Maze Runner: The Scorch Trials (2015)| වංකගිරියෙන් උවදුරු පිරුණු ස්කෝර්ච් අඩවියට…

James Dashner විසින් රචනා කරන ලද The Maze Runner පොත් මාලාවේ දෙවැනි පොත The Scorch Trials යන නවකතාව පාදක කොටගෙන තමයි මේ කතාව නිර්මාණය කරල තියෙන්නෙ. මෙම චිත්‍රපටිය Action, Sci-Fi, Thriller ගණයට අයත් වෙනව වගේම නිකුත් වුණේ සැප්තැම්බර් 18 වැනිදා. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඔයාල දැනටමත් බලල ඇති. ඒක 2014 ආවෙ. සමීර කරුණාරත්න අයිය තමයි සබ් කරල තිබ්බෙ. කොහොමහරි මේකට සබ් කරන්න මට සෙට් වුණා. ඒක බාර දුන්න සමීර අයියටත් ස්තූති වන්ත වෙනව. දැනට IMDB අගය 6.9ක් ගන්න සමත් වෙලා තියන සුපිරිම ෆිල්ම් එකක්. පළවෙනි කතාව බලපු අය නම් ඉවසිල්ලක් නැතුව ඉන්න ඇත්තෙ මම වගේම මේක බලන්න නේද? මේ චිත්‍ර පටිය සඳහා පළමු කොටසේ රංගනයෙන් දායක වුණ Dylan O’Brien(තෝමස්), Ki Hong Lee(මින්හෝ), Kaya Scodelario(තෙරේසා) වගේ නළු නිළියන්ට අමතරව මේ කතාවේදී තවත් කිහිප දෙනෙක් එකතු වෙනව විශේෂයෙන්ම Giancarlo Esposito(හෝහේ), Rosa Salazar(බ්‍රෙන්ඩා) කියන දෙන්න. හරි එහෙනම්. ගොඩක් අය නම් මුල් චිත්‍රපටිය බලන්න ඇති. මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නං.

තෝමස් සෝපානයකින් කිසිම මතකයක් නැතුව භූමියකට එනව. එතනදි එයාට තමන් වගේම තව යාළුවො රැළක් එකතු වෙනව. මෙයාල එකතු වෙලා ඉන්න පිට්ටනිය වගේ ප්‍රදේශයට මාසයක් ගානෙ මෙහෙම එක එක්කෙනා බැගින් ළමයි එනව සෝපානයෙන්. හැබැයි අන්තිමට සහ පළවෙනි වතාවට කෙල්ලෙක් එනව සෝපානයෙන්. ඒ තමයි තෙරේසා. මෙයාලව මෙහෙට එවන්නෙ කිසියම් කණ්ඩායමක් විසින්. මෙයාල ඉන්න ප්‍රදේශය වට වෙලා තියෙන්නෙ වංකගිරියකින්. ඒක නිතර නිතර වෙනස් වෙන එකක්. ඒක ඇතුලට දුවල ඒකෙ රටාවන් හඳුනාගෙන මෙයාල මේ හිර වෙලා ඉන්න භූමියෙන් එළියට යන්න මඟක් හොයන්න තමයි මෙයාල උත්සහ කරන්නෙ. ඉතිං වංකගිරියට දුවන්නෙ වේගෙන් දුවන්න හැකියාව තියන අය විතරයි. එයාලට කියන්නෙ ධාවකයෝ කියල. අන්තිමට තෝමසුත් ධාවකයෙක් වෙනව. ඒ විතරක් නෙවෙයි වසර ගාණක් හිර වෙලා උන්නු තැනින් මේ අයව බේරගන්න වංකගිරියේ සැඟවුණු රහස් වලින් ක්‍රමයක් හොයාගන්න තෝමස්ට පුළුවන් වෙනව. කොහොමහරි කණ්ඩායමෙන් කිහිප දෙනෙක් එක්ක මෙයාල මේ වංකගිරියෙන් බේරිලා එළියට එනකොට. ගෑණු කෙනෙක් වීඩියෝ එකකින් පණිවිඩයක් කියනව. ඒ තමයි මෙයාලට කරපු, සිද්ධ වුණ හැමදේම වුණේ හේතුවක් ඇතුව කියල. සූර්ය මුළු ලෝකයම අළු කරල දැම්ම කියල. ජීවිත බිලියන ගාණක් විනාශ වුණා කියල. ඊටත් පස්සෙ විශාල වසංගතයක් ආව කියනව ෆ්ලෙයාර් කියල. මේ හැමදේම කළේ වෛරසයට බේතක් හොයාගන්න කියනව. පස්සෙ හමුදා කණ්ඩායමක් ඇවිල්ල මෙයාලව අරං යද්දි කථාව ඉවර වෙනව.

පස්සෙ එතනින් තමයි දෙවැනි චිත්‍ර පටිය ආරම්භ වෙන්නෙ. මේකෙදි මේ සූර්යා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයෙ විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාවක් ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මුළින්ම මම කියන්නම්කො මෙයාලව බේරගත්ත හමුදාව ඇත්තටම මෙයාලව බේරගත්ත නම් නෙවෙයි. මෙයාලව තවත් පර්යේෂණ කරන්න අරං යනව. ඒ ස්ථානයේදී කසිම වෙනසක් කට්ටිය නොපෙන්නුවත් තෝමස්ට තේරුම් යනව මෙතන මෙයාල නොදන්න දෙයක් වෙනව කියල. ඉතිං තෝමස් තමන්ගෙ යාළුවො එක්ක මෙතනින් පැනගන්නව. යාළුවො කිව්වම වංකගිරියෙන් හමුවුණ අය විතරක් නම් නෙවෙයි. අනිත් යාළුවො කොහෙන්ද ආවෙ? ඉතිං මෙතනින් පැනගෙන යන්නෙත් අර උවදුරු පිරුණ ලෝකයට. එහෙට කියන්නෙ ස්කෝර්ච් කියල. ස්කෝර්ච් තියන උවදුරු මොනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ ෆ්ලෙයාර් වයිරසය කියන්නෙ මොකක්ද? ඒකෙන් මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? අතර මඟදී මෙයාලට මුණ ගැහෙන අය කවුද? ඒවගේම තෝමස් ඇතුළු කට්ටිය නිකංම එළියට එන්නෙ නෑනෙ. යන්න දිහාවක් තියෙන්නත් ඕනනේ. ඒ කොහෙටද? එහෙ ඉන්නෙ කවුද? එයාල ළඟට යන්න පුළුවන් වෙයිද? හැබැයි මෙතනිනුත් මේ කතාව නම් ඉවර වෙන්නෙ නෑ. තවත් චිත්‍රපටියකට කතාව ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්.  එහෙනම් ඇතිනේ. මේ කොපියෙ හාඩ් කෝඩඩ් සබ් තියනව. හොඳ කොපියක් ආවම බලන්න ඉවසන්න පුළුවන් අය ඉවසමු. ඊළඟ ෆිල්ම් එකෙන් මුණගැහෙමු. හැමෝටම ජය!!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 670MB | YIFY |

7ED92D64696626FA91FC3A33995C5FC8DA87300B

 Direct Download

| BluRay | x264 | 480p | 461MB |

| BluRay | x264 | 720p | 670MB | YIFY |

| BluRay | x264 | 1080p | 1.1GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Maze Runner: The Scorch Trials (2015)| වංකගිරියෙන් උවදුරු පිරුණු ස්කෝර්ච් අඩවියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!