Coco (2017) | මළවුන්ගේ දවස Bluray Updated

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Unkrich, Adrian Molina කියන දෙන්නා විසින්. හඬ කැවීමේ දායකත්වය ප්‍රධාන වශයෙන්ම Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt සහ තවත් අය විසින්. චිත්‍රපටයට ගිය වියදම අහන්න ලැබුණු හැටියට ඩොලර් මිලියන 175ක්. මේ වෙනකොට ආදායම විතරක් මිලියන 500ත්පැනලා තියෙනවා. මේක Pixar Animation Studios සහ Walt Disney එකතු වෙලා කරපු තවත් වැඩක්.

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Día de los Muertos, (මළවුන්ගේ දවස) කියන මෙක්සිකානු සංස්කෘතියේ නිවාඩු දවසක් පදනම් කරගෙන. එයාලා තමන්ගේ මියගිය සිහි කරලා නෑදෑ පිරිවර, මුතුන්මිත්තන් මතක් කරලා ඔවුන් කැමති වෙලා හිටපු දේවල්, ආහාර පාන ඔවුන්ට පුජා කරනවා. ඒ වගේම මේ පුජාවන්ට ඒ ඒ නෑදෑයින්ගේ පින්තුරයක් තියන එකත් අනිවාර්යයි. මොකද ඔවුන් විශ්වාස කරනවා මළවුන්ගේ ලෝකයේ ඉඳලා මේ දෙන පුද පුජා භාරගන්න මුතුන්මිත්තන්ගේ ආත්ම වලට එන්න හැකිවෙන්න නම් එයාලගේ පින්තුරයක් පුජාවට තියන්නම ඕනි කියලා.

මේ මෙක්සිකානු සංස්කෘතිය නිසා උපසිරසි කරද්දී මමත් අලි අමාරුවක වැටුනේ. සබ් එක තියෙන්නේ මික්ස් වෙච්ච භාෂාවකින්. ගොඩක් තැන් වලට භාවිත කරලා තිබුණු ස්පාඤ්ඤ භාෂාවේ වචන වලට තේරුම් ගූගල් කරලාවත් හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ තියෙන සින්දු ගැනත්. භාෂා දෙක තුනක ස්පාඤ්ඤ අච්චාරුවක් නිසා මම ඒවා ලඟින් යන්න තෙර්රුමක් දැම්මා. ඒකෙන් චිත්‍රපටිය රස විඳින්න බාදාවක් වෙන එකක් නෑ. ඒ වගේම සමහර වචන වල ඇත්තම තේරුම නොදා, වඩාත්ම ගැලපෙන තේරුමක් දාලා ඇති කතාව රස විඳින්න ලේසිවෙන්න. කොහොම උනත් ඒවගේ වචන වල තේරුම එතනම දාල ඇති වෙනමම. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.

කතාව පැත්තට හැරුනා නම් හරි දැන්. මේ කතාවේ කියවෙන්නේ මෙක්සිකෝවේ සෙන්ට් සිසිලියා වල ඉන්න අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙක් වටේ. නම මිගෙල්. එතකොට කොකෝ කියන්නේ එයාගේ ආච්චි අම්මගෙත් අම්මට. මිගෙල්ගේ පවුලේ අය පාරම්පරික සපතේරුවන්. එයාලට ඕනි මිගෙල්වත් මේ රස්සාවට එකතු කරගන්න. එත් මිගෙල්ට තියෙන්නේ වෙනම හීනයක්. එයා ආසා කරන්නේ එයාගේ වීරයා, මහා සංගීතඥ “අර්නස්ටෝ ඩි ලා කෲස්” වගේ සංගීතඥයෙක් වෙන්න. හේතුව මේ කොල්ලටත් පරම්පරාවෙන් ආපු ගායන වාදන හැකියාවක් තියෙනවා. හැබැයි පවුලේ අයට නම් සංගීතය කියන්නේ වහකදුරු වගේ. ඒකට හේතුව පරම්පරා ගානක් උඩදී ඒ පවුලේ සිද්ද උන අවාසනාවන්ත සිද්දියක්. ඒ නිසා මිගෙල් සංගීත භාණ්ඩයක් අතපත ගාන්නෙත් ගෙදරට හොරෙන්.

පවුලේ අය මළවුන්ගේ දවසේ උත්සවය සමරන්න සුදානම් වෙනකොට මිගෙල් හදන්නේ සංගීත තරඟයකට ඇතුලත් වෙන්න. අවාසනාවට වැඩේ ගැස්සිලා ගෙදර අයට මිගෙල්ගේ වැඩ ටික අතේ මාට්ටු වෙනවා. ඔය අවු අස්සේ මිගෙල්ට දැනගන්න ලැබෙනවා අර්නස්ටෝ ඩි ලා කෲස් ගැන ලොකු රහසක්. ඉතින් ගෙදර ඇති උන ප්‍රශ්නයි එයා දැනගත්තු දේවලුයි නිසා මිගෙල් පැනලා යනවා ගෙදරින්. එහෙම ගිහින් එයා වැටෙන්නේ තවත් අමාරුවකට.

මළවුන්ගේ දා රෑ මිගෙල් අතින් සිද්ද වෙන අත්වැරැද්දක් නිසා එයාව එකපාරටම මළවුන්ගේ ලෝකෙට යැවෙනවා. ඉර පායන්න කලින් එයාට ආපහු එන්න උනේ නැත්නම් එයත් මියගිය කෙනෙක් වෙනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්නේ කොහොමද? එයාට උදව් කරන්නේ කවුද, මේ හැම දෙයක්ම දැනගන්න නම් කතාව බලන්න වෙයි ඔයාලට. මොකද මෙච්චර දිග හෑල්ලක් කියෙව්වට ඒ ටික මුළු කතන්දරෙන්ම පොඩිම පොඩි කොටසක් විතරයි. වැඩියෙන් රස කතන්දරේ තියෙන්නේ පස්සේ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 766MB | YIFY | 

BA625AD4538EB9520341F989FBA78E69FD2458EC

| Bluray | x264 | 1080p | 1.6GB | YIFY | 

56EA070327C4F34BFB3ADFBEBDA29BB1125799E7

 Direct Download

| Bluray | x264 | 480p | 450MB | 

| Bluray | x264 | 720p | 766MB | YIFY |


| Bluray | x264 | 1080p | 1.6GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Coco (2017) | මළවුන්ගේ දවස Bluray Updated

  • December 30, 2017 at 9:50 am
    Permalink

    දානකං බල බල හිටියේ

    Reply
  • February 20, 2018 at 12:38 am
    Permalink

    අනේ මචංලා පුළුවන් තරම් ‘ඔපන්ලෝඩ්ඩ්“ දීහාන්ලා බං. අනික් රෙද්දවල් එපා වෙනවා බාන්න ගියාම. මේ සයිට් එකට එන්නේ ඩේටා කන්නේ නැතුව ඉක්මනින් බාගන්න. එකත් එපා වෙනවා . තැන්ක්ස් මචංලා මහන්සියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *