Premam (2015) | ප්‍රේමය!

දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි මට හමුවුණේ “ප්‍රේමය“.

ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.

මා ප්‍රේමම් (ප්‍රේමය) ගැන දැනගන්නා විටත් එය ලොව පුරා ප්‍රසිද්ධ වී හමාරයි. සම්මානයට පාත්‍ර වී හමාරයි. දමිළ භාෂාවෙන් නැවත නිර්මාණය වීමට නියමිතයි. නමුත් බයිස්කෝප් එකට ඇයි තවම ප්‍රේමය නාවේ කියලා බැලුවාම මට පුදුමත් හිතුණා. සමහරවිට මලයාලම් නිසා වෙන්න ඇති. එසැනින්ම මම තීරණය කලා බයිස්කෝප් එකේ අපේ සහෝදරත්වය සමඟත් ප්‍රේමය බෙදා ගන්න. ඔන්න යාළුවනේ ඒ අනුව මගේ උපසිරැසි ඉතිහාසයේ තවත් එක් සුපිරිම සිනමා පටයක් රැගෙන ආවා.

මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න. (මට නම් මේරි)

මෙහි ප්‍රධාන නළුවා නිවින් පෝලි. මේරි- අනූපමා පරමේෂ්වරම්. මලර්-සායි පල්ලවි. සෙලින්-මැඩෝනා සෙබස්තියන්. එහෙනම් යාළුවනේ, මේ සුපිරි සිනමා පටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264  | 720p | 0.99GB |

41BDA7926FCD1FDDAFF85F58E87E1B71A07DF856

 Direct Download

|  Bluray | x264 | 720p | 0.99GB |


 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Premam (2015) | ප්‍රේමය!

  • February 11, 2018 at 1:03 am
    Permalink

    මටනම් සෙලින් …..! මට ගොඩක් හිතට වැදුනු කතාවක්…..මේකෙ ලස්සන සින්දුත් තියෙනව…….අන්තිමට සතුටත් දුකත් තියෙනව….ඔයාලත් මේක අනිවර්‍යෙන් බලන්න…මම බලපු හොදම film එක……

    Reply
  • September 10, 2018 at 6:32 am
    Permalink

    sinhala sub nane meke ??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!