Call Me by Your Name (2017) | දුක සතුට උරුම සීමා නැති ආදරය..(18+)

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්, පිටින් බලනා කෙනෙකුට දෙදෙනෙකු අතර ඇති ආදරය පිස්සුවක් වගේ පෙනෙන්නට හැකි… මොකද කියනවා නම් ආදරය කියන්නේ එක රාමුවක සිරගත කල හැක්කක් නොවෙයි. ඔබ ආදරය වෙනුවෙන් කරලා දේ මම නොකරනවා වෙන්නට පුළුවන්… මොකද මගේ කෝණයෙන් ඒ ආදරේ නොවන නිසා… නමුත් මගේ ආදරයේ අඩුපාඩුවක් තියේ ද? අන්න එතන දී තමයි හැමෝටම පොදුවෙන ආදරයට විවිධ අරුත් එක්කාසු වෙන්නේ.

අද සමාජයේ අපි විවිධ ප්‍රභේදයේ ආදරයන් දකිනවා, මේ කතාව ශ්‍රීලංකාවට ලොකුවට අදාළ නොවෙන්නත් පුළුවන්, නමුත් අපි ජිවත් වෙන සමාජය ගැන අපි දන්නේ මොනතරම් අල්පයක්ද ? ඉතින් එහෙව් සමාජයක මේ චිත්‍රපටයේ කතාව වැන්නක් දේ සිදුවෙන්නේ නැහැ කියන්නට අපිට හැකියාවක් නැහැ… එහෙම සිදුවුන පමණින් එය හෙලා දකින්නට අපිට අයිතියක් ඇත්තෙත් නැහැ, ඒ අපේ ආදරයේ කෝණය නොවෙන්නට පුළුවන් නමුත් තවත් කෙනෙකු ඒ ඔහුගේ කොණයම කරගෙන වෙන්නට පුළුවන්….

1983 උතුරු දිග ඉතාලියේ ජීවත්වෙන එලියෝ වයස අවුරුදු 17 ක තරුණයෙක්, වයසත් එක්ක ඔහුගේ හැඟීම් මුහුකුරා ඉස්මතුවෙන කාලයක් මේක… ඔහු සංගීතයට ලැදි තරුණයෙක්, ඔහුගේ පියා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක්, ඔහුගේ මවත් එවැනිම උගත් රට තොට ලෝකය පිලිබඳ අවබෝධයක් ඇති කාන්තාවක්. හැම අවුරුද්දකම ගිම්හාන නිවාඩුව ඔවුන් ගත කරන්නේ උතුරු දිග ඉතාලියේ ඔහුන්ගේ නිවහනේ… විවේකයෙන් කාලය ගෙවන එලියෝගේ ජීවිතය වෙනස් වීම ආරම්භ වෙන්නේ හැම ගිම්හානයකම වගේ මෙවරත් ඔවුන්ගේ නිවසට පැමිණෙන අමුත්තා නිසාවෙන්. මෙවර ඔහු නමින් “ඔලිවර්” ඇමරිකානු ජාතිකයෙක් වන ඔහු පුරාවිද්‍යාව හදාරන්නෙක්… එලියෝ ඔහුට කොහොමවත් කැමති නොවුනත් කාලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව මුහුකුරා යන ආකාරය… ඒ එක්කම සතුට, දුක, වේදනාව ජිවිතයට පාඩම් කියා දෙන හැටි ගැන තමයි මේ ලස්සන ආදර කතාව…
මේ කතාව හැමෝටම නොවෙන්න පුළුවන් නමුත් ඔබ කිසිවෙකුගේ කෝණයකට කොටු නොවී සිනමාව සිනමාව ලෙස අත්විදින්නට කැමති අයෙකු නම් මේ ඔබට අගනා කතාවක් වේවි…

