන ආපු ගමන නැවතුනේ, බයිබලයටයි ශේක්ස්පියර්ගේ නිර්මාණ වලටයි පස්සේ වැඩිම වාර ගනනක් ප්‍රකාශයට පත් වූ නිර්මාණ විදියට වාර්ථාවක් තියලා. ගිනස් වාර්ථා පොතට අනුව අගතා ක්‍රිස්ටිගේ පොත් වල පිටපත් බිලියන දෙකක් විතර මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඇයට නමක් පට පඳින්නේ රහස්පරීක්ශණ ලොවේ අගරැජින කියලා.

අගතා ක්‍රිස්ටිගේ නවකතා අතරින් වැඩිම පිටපත් ගනනක් විකිණිලා තියෙන නවකතාව තමයි And Then There Were None කියන එක. මේ වෙනකොට ඒකේ පිටපත් මිලියන සීයකට වැඩියෙන් විකිණිලා තියෙනවා. ඒ නවකතාව පාදක කරගෙන නිර්මාණය උන ටිවි සීරිස් එකට මම කරපු සබ් එකක් සයිට් එකේ ඇති. තව මේ ලඟදි සබ් කරල දුන්න Crooked Houseචිත්‍රපටියත් අගතා ක්‍රිස්ටිගේ නවකතාවක් පාදක කර ගත්තු එකක්.

Murder On The Orient Express කියන මේ නවකතාවත් අගතා ක්‍රිස්ටිගේ ප්‍රසිද්ධ නිර්මාණයක්. මේ නවකතාව පාදක කරගෙන චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නේ Kenneth Branagh විසින්. හර්කියූල් පෝරො චරිතයට රංගනයෙන් දායක වෙන්නෙත් ඔහුම තමයි. ඔහුට අමතරව Johnny Depp, Daisy Ridley, Leslie Odom Jr, Tom Bateman, Penélope Cruz, Josh Gad, Michelle Pfeiffer, Judi Dench, Olivia Colman, Willem Dafoe, Marwan Kenzari ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටියේIMDb අගය 6.6 වෙනවා.

චිත්‍රපටියේ අධික ආදායම් වාර්ථා හේතුවෙන් මේක සීරිස් එකක් විදියට ඉදිරියට ගෙනියන්න නිර්මාණකරුවන් බලාපොර්තු වෙනවා. චිත්‍රපටි මාලාවේ දෙවැන්න විදියට, අගතා ක්‍රිස්ටිගේ Death On The Nile නවකතාව පාදක කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරන්න තීරණය කරල තියෙනවා. ඒ චිත්‍රපටිය නිකුත් කරන්න දින යොදලා තියෙන්නේ 2019 නොවැම්බර් මාසේ අට වැනිදා.

මං ඉතින් පුරුද්දක් වශයෙන් අභිරහස් , රහස්පරීක්ශක චිත්‍රපටි වල කතාව ගැන මහ ලොකුවට කියන්න යන්නෙ නෑ නොවැ. මේකට කියල විශේෂයක් නෑ ඉතින්. කතාව තියෙන්නේ ඔරියන් දුම් රියේ ගමන් කරන ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන රැචට් කියල මහත්මයෙක්, පිහි ඇණුම් බර ගානක් එක්ක ඔහුගේ නිදන මැදිරියේ තිබිලා හොයාගන්නවා. ඒ අස්සේ ලොකු හිම කන්දක් නාය ගිහින් රේල් පාර උඩට වැටිලා කෝච්චිය පීලී පනිනවා. මේ ඔක්කොම දේවල් වෙලා තියෙන අස්සේ තමයි අපේ විශිෂ්ඨ රහස්පරීක්ශක හර්කියූල් පෝරො මහත්මයට මේ මිනීමැරුම විසඳන්න භාර වෙන්නේ. එහෙනම් බලමුකො කොහොමද එතුමා මේක විසඳන්නේ කියලා.

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRrip | x264 | 720p | 830MB |

 66DD7E113E9D6B72338DB638E738E780D0A44C25

 Direct Download

| BRrip | x264 | 480p | 514MB|

| BRrip | x264 | 720p | 830MB|

| BRrip | x265 | 720p | 780MB|

| BRrip | x264 | 1080p | 1.2GB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Murder on the Orient Express (2017) | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම!

  • February 24, 2018 at 9:08 pm
    Permalink

    Elama saho .. faster 2010 mivie ekatath link ekek ona 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!