Bullet Head (2017) බල්ලොත් දැක්කා මේ වගේ බල්ලො නොදැක්කා

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ තවත් පට්ටම බයිස්කොප් එකකින් තමයි ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක මුලසිටම හොඳ කුතුහලයකින් නැරඹීමට හැකියාව තියෙන බයිස්කොප් එකක්. මේකේ සම්පුර්ණ කථා කෑල්ලම දිව යන්නෙ කට්ටකයිරාටික හොර සැට් එකක් වටා. මේ පට්ට පතුරු බයිස්කෝප් එකට IMDB දර්ශකයේ 5.2 ක අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කථා නැතිව මෙකේ ස්ටෝරිය දිහාවට යමු.

මේකේ ස්ටෝරිය ගැන කියනවානම් හොරු තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන් නගරයෙ තැනකින් පොඩි ගේමක් ගහලා සේප්පුවක් උස්සගෙන පැනලා යමින්ගමන් තමයි ඉන්නෙ හෑබැයි පොඩ්ඩක් විතර වැඩේ ගැස්සිලා පොලිස් මාමිලත් මෙවුන් පස්සෙ එලවන ගෙන එමින් ගමන් තමයි ඉන්නෙ පැනලා එන අතර තුරදි පොලිස් අංකල්ට තද වෙලා තියෙන වෙඩි පහරකින් මෙවුන්ගේ රියදුරු උන්නැහේ මිය යනවා. ඒ සිද්ධියත් එක්කම මෙවුන්ගේ කාර් එක නගරයේ දුරකින් පිහිටි පැරණි ගොඩනැගිල්ලක් ගාවට ගිහින් තමයි නවතින්නෙ. ඔවුන්ට පොලිස් මාමිලගෙන් බේරෙන්න ඕන නිසා. මේ හොරු තුන්කට්ටුව ඒ ගොඩනැගිල්ල ඇතුලට රින්ගනවා, ඇතුලට පතබැවුනාට ඒ ගොඩනැගිල්ල මොන වගේ තැනැක්ද. එතන මොන වගේ දේවල් වලට යොදා ගන්න තැනැක්ද. අඩු තරමින් ඔවුන් ඉන්න තැන ගනවත් මෙවුන්ට කිසිම අවබෝධයක් නැහැ . ඔවුන් ගොඩනැගිල්ල පොඩි සර්ච්පාරක් දාන්න හිතාගෙන බෙදිලා වෙන වෙනම යනවා.

මට කස්ටිය හදුනවා දෙන්නත් බැරිවුනානෙ ස්ටෙසි ,වෝල්කර්, තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා.  ඔවුන්ගේ කණ්ඩායමේ නයකායා වෙන්නෙ ස්ටෙසි. වෝල්කර් ඔහු පොඩ්ඩක් විතර වැඩියෙන් කියවෙන කෙනෙක්. පොඩි එකා පොඩ්ඩක් විතර මොලේ අවුල් හාදයෙක් ඔවුන් ගොඩනැගිල්ල ඇතුල පරික්ෂා කොරන් යද්දි ගොඩනැගිල්ල අතුලෙන් තඩි බල්ලෙක් මතුවෙනවා. ඔවුන් බල්ලව දකිද්දිත්. ඒ කලු බලු තඩියා මිනිහෙක් ගේ රස බලමින් තමයි ඉන්නෙ. ඒ සිදු වීමත් සමගම ඔවුන් ගේ බලාපොරොත්තු සියල්ලක්ම වගේ විනාශ වෙනවා තව දුරටත් මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ . ඔයාලම හොයා ගන්නකෝ මේ ගොඩනැගිල්ල මොනවගේ තැනැක්ද, එතන මොනවගේ දේවල් වලට යොදාගන්න තැනැක්ද, මේ හොරු තුන්කට්ටුවට පණ පිටින් එළියට පැනගන්න හැකියාව ලැබේවිද කියලා. ඒ බල්ලන් මොනවගේ ජාතියේ එවුන්ද කියලා.

Antonio Banderas. ඔයාලා හැමෝම ඔහු ගැන දන්නවනේ. Desperado සුපිරි වැඩකරු හැබැයි ඔහු මෙකේ එතරම්ම හොඳ කෙනෙක් නෙමෙයි ඒ මොකද කියලා ඔයාලට බලද්දි තේරිවි, මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඉක්මණින්ම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 707p | 787MB | YIFY |

7C4B26C3EE0CB008E6D23B6B2D816BBC3DCD50A3

 Direct Downloa

| BluRay | x264 | 480p | 408MB |

| BluRay | x264 | 720p | 787MB | YIFY |

| BluRay | MkvCage | 720p | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Bullet Head (2017) බල්ලොත් දැක්කා මේ වගේ බල්ලො නොදැක්කා

  • February 6, 2018 at 15:07
    Permalink

    ම්ම්ම්ම්ම්ම්ම්ම්

    Reply
  • February 7, 2018 at 02:37
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!