André Aciman විසින් 2007 දී ප්‍රකාශයට පත් කරන ලද Call Me by Your Name කෘතිය ඔවුන්ගේ ගිම්හාන ආදරයෙන් ආරම්භව වසර 20ක් වගේ කාලයක් පුරා ජීවිතය ගැන සටහන් තබනවා නමුත් මෙම සිනමා නිර්මාණයට පාදක කොටගෙන තිබෙන්නේ ඔවුන්ගේ 1983 ආදරබර ගිම්හානයේ අත්දැකීම් පමණයි… නමුත් මෙම සිනමා පටයේ අතිසාර්ථකත්වය සමඟම අපිට මෙම කතාවේ ඉතිරි කොටසත් දැකගන්න ලැබෙන බවට ආරංචි. අධ්‍යක්ෂණය Luca Guadagnino ගෙන්, ඔහු තමයි A Bigger Splash (2015) අපි වෙත ගෙන ආවේ. පිටපත නිර්මාණය වෙන්නේ James Ivory අතින් ඔහු තමයි මින් පෙර මෙවැනිම නිර්මාණයක් වූ Maurice (1987) පිටපත සකස් කරන්නෙත් ඊට අමතරව A Room with a View, The Remains of the Day, Howards End වගේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කර තිබෙන්නේත් ඔහුයි.

එලියෝ ලෙස Timothée Chalamet තමයි රංගනයෙන් එක්කාසු වෙන්නේ ඔහු මේ වසරේ බොහොම කතා බහට කල් වුන සම්මාන උළෙලවල බොහොම ඉදිරියෙන් ඉන්නා නැගී එන තරුවක්. ඔලිවර් ලෙස එක්කාසු වෙන්නේ Armie Hammer. එලියෝගේ පියා ලෙස විශිෂ්ඨ රචිත නිරුපනයක් එක්ක Michael Stuhlbarg මෙම සිනමා කෘතියට අරුතක් එක්කාසු කරනවා. මේ වනවිට IMDB මීටරයේ 8.4 ක් වගේ ඉහල අගයක් එක්ක වසරේ චිත්‍රපටය, හොඳම නළුවා හා සහය නළුවා ඇතුළු Golden Globe සම්මාන 3ක් වෙනුවෙන් නාමයෝජනා ලබා ඇති මේ සලරුව අනිකුත් සම්මාන 37ක් දිනාගෙන තවත් සම්මාන 104 ක් වෙනුවෙන් නාමයෝජනා ලබාගන්නත් සමත් වෙලා තියනවා. TOMATOMETER නරකම නැහැ 97%

අපේ රොයිලි අයියාගේ “ආයේ මේ පැත්තේ ඇවිත් සබක් දාමුද ?” මැසේජ් එක නරක වෙලාවකට වැටුන එකේ ප්‍රතිපලයක් තමයි මේ උපසිරැස.. ඒ ටිකේ මේක දෙපාරක් වගේ බලලා සෙට් වෙලා උන්න නිසා වෙන එකෙක් ලේසියෙන් කරන්නෙත් නැනි නිසා කරලා දැම්මා ඉතින්, අඩුපාඩු තියනවා නම් සමාවෙන්න… ආ… ලැබුවා වූ 2018 වසර කිරියෙන් පැණියෙන් උතුරන හොඳ ගුණාත්මක සිනමා නිර්මාණ දකින්න ලැබෙන වසරක් වේවායි කියාත් පතන ගමන්, බොහොම ස්තුතියි රොයිලි අයියේ… ඔබ සැමට ජය !!!

අපි අපේ ගොඩක් දේවල් උගුලා දමනවා
ඉක්මනින් හොඳ වෙන්න කියලා හිතාගෙන…
අවුරුදු 30 වෙනකොට අපි බංකොලොත් වෙලා යනවා…
අලුත් කෙනෙක් එක්ක, අලුතෙන් යමක් පටන් ගන්නා
වාරයක් පාසාම අපිට ඒ කෙනාට දෙන්න තියන දේවල් අල්ප වෙනවා.
නමුත් තමුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙන්න…
කිසිම දෙයක් නොදැනෙන්න…
මොන අපරාධයක් ද?!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDSCR | 720p | MkvCage | 750MB |

DA8CC8B54EA4EA9A1C2B324D2B94B3F67910A6BB

 Direct Download

| DVDSCR | 720p | MkvCage | 750MB |

| DVDSCR | 720p | x264 | 500MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Call Me by Your Name (2017) | දුක සතුට උරුම සීමා නැති ආදරය..(18+)

  • January 31, 2018 at 03:39
    Permalink

    thanks…………………..good luck……………………

    Reply
  • April 23, 2018 at 08:15
    Permalink

    Room (2015) film aka dennako..please

    Reply
  • March 3, 2019 at 12:59
    Permalink

    Gods own country kiyana film eka denna puluvanda? Ekeh me vage theme ekk thiyenne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!