La La Land (2016)| එන්න! ජීවිතය විදින්න!

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි සෙබස්තියන්ගේ හීනය. වැඩිදෙනෙක් අවදානය යොමු කරන්නෙවත් නැති ජෑස් සංගීතය තමයි සෙබස්තියන්ගේ හීනය.

මියා. රංගනයට ගොඩක් ඇලුම් කරන ඇය නිලියක් වීමට උත්සහ ගන්නා කෙනෙක්. නමුත් සහභාගී වෙන හැම පරීක්ෂණයකින්ම ඇය අසමත්වෙ නවා. ඇයගේ එකම බලාපොරොත්තුව තමා නිලියක් වෙන එක. නමුත් ඇයටත් ඒ වෙනුවෙන් සමාජයෙන්ඉ ඩක් ලැබෙන්නේ නෑ. එහෙමවුනත් තවමත් ඇයගේ උත්සහය අත් හරින්න ඇය සූදානම් නෑ.

බිදුණු පැතුම්, ලොකු බලාපොරොත්තු, සිහින, මැද දිවිය ගෙවන මේ දෙදෙනා එක දවසක් මුනගැහෙනවා. ඉන්පසු තව දවසක්. මේ විදියට දැන හදුනාගන්න මේ දෙන්නා නොදැනීම එකිනෙකාට ලංවෙනවා. ඒ දෙදෙනාම සිහින දකින්නන්. ඒ දෙදෙනාම එකවගේ. ඉතින් මේ දෙන්නාගේ ජීවිත කතාව නරඹන එක ඔබට භාරයි! ඔවුන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගනීද? ඔවුන් දෙන්නා එක්වෙයිද?ඔවුන්ට මොනවගේ දේවල්වලට මුහුණදෙන්න වේවිද? කියන ඒවා ඔයාට මේ කතාව නැරඹුවොත් දැනගන්න පුළුවන්.

අද ගෙනාව කතාව ගැන තමා උඩින් ටිකක් වෙනස් විදියට සදහන් කලේ. චිත්‍රපටිය ගැන නම් බොහෝ දෙනා දන්නවා නොඅනුමානයි. මොකද මුළු ලෝකයේම අවදානය දිනාගන්න සමත්වුන චිත්‍රපටියක්. ඒවගේම 2016 නිකුත් වූ චිත්‍රපට අතරින් සුවිශේෂීම චිත්‍රපටියක්. මෙය අයත්වෙන්නේ Drama, Musical, Romance යන කාණ්ඩවලට. චිත්‍රපටිය නිකුත්වුනේ දෙසැම්බර් 25වෙනිදා වෙන අතර මේ වනවිට imdb 8.5ක විශාල අගයක් ලබාගෙන ඇති අතර හොදම චිත්‍රපට අතරේ 53වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. ඒවගේම මේ වනවිටත් වාර්තාගත ආදායමක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු Ryan Gosling සෙබස්තියන් ලෙසත්, සුරූපී නිලි Emma Stone මියා ලෙසත්, විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. ඒවගේම මේ වනවිට විවිධ සම්මාන උලෙලවල් හිදී සම්මාන 153ක් ලබා ඇති අතර ඔස්කා සම්මාන 14කට නිර්දේශ වී තියෙනවා. ඉතින් චිත්‍රපටියේ සාර්ථකත්වය ගැන තවත් කතාකරන්න දෙයක් නෑනේ.

ඒවගේම මේක සංගීතමය චිත්‍රපටියක් නිසා හැමෝටම වෙනස් අත්දැකීමක් විදින්න හැකිවෙයි කියලා හිතනවා. අලංකාර ගීත කීපයක්ම චිත්‍රපටියේ ඇතුලත් වෙනවා. ඒවගේම මෙය ඔබට මතකයේ රැදෙන චිත්‍රපටියක් වන බව මට විශ්වාසයි. ඒ නිසා බොලද ආදර කතාවක් නොවන, සැබෑ ආදර කතාවක් නැරඹීමට කැමති හැමෝටම මෙය නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් නරඹන්න! ජීවිතය, ආදරය විදින්න!!

අද දවසට (පෙබරවාරි 14) මේ චිත්‍රපටිය හොදින්ම ගැලපෙන නිසා මේක අදම දෙන්න ලොකු කට්ටක් කන්න වුනා. ඒවගේම මේක Dvdscr පිටපතක්. හැබැයි ඉතා හොද මට්ටමේ තියෙනවා.ඒ නිසා කැමති අය විතරක් බාගන්න. Br එනකම් ඉන්න අය ඉවසලා ඉන්න. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් මං ගියා!! හැමෝටම ජයවේවා!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 932MB | YIFY |

6F4CCD2AC62A59111DB59F9928B43BDAF8A390AF

 Direct Download

| BluRay | x264 | 480p | 406MB |

| BluRay | x264 | 720p | 932MB | YIFY |

| BluRay | x264 | 1080p | 1.9GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!